මම මේ අපි බස් වල ගමන් කරද්දි විදින්න වෙන වින්නැහිය ගැන කීප ගමනක්ම ලියන්න හිතා ගෙන හිටියට මොකද ලියනවා තියා ලියාපු එකක් බලන්නවත් නෑනේ ඉතින් වෙලාවක්. අපිට කැම්පස් ඉද්දි තිබුණු නිදහස නම් කියන්න වචන නෑ. දැන් ඉතින් උදේම නැගිටල ඔෆිස් දිව්වා. හැමදාම කරන දේවල් ටිකම කලා. රෑ වෙලා ගෙදර එනවා.
බස් ගැන කතා කරද්දි කතා කරන්න දේවල් ගොඩක් තිබුනට, මට ඕනේ දුර ගමන් සේවා සපයන බස් වල දාන සින්දු ගැනයි ඒවයෙ යද්දි වෙන අකරතැබ්බ සහ කෑම ගන්න නවත්තන ස්ථාන ගැනයි කතා කරන්න.
බස් එකට නගිනකොට කියනව සීට් තියෙනවා නගින්න නගින්න කියල. ඊට පස්ස්é ටිකට් එකත් දෙනව අතට. සල්ලිත් දීල හිටගෙනම යනවා සෑහෙන දුරක්. අපෙ රටේ මිනිස්සු අනිත් එකාගෙ කකුල් කැඩුනත් මොකද කියලා වාඩි වෙලාම ඉන්නවා ඇර නිකමටවත් සීට් එකක් බෙදාගෙන පුරුද්දක් නෑ. සමහරු වාඩි වෙලාම ගිහින් කකුල් රිදෙනවට ටිකක් හිටගෙනත් වාඩි වෙනවා. ඒ ලඟම තව මනුස්සෙයෙක් එච්චර දුරක් හිටගෙන ඇවිත්කෙලින් ඉන්න බැරුව ඉන්නවා. එත් සීට් එකක් බෙදගෙන පුරුද්දක් නෑ.
ඒකෙ තියෙන දුකම හිතෙන දේ තමයි දෙන්නම ගෙවලා තියෙන්නෙ එකම මුදලක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ. හැමෝටම දුර ගමන් සේවා බස් රථ වලදි කිසියම් දුරක් ගියාම හිටගෙන ඉන්න අයටත් සීට් එක හුවමාරු කරගෙන යන්න පුරුද්දක් ඇති කරන්න ඕනේ.
ඊට පස්සෙ වෙන ලොකුම කරදරය තමයි බස් එකෙ කොත්තු සංගීතය විඳින්නට සිද්ධ වෙන එක. මේක තනිකරම මනුස්සෙයෙක්ට නිදහසෙ ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක්. කිසිම බස් එකක කලාත්මක ගීත අහන්න ලැබෙන් නැ. ඉතින් මේකෙ ගමන් කරන බොහෝ දෙනෙක් අමාරුවෙන් තමයි ඕවා අහගෙන යන්නෙ.
හොදම දේ තමයි බස් රථ වලදී භාවිතා කරනු ලබන තැටි සඳහා ප්‍රමිතියක් ඇති කිරීම. එය සමාජයේ යහ පැවැත්ම උදෙසා හුදෙක් බලපාන්නක්.
තවත් බරපතල කාරණයක් තමයි බස් ගමන් අතරතුර මගීන්ට තේ සහ ආහාර පාන ලබා ගැනීමට නවවත්වනු ලබන ස්ථාන. කිසිදු පිරිසිදුකමකින් තොර වූත් කිසිදු නැවුම්භාවයකින් තොරවූත් ආහාර සම්මත මිල ගණන් ඉක්මවා විකුණන තැන් වලමයි බස් එක නවත්වන්නෙ. මේවා ගැන වගකිව යුතු අංශ ඒ දෙස නොබැලීම පුදුමයට කරුණක්..
නොමිනිස්කම් මැද.. අතරමං වූ ජීවිතයේ... යථාර්තය සොයා යන.. නොනිමි ගමනක.. පිය සටහන්....
Friday, December 27, 2013
Saturday, August 31, 2013
සෙංකොට්ටං.....
සෙංකොට්ටං.....
මේ එළඹ ඇත්තේ කියවන මාසයයි. මේ මාසෙ ඉතින් අපි කවුරුත් දකිනවා පොත් ප්‍රදර්ශණ එහෙම හැමතැනම වගෙ. ඉතින් මාත් අහම්බෙන් දැක්ක අනුරපුරෙත් එහෙම එකක් තියෙන විත්තිය. වෙන වැඩකට ගියා උනත් ආසාවටම ගියා පොත් බලන්න. BMICH යන්න හිතාගෙන උන්නත් මෙදා පොතක් දෙකක් ගන්න කියාපු තැනක් කියල හිතුනෙ හොඳම පොත් එකතුවක් එතන තිබුනු හින්දමයි. මොනා උනත් සංවිධායකයන්ට පින් අයිති වෙන්ඩ පොත් 5,6 ක්ම ගත්තා අතේ සල්ලි තිබුනු හැටියට.
පොත් ගනිද්දි ඉස්සෙල්ලම මම ගන්නෙ සිංහලේ මහ ගත් කතුවරයන්ගෙ පොත් අතරෙ මට කියවන්නට බැරිඋනු ඒවා. මාටින් වික්‍රමසිංහයන්ගෙ වහල්ලු, සයිමන් නවගත්තෙගමයන්ගෙ බාවනාව ගත්තා. ඊට පස්සෙ නවකතාවක් තෝරන ගමන් මට මතක් උනේ පැන්ඩා(ජනප්‍රිය බ්ලොග් ලියන්නකු වෙයි. ) FB දාල තිබුනු පොත් වට්ටෝරුව. කොහොමෙන් හරි මම දැක්කා සෙංකොට්ටං කියලා නමක් තිබුනු පොතක්.
ඒක ලියලා තියෙන්නෙ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන අපේ කලෙ කොල්ලෙක්. සුචරිත ගම්ලත් ශුරීන්ගේ සිත්ගන්නා සුලු විවරණයක් තිබුනා මුල් පිටුවෙම. අතරින් පතර කියවපු පිටු අතර මං දැක්කෙ අපූරු වැකි. මං ඒක ගත්තා.
සෙංකොට්ටං හරි අපූරු කතාව. නවගත්තෙගමයන්ගෙ, වික්‍රමසින්හයන්ගෙ පොත් කියවන මට අලුත් පොත් කියවද්දි එවයෙ භාෂාව ගැන දුක හිතෙනවා. කම්මැලියි. ඒත් මස් ඉඹුලයන් හරි අපූරුවට ඉතා උසස් රසාස්වාදයක් පාඨකයාට දෙන්නෙ ඔහුගේ භාෂාව හැසිරවීමේ ගුණාත්මකභාවය මොනවට පැහැදිලි කරමින්.
සෙංකොට්ටං තුලින් ගෙන එන කුල භේදය සහ ඒ නිසාවෙන් මිනිස් බවයක් ලැබූ පව ගෙවන මිනිසුන් අරඹයා අපූරු පෙල ගැස්මකුත් හුදෙක් පට බැඳීමකට එහා ගිය පර්යේෂාණාත්මක ඉතිහාසයක් මනාවට ඉදිරිපත් කර ඇත්තේ යථාර්තවාදීවය. හුදෙක් බොලඳ නවකතාවක් කියවනවාට වඩා ඉතා අනර්ග අන්තර්ගත්යක් මෙහි ඇති බව ඕනෑම අයකුට කියවීම ඇරඹූ මොහෙතේ සිටම පැහැදිලි වේ.
මේ කතාවේ එන වීරප්පුලි හේනයා, නම්බු හේනයා, බබා හේනයා, මල්ම රිදී, පොඩිනා, හීං රිදී යන චරිත මෙකලද වෙනස් වූ ස්වරූපයෙන් දක්නට ඇත. තවමත් විවාහ යෝජනා තීරුවෙහි කුලය සඳහන් කරන්නෝ බහුලය. මස් ඉඹුලයන් ඉහත කී චරිත ඉතා උසස් වූ අයුරින් විශ්ලෙෂනාත්මකව ඉදිරිපත් කොට ඇති අයුරුව සිත් බැඳගනියි.
මෙලෝ හසරක් නොදන්නවුන් ලෙසින් උදේ සිට රෑ වන තුරු සීතල කන්තෝරු කාමාර වලද ඉතිරි හරිය මත් දිය තොල ගමින් රැඩිකල් සංගීත නාද අතරෙ ගෙවෙන ජීවිතයට මොහොතක් සමු දී මස් ඉඹුලයන්ගේ සෙංකොට්ටං කියවා තමන් මේ මිනිස් බවය තුල හිඳිනා තැන ගැන අවබෝධයක් ලබන්නට ආරාධනා....
Sunday, April 21, 2013
රජරට ගොවිතැනට වෙන්න යන දේ...
අද අපේ රටේ ගොවියා ඉන්නෙ ඉතාම අසරණ තැනක. ඒකට හේතුව සරල දෙයක් නොවන වග නම් අපිට පැහැදිලියි. කාලයක් තිස්සෙ කිසිදු සැලසුමක් නැතිව ගොවිතැන සහ ගොවියා විවිධ දේශපාලන බලවේගයන්ට නතු වෙමින් අද වෙද්දි ඉතාම දුක්කිත තත්වයට ඇද වැටිලා.
මේකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ පාරම්පරිකව ගොවි කර්මය පිලිබඳව අප ගෙනා දැනුම මතු පරපුරට නොලැබී යාම සහ පැරැණි තාක්ෂණය නොගැලපීමයි.
කොහොමත් අද වෙද්දි තරුණ කොල්ලෙක්ට කුඹුරකට බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නැ. ඒකට වග කියන්න ඕනේ මේ රටේ ජඩ මාධ්ය සහ රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයයි. ගොවිතැන කියන්නෙ රජෙක් වගෙ කරන්න පුලුවන් දෙයක්. ගාමන්ට් ෆැක්ටරියක බැනුම් අහ අහ අනුන්ගෙ රෙදි මහලා අනුන්ට හම්බ කරල දෙනවට වඩා දෙයක් තමන්ගෙ බිම් අඟලක වගාවක් කරලා ගන්න පුලුවන්.
මිනිස්සු හිතන්නෙ කාගෙ හරි යටතෙ ටයි පටි බැඳන් කවුරු හරි යටතෙ කොන්ද නවා ගෙන අනුන්න්ට හම්බ කරලා දීලා ඒක වෙනුවට මාසෙ අන්තිමට හම්බෙන තුට්ටු දෙක ගැන මිසක් තමන්ගෙ සැබැ සැනසුම නෙවෙයි.
මට නම් දැන් පේන්න තියෙන්නෙ කුඹුරු වලට වතුර දීලා. ඒත් කුඹුරු කරවන්න ඕන කරන ශ්‍රමය දෙන්න කවුරුවත් නැ. ගමේ තරුණයින් රැකියවන් සොය නගර ගත වෙලා. අපි යන්නෙ කොහාටද කියලා කවුරුවත් දන්නෙ නැ.
අද මේ වෙල තියෙන හැම දෙයක්ම අපිට ආපහු හරවන්න පුලුවන්. ඒකට ඕන වෙන්නෙ නිවැර්දි අවබෝධය තුලින් හරි ආකල්ප මිනිස්සුන්ට ලබා දීමයි. එහෙම උනොත් මෙහෙම මිනිසුන් දකින්න පුලුවන්.
Saturday, March 16, 2013
අපෙ රටේ කියවිල්ල...
අපේ ලංකාව කියන්නෙ අරුම පුදුම රටක් විත්තිය හැමෝම දන්නවනෙ. මම මේ කාලෙක ඉදන් දකින දෙයක් ගැන නිතරම හිතුනු නිසා ලියන්න හදන්නෙ. ඒ අපේ රටේ කියවිල්ල ගැන. කියවිල්ල කිව්වම ඔය එක එක ඒවා තියෙනවනෙ. එහෙව් කියවිලි ගැන නෙවෙයි මේ කියන්නෙ පොත් සහ ඒ වගේ දැනුම ගන්න පුලුවන් කියවිල්ල ගැන.
මම කෝච්චියෙ යන්න ආසයි. ඔයාලත් එහෙමනෙ. ඉතින් මම ඔහොම යද්දි දකින්නෙ අපෙ රටේ මිනිස්සු කරන වැඩ. ගොඩක් අය නිදි. සමහරු පත්තරෙ බලනවා. වඩේ කනවා. ඉතින් මම දකිනවා සුද්දො එහෙමත් නැත්නම් ෆොරිනර්ස්ලා ඔය කොච්චියෙම යනවා. එත් උන් හැමතිස්සෙම පොතක් කියවනවා. ඒව අනුන්ගෙ විස්තර තියෙන පත්තර නම් නෙවෙයි. ඒක තමයි වෙනස. උන් දැනුම සොයා ගැනීමට ඇති ආශාව.
ගොඩාක් වැඩ අස්සෙ පොඩි නිවාඩුවක් හම්බෙලා මම මීගමුවේ හොටෙල් එකකට ගියා දවසක් නවතින්න. ඒකෙ වැඩිපුරම හිටියෙ සුදු ඇත්තො තමයි. මම නම් ගියෙ හොදට කාලා බීල නටලා පීනල එන්න. එහෙම තමයි උනෙත්. හැබයි මම අර සුද්දො මොකද කරන්නෙ කියලත් බැලුවා. එතන හිටපු ගොඩාක් අය ඇවිත් කලේ නිවඩුවෙ ඉන්න ගමන් පොතක් කියවපු එක. පූල් එක ලගත් පොත් බලනව. ඒ අය දියුනු වෙන්න එක හෙතුවක් වෙන්නෙ ඔවුන්ගේ ඇති නව දැනුම සොයා යෑමේ ඇති අශාව කියල මට හිතුන.
මම නිවාඩු දවසට කොහොමහරි වෙලාවක් හොයගන්නෙ පොතක් බලන්න. ඒත් අනිත් අය කාලය කන විදිය දැක්කාම මට මාර දුකයි. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න මෙච්චර අමාරු ඇයි. හේතුව ඔවුන්ගේ දැනුම අලුත් නොවීම නොවේද. කියවීමට කාලය යොදවමු. හරවත් දේ ලියමු. නව සොයා ගැනීම් අත් හදා බලමු. වෙනස් වෙමු.
මම කෝච්චියෙ යන්න ආසයි. ඔයාලත් එහෙමනෙ. ඉතින් මම ඔහොම යද්දි දකින්නෙ අපෙ රටේ මිනිස්සු කරන වැඩ. ගොඩක් අය නිදි. සමහරු පත්තරෙ බලනවා. වඩේ කනවා. ඉතින් මම දකිනවා සුද්දො එහෙමත් නැත්නම් ෆොරිනර්ස්ලා ඔය කොච්චියෙම යනවා. එත් උන් හැමතිස්සෙම පොතක් කියවනවා. ඒව අනුන්ගෙ විස්තර තියෙන පත්තර නම් නෙවෙයි. ඒක තමයි වෙනස. උන් දැනුම සොයා ගැනීමට ඇති ආශාව.
ගොඩාක් වැඩ අස්සෙ පොඩි නිවාඩුවක් හම්බෙලා මම මීගමුවේ හොටෙල් එකකට ගියා දවසක් නවතින්න. ඒකෙ වැඩිපුරම හිටියෙ සුදු ඇත්තො තමයි. මම නම් ගියෙ හොදට කාලා බීල නටලා පීනල එන්න. එහෙම තමයි උනෙත්. හැබයි මම අර සුද්දො මොකද කරන්නෙ කියලත් බැලුවා. එතන හිටපු ගොඩාක් අය ඇවිත් කලේ නිවඩුවෙ ඉන්න ගමන් පොතක් කියවපු එක. පූල් එක ලගත් පොත් බලනව. ඒ අය දියුනු වෙන්න එක හෙතුවක් වෙන්නෙ ඔවුන්ගේ ඇති නව දැනුම සොයා යෑමේ ඇති අශාව කියල මට හිතුන.
මම නිවාඩු දවසට කොහොමහරි වෙලාවක් හොයගන්නෙ පොතක් බලන්න. ඒත් අනිත් අය කාලය කන විදිය දැක්කාම මට මාර දුකයි. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න මෙච්චර අමාරු ඇයි. හේතුව ඔවුන්ගේ දැනුම අලුත් නොවීම නොවේද. කියවීමට කාලය යොදවමු. හරවත් දේ ලියමු. නව සොයා ගැනීම් අත් හදා බලමු. වෙනස් වෙමු.
Sunday, December 30, 2012
මා කියවූ විරාගය...
මා කියවීම හුරු කර ඇත්තේ පෙර පුරුද්දකටයැයි මට සිතෙයි. මා ඒ තරම්ම කියවීමට ඇලුම් කරන්නෙකි. මට කියවිය යුතු දෙ තෝරා බේරා දීමට කිසිවකු නොසිටියෙන් මා රිසි සේ අතට හසු දේ කියවන්නෙක් වී සිටියෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම කාලය සීමිත වී ඇත. අද මා කරන්නෙ මට අවශ්‍ය දේ නොව මුදල් ඉපයීමට අවශ්‍ය දේවල්ය. එහෙයින් ම හැඟි සේ කටයුතු කෙරෙන්නෙ එහෙමත් නිවාඩු දවසකය.
කාලයකට පසු නැවතත් කියවීම ඇරඹූ මා සයිමන් නවගත්තෙගමයන්ගේ කෘති කීපයක් කියවීමෙන් අමන්දානන්දයට පත් වූයෙමි. ඔහුගේ පොත් පිලිබඳව පසුව සටහනක් තබන්නට සිතා සිටියත් එම කෘති කීපයක්ම බෝඩිමේ අමතක වූයෙන් එය පසුවට කල් තැබුවෙමි. මේ අතර මා කැලණි සරසවි දොරටුව අසලින් වෙනදා මෙන්ම පොත් දකිද්දී "විරාගය" දුටුවෙමි. මා කලක් තිස්සෙ කියවන්නට සිටි පොතක් බැවින් එය මිලට ගත්තෙමි.
මාටින් වික්‍රමසින්හයන් යනු කොතරම් හසල නුවණකින් යුක්ත වූවෙක්දැයි මට සිතා ගත නොහැක්කෙ මා ඔහු අනුමාන කරන්නට තරම් උගතෙකු නොවන බැවිනි.එහෙත් මා ඔහුගෙ පොත්වල පිටු අතර අතරමං වූ සැටියෙන් ඔහුගේ දැනුම අබියස මා ළදරුවෙකු වූ බව කිව යුතුය. මම මගේ ජීවිතය අධ්‍යනය කරමි. එලෙසම මා වටා ජීවත්වන සීමිත වූ පිරිසකගේද ජීවිත දෙස සංසන්දනාත්මකව බලන්නට පුරුදු වූයෙක්මි. කියවන විටද බොහෝ දේ කියවන්නට පෙර මේ ලෙස විය යුතු යැයි සිතන්නට හුරු වූවෙක්මි.
විරාගය කියවන විට නම් මා හට දැනුනේ මා ජීවිතයක් තුල අතරමන් වී ඇති අයුරක්ය. වෙනදා එක දිගට පොතක් කියවන මා විරාගය කියවන විට නම් මගින් මගට කියවීම නවත්වා දින ගණන් සිතන්නට වූයේ මා ගැන සහ මා අවට දකින මිනිසුන්ගෙ ජීවිත ගැනය. මා එවැනි කුතුහලය දනවන කෘතියක් මීට පෙර කියවූවේ නම් ඒ සයිමන් නවගත්තේගමයන්ගේ කෘති තුලිනි.
ඒ සියල්ල අතරින් විරාගය නම් අති සුවිශෙශී එකකි.
"මගේ පියා කළ කී ඇතැම් දේ වටහගැනීම මට නම් අමාරු කාරියක් නොවී ය. ඔහු ඉඳ හිට නොව නිතර කළ බොහෝ දේ මට දැනුදු තේරුම් ගත නොහැකි ය. ඔහු බඩුවක් මිලටගැනීමට ගොස් බෙහෙවින් හෙට්ටු කරයි. සත තුනකැයි නියම කරනු ලැබූ බඩුව වුවද ඔහු පළමුව සතයට ඉල්ලයි. දෙවනුව සත දෙකට ඉල්ලයි. ඔහු ඉල්ලන අවසාන මිලට නුදුන්නොත් ඒ බඩුව සත් තුනට නොව සත තුන හමරට වුවද අනික් තැනින් ගනියි. එක වෙළෙන්දකු සත විසිපහට විකුණන බඩුව තවත් එකකු සත විස්සට විකුණුවද දෙවැන්නගෙ බඩුව ඔහු නොගනියි. "
මා බොහෝ විට දකින පොත් ලියන කතුවරුන්ගේ දකින එකාත්මික බවක් මෙහි එන චරිත තුල දකින්නට නොමැත. තවද ඒවා කිසිවිටෙක කල්පිතයක් ලෙස දකින්නට ඇවසි නැත. ඒවා ප්‍රායෝගිකය. ඔහු අරවින්දගේ චරිතය ගොඩ නගන්නේ තවත් අයෙකුට ඉන් එහාට එම චරිතය ගැන හිතන්නටවත් ඉඩක් නොතිබෙන ලෙසයැයි මට හැඟේ. ඔහු මෙහි එන සියලු චරිතවල සැබෑ ලෙස ජීවත් වී ඇති සෙයක් පාඨකයාට දැනේ.
මෙහි ආරම්භයත් අවසානයත් මනරම්ය. සුන්දරය. විශිෂ්ටය. සිත් බඳින සුලුය. අරවින්ද අවසානයෙදී මෙලෙස කියයි.
" මනුෂ්‍ය ගති විනිශ්චය කළ හැක්කේ බොහෝ කල් ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීමෙනියි මට හැඟේ. මා පසලෙහි උගන්නා කාලයෙහි මනුෂය ජීවිත්ය පිලිබඳ මේ අත්දැකීමෙන් හතරෙන් පංගුවකුදු මා සතු වී නම් මගේ ජීවිතය කොතරම් වෙනස් වන්නේද?. "
" මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූකලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ. "
ඇතම්හු පවසන පරිදි මෙම නවකතාව මෙතෙක් සිංහලයෙන් පහල වූ විශිෂ්ඨතම නවකතාව යන විචාරය හා මාද එකඟ වන්නේ මෙතක් මා ජීවිත්යේදී ලබා ඇති අත්දැකීම් අනුවයි.
ඇතම්හු පවසන පරිදි මෙම නවකතාව මෙතෙක් සිංහලයෙන් පහල වූ විශිෂ්ඨතම නවකතාව යන විචාරය හා මාද එකඟ වන්නේ මෙතක් මා ජීවිත්යේදී ලබා ඇති අත්දැකීම් අනුවයි.
අපි හුදෙක් සිංහලයෝ බැවින් මෙතෙක් කිසිවෙකු විරාගය කියවා නැතිනම් කියවන්නට ආරාධනා කරමින් සමු දෙමි.
Wednesday, August 1, 2012
සංචාරක විත්ති ( කලා වැව 1 )
සරසවියෙන් රස්සාවට ආවට පස්සෙ ඒකත් එක්කම දවස් ගෙවිලා යනවා ඇර වෙනස් දෙයක් කරන්න තියෙන කාලයත් අවස්ථාවත් හරි අඩුයි කියල තේරෙන්නෙ දැන් තමයි. ඒ උනාට අපි වාසිටි උන්නු කාලෙ කරපු දේවල් ගැනයි ගියපු තැන් ගැනයි දුකක් නැතිව සතුටු වෙන්න පුලුවන්. පොතේම ඉන්නවට වඩා අපි යමක් කලා කියන සතුට දැනෙන්නෙ එලියට ආවට පස්සෙ.
කොහොම හරි මට දැන් තියෙන ලොකුම ආසාව තමයි ගවේශනාත්මකව අපේ අතීතය සහ වර්තමානය දකින එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ උනාට මිනිස්සු විදියට අපි හැමෝම එකේක දේවල් හොයන්න ආසයිනෙ.
මීට කලින් අපි ගියපු හැම සංචාරයක්ම ගිහින් ආවට පස්සෙ මට ලියන්න හිතුනත් ඒකත් කාලයත් එක්කම ගිලිහිලා ගියා. අද පෝය දවස නිසා නිදහසේ හිත එහෙ මෙහෙ යවන්න පුලුවන්. ඔෆිස් අදින ඇඳුම් ටිකත් හරි නිසා මොනව හරි ලියන්න හොඳ දවසක්. නිකිනි හඳ පායලා ගණ අඳුර නැති වෙලා ගිහින්. විටින් විට පොඩි සුලඟක් හැමුවට ඒකත් දවල් වැටුනු අවුවට රත් වෙලා තියෙන ගස් කොලන් අතරින් හමන නිසා වෙන්න ඇති තාමත් උනුසුමක් දැනෙන්නෙ.
මේ ගමනට එකතු උනේ මාත් එක්ක තව ඔෆිස් එකේ වැඩට උදව්වට ඉන්න මදුෂාන්. මදුශාන් රස්සාවට ආපු දවසෙ ඉදලා හොදට වැඩ කරනවා. මිනිහ ගෙදරටත් ගොඩක් උදව් කරන කෙනෙක්. මමත් ගමනක් යන්න හිතුනම ඒක මට ඕන විදියට යන්න නැත්නම් වැඩක් නැති නිසාම ගමනට මදුශාන්ව එකතු කර ගත්තා. අපි ගමන පටන් ගන්නෙ මහව නගරයෙ සිට කලා වැවට යන්න. කොහොමෙන් හරි මදුශාන් උදේම එන්න කිව්වට ආවෙ පරක්කු වෙලා. බස් ස්ටැන්ඩ් එකේ අන්කල් කිව්වෙ ආයෙත් කලා වැවට බස් එකක් තියෙන්නෙ 10 ට කියල.
මොනව කරන්නද තව පැය දෙකක් විතර තියෙනවා ඊලඟ බස් එකට. අපි ලඟ පාත කීප දෙනෙක්ගෙන්ම බස් එක ඇරෙන්න යන්න විදියක් ඇද්ද කියල. ස්ටේෂන් එකටවත් ගිහින් බලන්න කියල උපදෙස් ලැබුනු නිසාම අපි කෝකටත් කියලා ලන්කාදීප පත්තරේකුත් අරන් ස්ටේෂන් එකට ගියා. කෝච්චියත් උදේම ගිහින්. කිසිදු සැලැස්මක් නැතිව ගමනක් යන්න ආවම ඔහොම තමයි. අපි ඉන්නෙ ගමක විත්තිය මටත් අමතක වෙලා.
මට දැන් මදුශාන් ගැන හොදටම තරහයි. ඇයි යකො මූ උදේම ආවෙත් නැ ඒ මදිවට මූ ගමේ වෙලත් බස් එකක් කොච්චියක් තියෙන වෙලාවක්වත් දන්නෙ නැනෙ. අපි වගෙ නෙවෙයිනෙ. එක අතකින් මූත් පව්. අපි කැම්පස් ගියෙ කාගෙන් අහගෙනද. ඒ හින්දම වෙන්න ඇති අපිට මේ ලංකාව පොඩි රටක් කියලා දැනෙන්නෙ. කොහොම හරි අපි බස් එක එනකල් ස්ටේෂන් එකට වෙලා පත්තරේ බැලුවා. පත්තර වලත් තියෙන්නම කියවන්න වටින දෙයක් නෙවෙනෙ. කහ වත්තෙ එක දිගට මරණ. ඒ වෙලාවට නම් මගෙත් හිත ගැස්සෙනවා.
ඇයි ඉතින් කවුරුවත් නැති පාලු වත්තක ලොකු ගේකට වෙලානෙ මාත් ඉන්නෙ. අනේ මන්දා. ඒ වෙලාවට තමයි මට මේ ඉන්න ටිකෙ ජොලියෙ ඉඳිල්ලා කියන කිංස්ලි පීරිස්ගෙ සිංදුව මතක් වෙන්නෙ. ඒ පාර තවත් බුවෙක් ලඟට ඇවිත් ශහ් පත්තරේ තියෙනවා නේද කියල එහා පැත්තෙන් වාඩි වෙලා මගෙන් අහනවා මම ලහි පිට පොඩ්ඩක් ගන්නද කියලා. ඒ අස්සෙ මට දවසක් පත්තර ඉල්ලලා උනු සිද්දියක් මතක් වෙලා කටට හිනාවක් ආවා. ආහ් ගන්නකො අරං බලන්න. මදුෂානුත් කවදාවත් නැතිව පාඩුවේ පත්තරෙ බලයි. හෙමීඑට මගෙ මූණ බලයි.
මම අර මතක් උන කිව්ව පත්තර සිද්දිය වෙද්දි වැඩ කලේ ජා ඇල පැත්තෙ. 265 බස් එකෙ නැගල මම එනවා කොටුවට පොඩි වැඩකට. බස් එකට මගදි නැග්ගා ටිකක් වයසක මනුස්සයෙක්. බස් එකේ වැඩි සෙනඟක් නැති නිසාම වට පිට බලලා ඉඩ තිබුනෙ මං ලඟ නිසා ඇවිත් වාඩි උනා. මිනිහගෙ අතේ තිබුනෙ පරන ඔෆිස් බැග් එකක්. ඔන්න ඒකෙන් පත්තරයයි කන්ණාඩි කුට්ටමයි අරගෙන පත්තරේ බලනවා. මිනිහ බලන්නෙ එච්චර වැදගත් ඒවා නොවෙන විත්තිය මට තේරුනා. මටත් දැන් ඉන්න බැ අනිත් පත්තර ටික ඉල්ල ගන්න කල්.
මාර හදිස්සියකින් පත්තරෙ පෙරලන්නෙ. අත් දෙකත් වෙව්ලනවා. මාත් ඉතින් ඉල්ලන්නත් හදල අපො චාටර් වෙන්න බැ කියල ටික දුරක් ආවා. වත්තලත් පහු උණා. මිනිහ බහින පාටක් නැ. මේක ලංකාවනෙ කියල හිතල මම ඇහුව අන්කල් අර කොටස දෙන්න බැරිද කියලා. මිනිහට මල පැනලා. ඔක්කොම පත්තර ටික දා ගත්තා බැග් එකට. මං දිහා බලලා මිනිහෙකුට නිදහසේ පත්තරයක් බලන්නවත් නැනෙ. කඩෙන් එකක් අරන් බලනවකො කියල කිව්වනෙ.
එහෙම කියලා ඊලඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා. මම හිමීට ඔලුව උස්සලා වට පිට බැලුවා. අම්මො කවුරුවත් ලඟ පාත නැ. මට මිනිහගෙ පරම් පරාවම මතක් වෙනවා දැන්. ඇයි දෙයියනේ ඕක බැලුවා කියලා අකුරු ගෙවෙනවයැ. වෙලාවත් 10 ට කිට්ටුයි. අපි බස් ස්ටැන්ඩ් එකට යනවා. ඕනෙනම් ලහිපිට ඔයා තියා ගන්න මම ඕක බලන්නෙත් නැ. අපි ස්ටේෂමට සමු දුන්නා. දැන් තමයි අපි කලා වැව යන්න බස් එකට නැග්ගෙ....
තව කොටසක් බලමුකො...
Saturday, July 14, 2012
ජීවිතේ හැමදාම ඉගෙන ගන්න...
අපි පොඩි දවස්වල හැමෝම ඉස්කෝලෙ යනවා. ගියෙ නැත්නම් අම්මල කොහොම හරි යවනවා. ගෙදර අයගෙ බලකිරීම නිසා යන අය අතරමගදි ඉගෙනීම නවත්තලා තමන්ගෙ හිත කැමති ආකාරයේ රස්සාවක් කරන්න යනවා. ඉගෙන ගෙන ඉහලට යන්න ආසාවක් තියෙන අය කොහොම හරි අමාරුවෙන් ඉස්කෝලෙ යනවා. එහෙම යද්දි exam තියෙනවා. ඒවගෙන් වැඩි ලකුනු ගන්න අය campus යනවා. අනිත් අය එතනින් වෙනත් විකල්පයක් හෝ රැකියාවක් හොයාගන්නවා.
අපිට පුලුවන් ඒ විදියට හරිම සරල විදියට කොටස් 3 කට බෙදා ගන්න. දැන් මේ එක් එක් සාමාජීය කොටස තුල අධ්‍යාපනය කියන දේ අවශ්‍ය වෙන්නෙ කොහොමද කියලා බලමු.
1. මූලික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනය හැරයන පිරිස
මේ අය බොහෝ විට තමන්ගෙ කය වෙහෙසා වැඩ කිරීමෙන් තමයි අදායමක් ලබා ගන්නෙ. තවත් පිරිසක් හොරමකමින් හෝ සමාජයේ අසම්මත යැයි පිලිගන්නා ක්‍රියා කිරීමෙන් මුදල් සොයති. කෙසේ වෙතත් එතරම් සුව පහසු ජීවිත ගත නොකරන නිසාමත් පරිසරය තුල කුඩා කල සිටම දක්නට ලැබෙන දෙමව්පියන්ගේ වැරදි ක්‍රියා නිසාවෙනුත් එම පවුල්වල දරුවන්ද ඒ අකාරයටම පත්වෙයි.
බොහෝ විට සමාජීය ප්‍රශ්න රැසකට මුල් වන්නේ මෙමෙ අඩු අධ්‍යාපනයෙන් යුතු පිරිසයි. එසේ හෙයින් ඔවුනට අධ්‍යාපනය දැඩි අවශ්‍යතාවයකි.
2. උසස් පෙලින් පසු අධ්‍යාපනය හැරයන පිරිස
මෙම පිරිස තුල කිසියම් විවිධත්වයක් දැකිය හැකි අකාරයේ කොටස් කීපයක් දැකිය හැක. මෙයින් සමහරු උසස්පෙල විභාගය සඳහා දැඩි ලෙස මහන්සි වුවත් විශ්ව විද්‍යාල සුදුසුකම් නොලත් විට රැකියාවක යොමු වූ අයයි. තවත් පිරිසක් රැකියාවක් පිනිසම උසස් පෙලින් පසු සමුගත් අයයි. තවත් පිරිසක් තමන්ගෙ උරුමයෙන් ලැබුනු ව්‍යාපාර කිරීමට යොමු වූ අයයි.
මේ අය රැකියාවකට යොමු වූ විට රැකියාව ගැන හෝ ව්‍යාපාරයන් ගැන මූලික දැනුමක් නොමැතිවීම නිසා එම පරිසරය තුලින් ඉගෙන ගන්නට සිදු වෙනවා. ඒ කාර්යය මනාව සිදු කරන අය රැකියාවෙහි හොදින් නිරත වේ. නමුත් මෙම පිරිසට ඇති ප්‍රධාන ගැටළුව වන්නෙ නව නිපැයුම්, නව සංකල්පයන්, හෝ වෙනස් ක්‍රම වේදයන් වලට අනුකූල වීමට ඇති නොහැකියාව සහ බියයි. එකම දේ එකම ආකරයෙන් කරනු දැකීම ඔවුන්ගේ අභිප්‍රායයි. එය ඵලදායීතාවය කෙරේ දැඩිව බලපායි. මේ අයටත් අධ්‍යාපනය අවශ්‍යය වේ
3. සරසවියෙන් පසු අධ්‍යාපනය හැරයන පිරිස
සරසවියෙන් පසුව රැකියාවක නියුතු වීම හෝ ව්‍යාපාරයක නියුතු වීම අනිවාර්ය දෙයකි. මෙවැනි අය රැකියාවේදීත් පැරණි ක්‍රම වෙනුවට නව මං මාවත් සොයන අතර තමන්ගේම අනන්‍යතවයක් ගොඩ නගා ගන්නට උත්සහ ගනියි. මෙහිදී කොටසක් පමනක් තව දුරටත් අධ්‍යාපනයෙහි නියැලෙමින් තම අනාගතය තවත් පොෂණය කර ගන්නා නමුත් අනෙක් අය සෑහීමකට පත් වෙයි. මේ අයටත් අධ්‍යාපනය අවශ්‍යය වේ
Sunday, May 13, 2012
රට යන අත මට දැනෙන හැටි...
අයියෝ සල්ලි... උදේ යනවා හවසට එනවා. පාරට බැස්සම හැමදාම කඩියො වගෙ දුවන සෙට් එක දකිනවා. හවසට ඒ ටිකම ආපහු ගෙදර දුවනව දකිනවා. යන එන ගමන් කඩල අන්කල් ගෙන් කීයක් හරි දීලා මොනවා හරි කන ගමන් බෝඩිමට යන එක තමයි වෙන්නේ. වෙනදට වඩේ අරන් ඉතිරි දහයට කඩල ටිකක් ගන්නවා. ගිය සතියෙත් ගත්තා. ඒත් අද පුතා ඉතිරි දහයට දෙන්න දෙයක් නැ කිව්වනෙ.
මම එහෙම කිව්වෙ රුපියලට ගිය කලට වඩා දහයට වෙලා තියෙන දේ කියන්න. කොහොම හරි දැන්නම් තත්වෙ එච්චර සුබ නෑ කියල කාට කාටත් තේරෙනවනෙ. මම මේවා කියන්නෙ ආණ්ඩු පෙරලන්නවත් එහෙම නැත්නම් විවේචනය කරලා පොරක් වෙන්නවත් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට අපි සාමාජීය ප්‍රශ්ණ ගැන පුලුල් කතිකාවක් ඇති කල යුතු වෙනවා.
අපේ රටේ මිනිස්සු වෙන රටවල මිනිස්සුන්ට වඩා වෙනස් කියලා අර ඇඩ් එකෙත් කියන්නෙ. අපේ මිනිස්සු හිනා වෙලා සතුටින් සරලව ජීවත් වෙන්නයි කැමති. මට නම් දැන් පාරට බැස්සම දැනෙන්නෙ මිනිස්සු ලොකු පීඩනයකින් ජීවත් වෙන බව. පොඩි එකාව ඉස්කෝලෙට දානකම් ගින්දර. ඊට පස්සෙ වියදම සීමාවක් නෑ.
කොහොම උනත් පාන් කන්න බැරිනම් කේක් කාපල්ල කියලා කියන දවස වැඩි ඈතක නෙමෙයි වගේ. උන්ටම ගියපු රට. එහෙම කිව්වෙ දේශ පාලුවන්ට. උන්ට ඉතින් ඔය අමාරුකම් තේරෙන එකක්යැ.
වෙලාවකට මෙහෙමත් හිතෙනවා. අපේ රජතුමාට ඇත්තටම රටවැසියට මේක සුරපුරක් කරලා දෙන්න ඕනකමක් ඇති. ඒක ඉතින් කරපු, කරන්න හදලා එරුනු, සහ කරන්න හදන මහා වැඩ වලින් පේනවනෙ. එත් රටවැසියට මෙච්චර කෙලවෙලා ඉන්නෙ ඇයි එහෙනම් කියලත් බලන්න වෙනවා.
මට තේරෙන විදියට රාජ සභාවයි රාජ පුරුෂයො ටිකයි වැඩේ වැරදියටයි තේරුම් අරන් ඉන්නෙ. උන්ගෙ හිතේ රජතුමා රට වැසියට නෙවෙයි අපිට කරගන්නයි මේ වරම දුන්නෙ කියලා.
මේක දැන් පිලිලයක් වෙන තරමට වැඩි වෙලානෙ. ඒක හන්ගන්න ඕනේ නෑ. මොකද පාරට බැස්සම දකින සහ අත් විදින දෙවල් අමුතුවෙන් කිවයුතු නෑ. මට හිතා ගන්න බැරි මෙච්චර පෙනි පෙනී රාජ සභාවයි රාජ පුරුෂයොයි පිස්සු කෙලිද්දි රජතුම මර නින්දෙ ඇයි කියලා. එහෙම බලද්දි නම් මම හිතුව විදිහ වැරදියි. ඉතින් රට වැසියන්ට මක්කෙයි හිතෙන්නෙ කිව්වනම්...
Tuesday, October 11, 2011
සරසවියෙන් රැකියාවට...රැකියාවෙන් රැකියාවකට....
කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න හිතුනා. ජීවිතේ අත්දැකීම් එකතු වෙද්දි මට හිතෙනවා මොනවා හරි ලිව්වොත් කාට හරි ප්‍රයෝජනයක් තියේවි කියලා. ඒක නිසා මම ලියන්න ආයෙත් පටන් ගන්නවා. සරසවියෙදි මට නිතරම හිතුනු දෙයක් තමා දැන් ඉගෙන ගත්තා ඇතිනෙ රස්සාවක් කරන එක තමයි හොඳම දේ විදියට. ඒක නිසාම අන්තිම අවුරුද්දෙ උත්සහ කලේම රැකියාවක් සඳහා ඕන වෙන සුදුසුකම් සපුර ගන්න එක.
හිතේ තිබුනු ආසාවට හරියන ජොබ් එකක් හොයාගන්න එක නම් අමරු වැඩක් කියල තේරෙන්නෙ රස්සාවල් හොයන්න ගියාම. එහෙම උනාම වෙන්නෙ හම්බෙන එක කරගෙන ඉන්න තමා. ඒත් මම නම් උත්සහ කලේම මම කැමති සහ ආසාව තිබුනු තැනට යන්නම තමයි. ඒක හින්දම ජොබ් දෙකකින්ම අයින් උනා. ඒක වැරදි වැඩක් තමයි. ඒත් අපි ජීවිතෙ වටිනාම කාලයෙන් වැඩිම හරිය ඉන්න තැන තමයි එතන. ඉතින් හිතේ කැමැත්තක් නැතුව ඉන්න එක තේරුමක් නැ ඊට වඩා අවස්ථාවක් තියෙනවනම්.
මොනාවා උනත් අපි කැමත්තෙන් ඉන්න ජොබ් එක සමහරවිට අපි හිතන එක නොවෙන්න පුලුවන්. ඒකට හේතුව අපි ඒක කරලා නැති නිසා ඒ ගැන හරියටම දන්නෙ නැති එක. තවත් දෙයක් වෙන්නෙ එකම ජොබ් එක උනත් තැන අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්. කොහොමත් ඒ කාරණාවෙදි නම් ඕනම කෙනෙක් අසරණ වෙනවා. ඒ වෙලාවට හැමතැනම එකම විදිය තමයි කියල හිත හදාගෙන වැඩ කරන අය තමයි මට ගොඩක් හම්බවුනේ.
රැකියාවෙදි අපි බලාපොරොත්තු වෙන දේ සහ අපිට ලැබෙන දේ අතර ඇති වෙනස අඩු කරගන්න පුලුවන් කොහොමද. ඒ ගැන අත්දැකීම් ඇති නැති හැමෝටම මේ සංවාදයට එකතු වෙන්න කියල ආරාධනා කරනවා.
Saturday, May 14, 2011
මතකයේ රැඳි මිනිසෙක්......
කාලෙකට පස්සෙ තමයි වෙලාවක් ලැබුනෙ blog එකක් ලියන්න. ලියන්නෙ නැති උනාම කියවනවත් අඩුවෙනවා. මොනා උනත් මේකෙන් ලියන්නෙ මගෙ හිතේ රැඳුනු මනුස්සයෙක් ගැන. එහෙම කිව්වම සමහර අයට හිතෙයි මම මේ කවුරු හරි ලංකාවෙ ඉන්න පට්ට ඩයල් එකක් ගැන ලියන්න හදනව කියලා. අනේ නැ. මූ මගෙ ජීවිතේ ටිකක් ලඟින් ඇසුරු කරපු ඩයල් එකක්. හරි අපූරු මනුස්සයෙක්. :)
ඔහු නමින් මගේ ගමේ කවුරුත් දන්නෙ ගාමිනි අය්යා විදියට. මීට අවුරුදු 5කට විතර කලින් වයස 45 ක් විතර ඇති. ඉතින් මම චූටි කාලේ ඉඳලා මැන්ව දන්නවා. ගොවිතැනක් කරගෙන ජීවත් උනාට business ගැන සැහෙන්න උනන්දුයි. business කිව්වට ඔය පොඩි පොඩි එළවලු සීන් තමයි ඉතින්. කොහොම හරි පිටිසර ගම් ගණනාවකම ජීවත් වෙලා තිබුනා. හේන් එහෙමත් මීට කාලෙකට කලින් කරල තිබුනා. ඉතින් මට campus එන්න කලින් මල්ලි කියලා කතා කලෙ. ආවට පස්සෙ මහත්තයා කියල තමා කිව්වෙ. ඒ තරමටම ඉගෙන ගන්නයි ඉගෙන ගන්න අයටයි කැමතියි.
කියන්න දේවල් ගොඩක් තිබුනට මට කියපු එක කතාවක් විතරක් කියන්නම්. මම campus ඉඳලා ගෙදර යන්නෙ කාලෙකින්. අපේ ගෙවල් ලඟින් මල අතු ඔයේ අතු ශාඛාවක් යනවා. ඒ නිසා ගෙදරට ටිකක් එහායින් කුඹුරු යායක් තියෙනව. ඉතින් උදේ පාන්දරම ගාමිනි අය්යා කුඹුරු පැත්තට යද්දි මාව දැක්කා. මූන පුරා ලොකු හිනවකුත් එක්ක මං ළඟට ඇවිත් මහත්තය එන බවක් කලින් කිව්ව නම් මම බඩ ඉරිඟු ටිකකුයි එළවලු ටිකකුයි ගෙනල්ලා තියෙනවනෙ ඔහු එලෙසින් තම කුඹුර ගැනත් එහි කොනකට වන්නට තනා ඇති පැලේ විස්තරත් මට කියයි. මහත්තයට පුලුවන් නම් අද පැලට එන්න අපි බඩ ඉරිඟු ටිකක් එහෙම පුච්චලා ගමු. මට එක දෙයක් මතකය. එනම් ඔහුගේ නිවසේ වහලයෙ පොල් අතු අතරින් ගැසූ බට නලාවක් ඇති බවය. සමහර දවස් වල මම ඔහුට කියා කපුගේ ගේ සින්ඳු වලට වයන්නට කියා අසා සිටි අයුරු අද වාගේ මතකයි. මම හවස 7ට විතර මිදුලට වෙලා ඉද්දි ඇත වෙල් යාය මැද්දෙන් හීන් හඬින් බට නලා සද්දෙ ඇහෙනවා. මේක මුලු ගමටම පුරුදු දෙයක්. ගාමිනි පැලට ගිහිල්ලා. තාත්තා මා දෙස බලා කිව්වේ මා ඒ ගැන් විපරම් කරන බව දන්නා නිසා වෙන්න ඇති.
කොහොම හරි පහුවදා උදේම මම මූණ හෝදන්න යද්දි මේසෙ උඩ එළවලු ගොඩකුයි බඩ ඉරිඟුයි තියෙනව දැක්කා. ඔන්න ඔයාට හදල දෙන්න කියල ගාමිනි උදේම ගෙනත් දුන්නා අම්මා කියයි.
හවස නැවත ඔහු මට මුණ ගැහුනෙ සුපුරුදු පරිදි ඔහු පැලට යද්දි. මම ඉතින් ඔහුගෙන් ඔහු කලින් සිටි පෙදෙස් වල පැල් රැක්ක හැටි අහනව. ඔහුත් හැමදාම කතාවක් කියල තමයි යන්නෙ.
මහත්තයො මම ටික කාලයක් හල්මිල්ලකුලමෙ හේනක් කලා ඒ කාලෙ දැන් වගේ නෙවෙයි කැලේ තමයි වටේටම තිබුනෙ. හවස් වෙද්දි හේන් වලට අලි රංචු එනවා. මගෙ පැල තිබුනෙ ලොකු ගහක් උඩ. එකට කැලේ සැහෙන දුරක් පේනවා. ඔය කැලේ හිටියා අලි රංචුවකුයි ලොකු ඇතෙකුයි. මම උඩට වෙලා ඉතින් ඔය අලි රංචුව ඇවිත් යන හැටි හැමදාම බලාගෙන.
ඔය ඇතා හරි ප්‍රසිද්දයි. කිව්වෙ දල පූට්ටුවා කියලා. ඇතින් වැවෙන් එගොඩ වෙද්දිම මම ඉතින් බලා ගෙන. ඇතාව මැදි කරගෙන තව ලොකු අලි දෙන්නෙක් දෙපැත්තෙන් කොයිවෙලාවෙත් ඉන්නවා. ඉතින් මේ ඇතා දලු කන්න හොඬේ උස්සද්දි පාත් කරද්දියි හරි ලස්සනට 'සලාං' කියල සද්දෙ ඇහෙනවා. මං හිතන්නෙ මහත්තයො ගජ මුතු වල වෙන්න ඇති. දවසක් පැලේ ඉද්දි එක පාරටම වෙඩි සද්දයක් ඇහුනා. එදා රැ එලි වෙනකල්ම අලි රන්චුව කැ ගැහුවා. පහුවදා තමයි දන්නෙ කවුරු හරි ඇතාට වෙඩි තියලා. මමත් ඊට පස්සෙ ඒ පැත්ත දාල ආවා මහත්ත්යො ගාමිනි දුකෙන් ඒ අතීතය සිහි කරයි.
Monday, February 14, 2011
බලා ගෙන උන්නාම....
ගාලු කොටුවෙ බැම්මට වෙලා
ඇත ක්ෂිතිජයෙ රත්තරන් පාටින්
ඉර මුහුදෙ ගිලෙන හැටි
බලා ගෙන උන්නාම....
ඉර අවරට ගිහින්
ටිකෙන් ටික කළුවර වැටෙද්දි
ඇතින් එක පේලියට
ගොඩබිමට ඇදෙන ඔරු දිහාවෙ
බලා ගෙන උන්නාම....
රැල්ලෙන් රැල්ල එකතු වෙලා
වේගයෙන් ගලාගෙන ඇවිත්
ගල් බැම්මෙ හැපිලා
වතුර බින්දු විසිරිලා යන හැටි
බලා ගෙන උන්නාම....
මට මතක් වෙන්නෙ
බොඳවුණු අහින්සක ඇස් දෙකින්
මං එනතුරු
මග බලාගෙන ඉන්න
ඔයාව....
Thursday, February 3, 2011
ඔබ ගියා මා හැර දමා...
ජීවිතේ ළඟ දැනෙනවා...දැනෙනවා...
ඒ සිනා හඬ ඇහෙනවා...ඇහෙනවා...
ඔබේ ළමැදේ... දැනුණු පහසේ...
සිහින් නෙතඟේ.. රැඳුනු බැල්මේ...
මගේ සිත අද අතරමන් වෙලා...
ජීවිතේ මගෙ සොයනවා...සොයනවා...
සැරිසරා ම්0 මාවත් දිගේ....
වින්ඳා අපමණ දුක් ගිනී..
දැනුනෙ නැ මට කිසිදිනේ..
ජීවිතේ මගෙ ඔබ නැතී..
ගැන්නා අහසේ තරු පවා..
හිනැ හුනා සඳ රැය පුරා..
සැලුනා කඳු ලැලි නෙතු සලා..
ඔබ ගියා මා හැර දමා...
(පද වැල් නා ..මලෙන්)
Tuesday, February 1, 2011
සරසවියෙන් රැකියාවට....2
කාලෙකට පස්සෙ ලියන්න සෙට් වුනේ. වෙලාවක් නැතුවත් නෙවෙයි කැම්පස් එකෙන් ආවට පස්සෙ නිදහසේ ලියන්න හිත හදා ගන්න ටිකක් අමාරුයි. ලියන්න දේවල් නම් ගොඩයි. පලවෙනි කොටසෙ ලිව්වෙ අපි කොහොමද සරසවියට සමු දුන්නෙ කියලනෙ. අද ලියන්න හදන්නෙ රැකියාවක් ලැබීම සහ ඒ වටා ගොඩ නැගෙන අලුත් ජීවිතේ ගැන.
කැම්පස් එකෙන් out වෙද්දිම job එකක් සෙට් උනොත් හොඳයි. නැත්නම් ඉතින් පට්ට කට්ටක් කන්න වෙනවා. ඒක ඉතින් කාලම බලන්න ඕන කට්ටක්. කැම්පස් ඉද්දි ගෙදරින් ලැජ්ජාවක් නැතුව කීයක් හරි ඉල්ල ගන්න පුලුවන්, අනික ඉතින් කොහොමහරි හාල් වෙවී කාලය ගත කරගන්නත් පුලුවන්නේ. මට නම් තිබුනු ලොකුම අවුල නිකම් මාසයක් ඉන්න වුනු එක. මගෙ ජීවිතේ වැඩිම කාලකන්නිකමක් දැනුනු කාලය ඒ මාසෙ කිව්වොත් හරි. හැබයී තිත්ත වෙනකල් interviews ගියා. ඔහොම ඉද්දි ඔන්න මට පොඩි garment factory එකකින් කතා කලා. මාත් ගියා ඉතින්. ගියපු පලවෙනි දවසම මට නම් හොදටම අවුල්. මොනවා කරන්නද certificates ටිකත් HR එකෙන් ඉල්ලගත්තා. මට අල්ලන්නෙම නැ. දෙවෙනි දවසෙත් ගියා. හොඳ වෙලාවට මට සෙට් උනු Boss සිරාම ඩයල් එකක්. මම ටිකෙන් ටික මගේ objective එක කිව්වා. හරි මල්ලි උඹට අවුල් නම් වෙන තැනකට ගියාට අවුලක් නැ. certificates දෙන්න කියල මම කියන්නම්. අම්මෝ දෙවෙනි දවසෙ මම ආවා. මොනා උනත් එතන මනුස්සකම උතුරපු මිනිස්සු ටිකක් නම් හිටියා.
මොනා උනත් ආයෙත් ජොබ් එකක් නැතුව මට ඉන්න උනා. අයෙම interviews, මට දැන් තිත්ත වෙලා මේ ජීවීතේ. මොකද ගොඩක් අය කරන්නෙ හම්බෙන්නෙ මොකක්ද ඒකම බදා ගෙන කරන එකනි. මට එහෙම හරියන්නෙ නැ. කොහොමහරි ආයෙත් කරුමක්කාර දවස් ගානක් ගෙවන්න උනා. යාළුවො job වලට යද්දි බෝඩිමට වෙලා අහස දිහා බලන් ඉද්දි මට හිතුනු දේවල් ඊළඟ එකෙන් :)
Sunday, December 26, 2010
බස් කවියක්.....
නැග්ගෙ බස් එකට
යන්න හනිකට
ටිකක් දුරකට....
හැමදාම වගේ
හිරවෙනවා කිටි කිටියෙ
බස් එකේ සෙනඟ හොදටෝම...
කාලෙකින් නාලා නැති
මිනිස්සුන්ගෙ හපුටු ගඳ...
කට්ට අවුවට රත්වෙලා බස් එක
තෙත්වෙලා මුලු ඇඟම...
මගදි නැගපු නOගි කෙනෙක්
හෙමි හෙමිට ඇවිදිල්ලා මO ලඟටම
ඇවිස්සුනු කොලු හිතට
මO මක් කොරන්නද...
කිසිවක් නොදැනුනු ගානටම සිටි ඇය...
බහිද්දී හැරී බලලා හොරෙන්
සිහින් මදහසක් පාලා ගියා...
(පද වැල් නා ..මලෙන්)
යන්න හනිකට
ටිකක් දුරකට....
හැමදාම වගේ
හිරවෙනවා කිටි කිටියෙ
බස් එකේ සෙනඟ හොදටෝම...
කාලෙකින් නාලා නැති
මිනිස්සුන්ගෙ හපුටු ගඳ...
කට්ට අවුවට රත්වෙලා බස් එක
තෙත්වෙලා මුලු ඇඟම...
මගදි නැගපු නOගි කෙනෙක්
හෙමි හෙමිට ඇවිදිල්ලා මO ලඟටම
ඇවිස්සුනු කොලු හිතට
මO මක් කොරන්නද...
කිසිවක් නොදැනුනු ගානටම සිටි ඇය...
බහිද්දී හැරී බලලා හොරෙන්
සිහින් මදහසක් පාලා ගියා...
(පද වැල් නා ..මලෙන්)
Monday, November 22, 2010
සරසවියෙන් රැකියාවට....1
මට මතක් වෙන්නෙ campus life එකේ අන්තිම දවස. ඒක මැරෙනකල්ම අමතක වෙන්නෙ නැති බව ඒ වෙලවේ ඇස්වල කඳුලු පුරෝගෙන අඬපු හැම එකෙක්ම දන්නවා. ඒ කඳුලු ගැලුවෙ අපේ ඇස් වලින් නෙවෙයි පපුවෙන් කියලයි මට ඒ වෙලවෙ දැනුනෙ. ඒකයි සමහර කොල්ලොන්ට අඬන එක නවත්තගන්න බැරි උනේ. උදේ ඉඳන් හවස් වෙනකල්ම හැම එකෙක්ම තමන්ගේ සිතුවිලි වචන බවට පෙරලලා ගතවුනු අවුරුදු 3,4 ගැන කියද්දි කාටවත් වෙන්වීමක් ගැන දැනුනෙ නැ. ඒත් තල් වැට අවටින් ගොම්මන් කලුවර වැටෙද්දි හැම එකෙක්ගෙම හදවතට දැනෙන්න ගත්තා මේ අන්තිම මොහොත නේද කියල. අවුරුදු 3 කටත් වඩා විදින්න පුලුවන් හැම දුකක්ම විඳපු මොන තරම් කට්ටක් කැවත් ගස් ගල් වගේ හිටපු කොල්ලො පුන්චි එවුන් වගේ ඇඬුවා කිව්වාම විශ්වාස කරන්න පුලුවන්ද?. ඒ තමයි සැබැ සහෝදරත්වය. අපිට නොදැනි අපේ හිත් ඇතුලෙ අපි ගැනම තිබුනු ආදරය.
campus එකේ ඉද්දි මට හිතුනෙ වෙන ඕනම කට්ටක් කැවත් මේ life එක හොඳටම ඇති කියලා. හැබැයි out වෙලා සතියක් යද්දි තේරෙනවා campus එක කියන්නෙ සුර ලොවක් කියන එක. ඒ එලියෙදි අපි university student කියන T shirt එක ගැලෙව්වට පස්සෙ අත්දකින දේවලුත් එක්ක. Job එකක් හම්බෙන්න නම් ඒ වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීමක් කරන්න වෙනවා. ඒ මහන්සිය සමහරවිට අර අවුරුදු 3 ටම වඩා අමාරු එකක් වෙන්න පුලුවන්. මොනාවුනත් out උනාට පස්සෙ ගොඩාක් අයට තියෙන මූලිකම ආසාව වෙන්නෙ රැකියාවක් කරන එක. අපේ රටේ තමන් කරපු degree එකට ගැලපෙන රැකියවක් හොයාගන්න එක පහසු කටයුත්තක් නොවන විත්තිය හැමෝම දන්න කාරණයක්. මේ දවස්වල රැකියා හොයන්න ගිහින් වෙන සමහර දේවල් ගැන අත්දැකීම් ඔබටත් ඇති.
ඉතිරිය තවත් කොටසකින්... :)
campus එකේ ඉද්දි මට හිතුනෙ වෙන ඕනම කට්ටක් කැවත් මේ life එක හොඳටම ඇති කියලා. හැබැයි out වෙලා සතියක් යද්දි තේරෙනවා campus එක කියන්නෙ සුර ලොවක් කියන එක. ඒ එලියෙදි අපි university student කියන T shirt එක ගැලෙව්වට පස්සෙ අත්දකින දේවලුත් එක්ක. Job එකක් හම්බෙන්න නම් ඒ වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීමක් කරන්න වෙනවා. ඒ මහන්සිය සමහරවිට අර අවුරුදු 3 ටම වඩා අමාරු එකක් වෙන්න පුලුවන්. මොනාවුනත් out උනාට පස්සෙ ගොඩාක් අයට තියෙන මූලිකම ආසාව වෙන්නෙ රැකියාවක් කරන එක. අපේ රටේ තමන් කරපු degree එකට ගැලපෙන රැකියවක් හොයාගන්න එක පහසු කටයුත්තක් නොවන විත්තිය හැමෝම දන්න කාරණයක්. මේ දවස්වල රැකියා හොයන්න ගිහින් වෙන සමහර දේවල් ගැන අත්දැකීම් ඔබටත් ඇති.
ඉතිරිය තවත් කොටසකින්... :)
Thursday, October 7, 2010
සමු දීම....!
කාෂ්ඨක අව්වේ වියලි සුලඟට
දූවිල්ලෙන් වැසී දැස් පොඩි රතු කරන..
රළු බොරලු වලින් පය රිදවන...
පුන්චි අඩි පාර දිගේ ඉස්කොලේ ගියපු අපි..
ගෙන්දගම් පොලොවේ නොමිනිස්කම් මැද
කටුක අත්දැකීම් හමුවේ..
සියලු දේ පාවා දෙන යුගයක..
නොසැලී සිටිය අපි..
මනුස්සකම වෙනුවෙන්... සියලු දේ කැපකල
වැව්බැඳි දනව්වට උරුමකම් කියන..
කැලණි සරසවි බිමේ
රජරට දූ පුතුන් වූ අපි..
වෙන්ව ගිය මුත් සරසවි බිමෙන්
මතු දිනෙක.. හමු වූ විටෙක..
මග තොටදි දොඩමළු වන්නට..
සෙනෙහසින්...
ඉඩ ඇති තවම..
මේ හිතේ..
ඇති තරම්..
Good Bye my Friends !!!
...
දූවිල්ලෙන් වැසී දැස් පොඩි රතු කරන..
රළු බොරලු වලින් පය රිදවන...
පුන්චි අඩි පාර දිගේ ඉස්කොලේ ගියපු අපි..
ගෙන්දගම් පොලොවේ නොමිනිස්කම් මැද
කටුක අත්දැකීම් හමුවේ..
සියලු දේ පාවා දෙන යුගයක..
නොසැලී සිටිය අපි..
මනුස්සකම වෙනුවෙන්... සියලු දේ කැපකල
වැව්බැඳි දනව්වට උරුමකම් කියන..
කැලණි සරසවි බිමේ
රජරට දූ පුතුන් වූ අපි..
වෙන්ව ගිය මුත් සරසවි බිමෙන්
මතු දිනෙක.. හමු වූ විටෙක..
මග තොටදි දොඩමළු වන්නට..
සෙනෙහසින්...
ඉඩ ඇති තවම..
මේ හිතේ..
ඇති තරම්..
Good Bye my Friends !!!
...
(පද වැල් නා ..මලෙන්)
Tuesday, September 21, 2010
සරසවියට සමුදෙන්නට.........2
මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට. මම එහෙම කිව්වෙ ඇයි කියල මේ වගේ නිදසුනකින් පැහැදිලි කරන්නම්.
මීට කාලෙකට ඉස්සර වන්නි මෙහෙයුම් පටන් ගන්න කලින් රජය ත්‍රිවිධ හමුදා වලට අලුතෙන් ගොඩාක් සෙබළු බඳව ගත්තා. මාත් එක්ක එකට ස්කෝලෙ ගියපු යාලුවො ගොඩාක් ඒ කාලෙදි යුධ හමුදාවට බැදුනා. කීප දෙනෙක්ගෙ applications පිරෙව්වෙත් මම. ටික කාලෙකට පස්සෙ එහෙම ගියපු එක යාලුවෙක් නිවාඩු ඇවිත් ඉද්දි මාත් ගෙදර හිටියෙ. හරියටම ඒ කාලෙදි තමයි කිලිනොච්චි බැම්ම අල්ලන කාලේ. ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් දෙන්නගෙ team දෙක දරුනු විදියට සටනෙ හිටපු යුගය. අපිත් campus එකේ නිතරම කතා කරපු topic එක වෙලා තිබුනෙ යුද්ධය. මම ඉන්දිකගෙන් ඇහුවා කොහොමද ජීවිතේ කියලා. ලැබුනු උත්තරේ තමයි මේ යුද්දෙ ඉවර වෙලා තමයි ජීවිතේ ගැන හිතන්නෙ කියන එක. ඔහු ඒ තරමට තම රැකියාවත් එක්ක බැඳිලා. මගේ ඊලග ප්‍රශ්නෙ වුනේ මචන් මැරෙනවා කියලා දැන දැනත්, බය නැද්ද ඉස්සරහට යද්දි කියන එක. ඉන්දිකත් ඒ වෙද්දි හිටියෙ කිලිනොච්චි මෙහෙයුම් ආසන්නම තැනක. මචන් weapon එක අතට ගත්තට පස්සෙ ගෙවල් මතක නැ. ඇහෙන්නේ කොල්ලො කැ ගහන සද්දෙ විතරයි. එකට යන කොල්ලෙක්ට වෙඩි වැදුනම මරා ගෙන මැරෙන්න තරම් තරහක් හිතට එනවා. ඒ වෙලාවට අපි ගැන ගානක්වත් නැ.
සිව්වැනි ඊලාම් යුද්ධෙදි මරු කපොලු අතරෙ එකා පිට එකා මැරිල වැටෙද්දිත් ඔන්න ඔය වගේ රත්තරන් කොල්ලො තමන්ගෙ ජීවිත මේ රටේ මිනිස්සු වෙනුවෙන් පූජා කරපු නිසයි අද අපි ආඩම්බරෙන් කතා කරන මේ රට අපිට ඉතුරු වුනේ.
ඒ තමයි මේ රට වෙනුවෙන් හදපු මිනිස් යුධ යන්ත්‍ර. ඒ අයට පෞද්ගලික අරමුනු වලට වඩා වැදගත් වෙන්නෙ රටේ ආරක්ෂාව. තමන්ගේ රාජකාරිය. ඔවුන් ඔවුන්ගේ duty එක හරියටම කරපු නිසාවෙන් විශාල ජයග්‍රහණයක කොටස් කරුවන් වෙන්න අවස්ථාව ලැබුනා.
මට හිතෙන්නෙ සරසවි සිසුවා කියන්නෙත් මේ රටේ අනාගත සංවර්ධන කාර්යය ජයගන්න තනපු යන්ත්‍රය හැටියට. සරසවියට එන ඕනම කෙනෙකු වෙනුවෙන් මේ රටේ මහ ජනතාවගේ මුදලින් අති විශාල ගනනක් වියදම කරලා එක් එක් විෂයයන් උදෙසාම විශේෂී වූ පිරිසක් බිහි කරනවා. වෙද්‍ය, ඉන්ජිනේරු, ආර්ථික විද්‍යා.. ඕනැම ක්ෂෙත්‍රයක් වේවා ඔවුන් ඒ අදාල කාර්යයේ අති දක්ෂයින්. ක්‍රියාශීලි පිරිසක්. සැබවින්ම ඔවුන් තමන්ගේ යුතුකම නිසිලෙස ඉටුකලේ නම් මේ රටේ අනාගතය මීට වඩා යහපත් වනවාට සැකයක් නැ.
සරසවියෙන් පිට වෙලා යන සරසවි සිසුවා තම යුතුකම රටට ඉටුකරනවද එහෙමත් නැත්නම් පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කරගන්නවද.....
අපි ඊලඟ එකෙන් කතා කරමු..
Thursday, September 16, 2010
සරසවියට සමුදෙන්නට.........1
කාලය අපිටත් හොරෙන් ඉගිල්ලෙනවා. ජීවිතේ දැකපු ලොකුම හීනය සැබැ වෙලා , බයෙන් බයෙන් කැලණි කන්ද නැගලා ආපු ඒ පලවෙනි දවස අද වගේ මතකයි. දාහක් සිතුවිලි මැද්දේ වුනත් මහා කරුණාවෙන් වැඩ සිටින බුදු පිලිමය දකිද්දි අදටත් හිත මොහොතකට හරි නතර වෙනවා.
මේ අවුරුදු කීපය ඇතුලෙ මොන තරම් නම් දේවල් සිද්ද වුනාද...ස්කෝලෙන් ගත්තු අත්දැකීම් වලින් පස්සෙ සරසවි එන්නෙ පුදුම ආසාවකින්නෙ. ඒ ආසාවටම තමයි අර තාරුණ ජවයත් එක්ක අසීමිත දැනුමකට හිමිකම් කියන බුද්ධිමතුන් බිහිවෙන්නේ. ඒ වගෙම ගැටුම් ඇතිකරගන්නෙ. මොනාවුනත් කවුරුහරි මගෙන් ඇහුවොත් උඹ campus ගිහින් මොනවද ඉගෙන ගත්තෙ කියලා මගේ උත්තරේ තමයි "ජීවිතේ" කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ මම ජීවිතය තුල දුක,සැප,සතුට සහ එහි ඇති සැබැ ස්වරූපය දැක්කෙ, අත්වින්දෙ campus ආවට පස්සෙ කියන එක. ඒක අපිට හොදටම තේරෙන්නෙ අපිත් එක්ක ඉඳලා අද වෙද්දි වෙන රැකියාවක් හෝ ඉගෙන ගන්න කෙනෙක් එක්ක හෝ කතා කරද්දි හරි හැසිරීම් හරි දකිද්දි.
සරසවිය තුලදි ඕනම අයෙක්,
1st year එකේදි අත්දැකීම් එකතු කරනවා, අත්දැකීම් ලබා ගන්නවා.
2nd year එකේදි ලබපු අත්දැකීම් විශ්ලේෂණය කරලා බලනවා..
3rd year එකේදි අත්දැකීම් වලින් ලබපු පන්නරයත් එක්ක ජීවිතය දකින්න සහ දිනන්න උත්සහ කරනවා.
මම අර කලින් කිව්වෙ මම ජීවිතය දකින්න ඉගෙනගත්ත කියල. ඒ ඉගෙන ගත්තෙ පොත් කියවලා, lectures වලින්ම නෙවේ, ප්‍රධානම සාධකය වුනේ අවට පරිසරය වටා හිටපු මිනිස්සු. මිනිස්සු කිව්වෙ undergraduates ලට. ඒක වචන වලින් කියන්න බැරි තරම් වුනු ආශ්වාදයක් වෙන්නේ බුද්ධිමතුන් සිටින තැනකදි දැනෙන සැබැ වෙනස නිසයි. අපි ගෙම්බො වගෙ නේද කලින් හිතුවෙ කියල තේරෙන්නේ කාලයත් එක්ක ලබන අත්දැකීම් වලින් පස්සෙ. තීරණ ගනිද්දි අපි කොයිතරම් සිතිය යුතුද කියන කාරණය විතරක් නෙවෙයි, ඒ එක තීරණයක් තුල රැදිලා තියෙන්නේ සමහරවිට මුලු මහත් රටක මිනිස්සුන්ගෙ අනාගතයට බලපාන දෙයක් කියල තේරුම් ගත්තෙ campus ඇවිල්ල.
මගේ තර්කය හා මගේ අත්දැකීම අනුව කොල්ලෙක් හැදෙන්න නම් ලන්කාවෙ government university එකකට එන්නම ඕනි. මේ university life එක කියන්නේ ජීවිතේ ගැන දැන ගන්න ඕන හැමදේම දකින්න පුලුවන් තැනක්. මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට.
තව ගොඩක් දෙවල් කියන්න තියෙනවා. අන්තිම exam එකත් කරන ගමන් මේක ලිව්වෙ යන්න කලින් අත්දැකීම් ටික සටහන් තබන්න ඕන නිසයි.
ඉතිරිය ඊලඟ එකෙන් ....
Tuesday, August 24, 2010
අන්තිම දවස් ටික.......
අම්මා දනී නම් අපි දුක් විදින හැටී....
දෙනවා ගුටි ආවාට සරසවී....
කාපු කට්ට දැන් නම් හොදටෝම ඇතී....
යන්න හිතෙනවා හිස හැරවුණු අතක වැටී....
දෙනවා ගුටි ආවාට සරසවී....
කාපු කට්ට දැන් නම් හොදටෝම ඇතී....
යන්න හිතෙනවා හිස හැරවුණු අතක වැටී....
Saturday, July 17, 2010
අහිමි වූ අපේ හෙට දවස.....
ජීවිතය අතරමඟ නැවතිලා....
දැස් පියන්පත් කඩතිර වලින් වහලා...
අපේ කටවල් මුඛ වාඩම් වලින් බැඳලා...
දැත් වලට විලන්ඟු දාලා..
දෙපා යදම් වලින් එතිලා..
අපේ අහිමි වූ හෙට දවස කෙසේ නම්
ලබා ගනිමුද අපි...........
(පද වැල් නා ..මලෙන්)
දැස් පියන්පත් කඩතිර වලින් වහලා...
අපේ කටවල් මුඛ වාඩම් වලින් බැඳලා...
දැත් වලට විලන්ඟු දාලා..
දෙපා යදම් වලින් එතිලා..
අපේ අහිමි වූ හෙට දවස කෙසේ නම්
ලබා ගනිමුද අපි...........
(පද වැල් නා ..මලෙන්)
Subscribe to:
Posts (Atom)





























