Tuesday, October 11, 2011

සරසවියෙන් රැකියාවට...රැකියාවෙන් රැකියාවකට....

කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න හිතුනා. ජීවිතේ අත්දැකීම් එකතු වෙද්දි මට හිතෙනවා මොනවා හරි ලිව්වොත් කාට හරි ප්‍රයෝජනයක් තියේවි කියලා. ඒක නිසා මම ලියන්න ආයෙත් පටන් ගන්නවා. සරසවියෙදි මට නිතරම හිතුනු දෙයක් තමා දැන් ඉගෙන ගත්තා ඇතිනෙ රස්සාවක් කරන එක තමයි හොඳම දේ විදියට. ඒක නිසාම අන්තිම අවුරුද්දෙ උත්සහ කලේම රැකියාවක් සඳහා ඕන වෙන සුදුසුකම් සපුර ගන්න එක.

හිතේ තිබුනු ආසාවට හරියන ජොබ් එකක් හොයාගන්න එක නම් අමරු වැඩක් කියල තේරෙන්නෙ රස්සාවල් හොයන්න ගියාම. එහෙම උනාම වෙන්නෙ හම්බෙන එක කරගෙන ඉන්න තමා. ඒත් මම නම් උත්සහ කලේම මම කැමති සහ ආසාව තිබුනු තැනට යන්නම තමයි. ඒක හින්දම ජොබ් දෙකකින්ම අයින් උනා. ඒක වැරදි වැඩක් තමයි. ඒත් අපි ජීවිතෙ වටිනාම කාලයෙන් වැඩිම හරිය ඉන්න තැන තමයි එතන. ඉතින් හිතේ කැමැත්තක් නැතුව ඉන්න එක තේරුමක් නැ ඊට වඩා අවස්ථාවක් තියෙනවනම්.


මොනාවා උනත් අපි කැමත්තෙන් ඉන්න ජොබ් එක සමහරවිට අපි හිතන එක නොවෙන්න පුලුවන්. ඒකට හේතුව අපි ඒක කරලා නැති නිසා ඒ ගැන හරියටම දන්නෙ නැති එක. තවත් දෙයක් වෙන්නෙ එකම ජොබ් එක උනත් තැන අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්. කොහොමත් ඒ කාරණාවෙදි නම් ඕනම කෙනෙක් අසරණ වෙනවා. ඒ වෙලාවට හැමතැනම එකම විදිය තමයි කියල හිත හදාගෙන වැඩ කරන අය තමයි මට ගොඩක් හම්බවුනේ.


රැකියාවෙදි අපි බලාපොරොත්තු වෙන දේ සහ අපිට ලැබෙන දේ අතර ඇති වෙනස අඩු කරගන්න පුලුවන් කොහොමද. ඒ ගැන අත්දැකීම් ඇති නැති හැමෝටම මේ සංවාදයට එකතු වෙන්න කියල ආරාධනා කරනවා.