Tuesday, February 1, 2011

සරසවියෙන් රැකියාවට....2

කාලෙකට පස්සෙ ලියන්න සෙට් වුනේ. වෙලාවක් නැතුවත් නෙවෙයි කැම්පස් එකෙන් ආවට පස්සෙ නිදහසේ ලියන්න හිත හදා ගන්න ටිකක් අමාරුයි. ලියන්න දේවල් නම් ගොඩයි. පලවෙනි කොටසෙ ලිව්වෙ අපි කොහොමද සරසවියට සමු දුන්නෙ කියලනෙ. අද ලියන්න හදන්නෙ රැකියාවක් ලැබීම සහ ඒ වටා ගොඩ නැගෙන අලුත් ජීවිතේ ගැන.

කැම්පස් එකෙන් out වෙද්දිම job එකක් සෙට් උනොත් හොඳයි. නැත්නම් ඉතින් පට්ට කට්ටක් කන්න වෙනවා. ඒක ඉතින් කාලම බලන්න ඕන කට්ටක්. කැම්පස් ඉද්දි ගෙදරින් ලැජ්ජාවක් නැතුව කීයක් හරි ඉල්ල ගන්න පුලුවන්, අනික ඉතින් කොහොමහරි හාල් වෙවී කාලය ගත කරගන්නත් පුලුවන්නේ. මට නම් තිබුනු ලොකුම අවුල නිකම් මාසයක් ඉන්න වුනු එක. මගෙ ජීවිතේ වැඩිම කාලකන්නිකමක් දැනුනු කාලය ඒ මාසෙ කිව්වොත් හරි. හැබයී තිත්ත වෙනකල් interviews ගියා. ඔහොම ඉද්දි ඔන්න මට පොඩි garment factory එකකින් කතා කලා. මාත් ගියා ඉතින්. ගියපු පලවෙනි දවසම මට නම් හොදටම අවුල්. මොනවා කරන්නද certificates ටිකත් HR එකෙන් ඉල්ලගත්තා. මට අල්ලන්නෙම නැ. දෙවෙනි දවසෙත් ගියා. හොඳ වෙලාවට මට සෙට් උනු Boss සිරාම ඩයල් එකක්. මම ටිකෙන් ටික මගේ objective එක කිව්වා. හරි මල්ලි උඹට අවුල් නම් වෙන තැනකට ගියාට අවුලක් නැ. certificates දෙන්න කියල මම කියන්නම්. අම්මෝ දෙවෙනි දවසෙ මම ආවා. මොනා උනත් එතන මනුස්සකම උතුරපු මිනිස්සු ටිකක් නම් හිටියා.


මොනා උනත් ආයෙත් ජොබ් එකක් නැතුව මට ඉන්න උනා. අයෙම interviews, මට දැන් තිත්ත වෙලා මේ ජීවීතේ. මොකද ගොඩක් අය කරන්නෙ හම්බෙන්නෙ මොකක්ද ඒකම බදා ගෙන කරන එකනි. මට එහෙම හරියන්නෙ නැ. කොහොමහරි ආයෙත් කරුමක්කාර දවස් ගානක් ගෙවන්න උනා. යාළුවො job වලට යද්දි බෝඩිමට වෙලා අහස දිහා බලන් ඉද්දි මට හිතුනු දේවල් ඊළඟ එකෙන් :)

Sunday, December 26, 2010

බස් කවියක්.....

නැග්ගෙ බස් එකට
යන්න හනිකට
ටිකක් දුරකට....


හැමදාම වගේ
හිරවෙනවා කිටි කිටියෙ
බස් එකේ සෙනඟ හොදටෝම...

කාලෙකින් නාලා නැති
මිනිස්සුන්ගෙ හපුටු ගඳ...
කට්ට අවුවට රත්වෙලා බස් එක
තෙත්වෙලා මුලු ඇඟම...

මගදි නැගපු නOගි කෙනෙක්
හෙමි හෙමිට ඇවිදිල්ලා මO ලඟටම
ඇවිස්සුනු කොලු හිතට
මO මක් කොරන්නද...

කිසිවක් නොදැනුනු ගානටම සිටි ඇය...
බහිද්දී හැරී බලලා හොරෙන්
සිහින් මදහසක් පාලා ගියා...

(පද වැල් නා ..මලෙන්)

Monday, November 22, 2010

සරසවියෙන් රැකියාවට....1

මට මතක් වෙන්නෙ campus life එකේ අන්තිම දවස. ඒක මැරෙනකල්ම අමතක වෙන්නෙ නැති බව ඒ වෙලවේ ඇස්වල කඳුලු පුරෝගෙන අඬපු හැම එකෙක්ම දන්නවා. ඒ කඳුලු ගැලුවෙ අපේ ඇස් වලින් නෙවෙයි පපුවෙන් කියලයි මට ඒ වෙලවෙ දැනුනෙ. ඒකයි සමහර කොල්ලොන්ට අඬන එක නවත්තගන්න බැරි උනේ. උදේ ඉඳන් හවස් වෙනකල්ම හැම එකෙක්ම තමන්ගේ සිතුවිලි වචන බවට පෙරලලා ගතවුනු අවුරුදු 3,4 ගැන කියද්දි කාටවත් වෙන්වීමක් ගැන දැනුනෙ නැ. ඒත් තල් වැට අවටින් ගොම්මන් කලුවර වැටෙද්දි හැම එකෙක්ගෙම හදවතට දැනෙන්න ගත්තා මේ අන්තිම මොහොත නේද කියල. අවුරුදු 3 කටත් වඩා විදින්න පුලුවන් හැම දුකක්ම විඳපු මොන තරම් කට්ටක් කැවත් ගස් ගල් වගේ හිටපු කොල්ලො පුන්චි එවුන් වගේ ඇඬුවා කිව්වාම විශ්වාස කරන්න පුලුවන්ද?. ඒ තමයි සැබැ සහෝදරත්වය. අපිට නොදැනි අපේ හිත් ඇතුලෙ අපි ගැනම තිබුනු ආදරය.


campus එකේ ඉද්දි මට හිතුනෙ වෙන ඕනම කට්ටක් කැවත් මේ life එක හොඳටම ඇති කියලා. හැබැයි out වෙලා සතියක් යද්දි තේරෙනවා campus එක කියන්නෙ සුර ලොවක් කියන එක. ඒ එලියෙදි අපි university student කියන T shirt එක ගැලෙව්වට පස්සෙ අත්දකින දේවලුත් එක්ක. Job එකක් හම්බෙන්න නම් ඒ වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීමක් කරන්න වෙනවා. ඒ මහන්සිය සමහරවිට අර අවුරුදු 3 ටම වඩා අමාරු එකක් වෙන්න පුලුවන්. මොනාවුනත් out උනාට පස්සෙ ගොඩාක් අයට තියෙන මූලිකම ආසාව වෙන්නෙ රැකියාවක් කරන එක. අපේ රටේ තමන් කරපු degree එකට ගැලපෙන රැකියවක් හොයාගන්න එක පහසු කටයුත්තක් නොවන විත්තිය හැමෝම දන්න කාරණයක්. මේ දවස්වල රැකියා හොයන්න ගිහින් වෙන සමහර දේවල් ගැන අත්දැකීම් ඔබටත් ඇති.


ඉතිරිය තවත් කොටසකින්... :)