Showing posts with label University Talks. Show all posts
Showing posts with label University Talks. Show all posts

Thursday, October 7, 2010

සමු දීම....!

කාෂ්ඨක අව්වේ වියලි සුලඟට
දූවිල්ලෙන් වැසී දැස් පොඩි රතු කරන..
රළු බොරලු වලින් පය රිදවන...
පුන්චි අඩි පාර දිගේ ඉස්කොලේ ගියපු අපි..

ගෙන්දගම් පොලොවේ නොමිනිස්කම් මැද
කටුක අත්දැකීම් හමුවේ..
සියලු දේ පාවා දෙන යුගයක..
නොසැලී සිටිය අපි..

මනුස්සකම වෙනුවෙන්... සියලු දේ කැපකල
වැව්බැඳි දනව්වට උරුමකම් කියන..
කැලණි සරසවි බිමේ
රජරට දූ පුතුන් වූ අපි..

වෙන්ව ගිය මුත් සරසවි බිමෙන්
මතු දිනෙක.. හමු වූ විටෙක..
මග තොටදි දොඩමළු වන්නට..
සෙනෙහසින්...
ඉඩ ඇති තවම..
මේ හිතේ..
ඇති තරම්..

Good Bye my Friends !!!

...

(පද වැල් නා ..මලෙන්)

Tuesday, September 21, 2010

සරසවියට සමුදෙන්නට.........2

මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට. මම එහෙම කිව්වෙ ඇයි කියල මේ වගේ නිදසුනකින් පැහැදිලි කරන්නම්.

මීට කාලෙකට ඉස්සර වන්නි මෙහෙයුම් පටන් ගන්න කලින් රජය ත්‍රිවිධ හමුදා වලට අලුතෙන් ගොඩාක් සෙබළු බඳව ගත්තා. මාත් එක්ක එකට ස්කෝලෙ ගියපු යාලුවො ගොඩාක් ඒ කාලෙදි යුධ හමුදාවට බැදුනා. කීප දෙනෙක්ගෙ applications පිරෙව්වෙත් මම. ටික කාලෙකට පස්සෙ එහෙම ගියපු එක යාලුවෙක් නිවාඩු ඇවිත් ඉද්දි මාත් ගෙදර හිටියෙ. හරියටම ඒ කාලෙදි තමයි කිලිනොච්චි බැම්ම අල්ලන කාලේ. ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් දෙන්නගෙ team දෙක දරුනු විදියට සටනෙ හිටපු යුගය. අපිත් campus එකේ නිතරම කතා කරපු topic එක වෙලා තිබුනෙ යුද්ධය. මම ඉන්දිකගෙන් ඇහුවා කොහොමද ජීවිතේ කියලා. ලැබුනු උත්තරේ තමයි මේ යුද්දෙ ඉවර වෙලා තමයි ජීවිතේ ගැන හිතන්නෙ කියන එක. ඔහු ඒ තරමට තම රැකියාවත් එක්ක බැඳිලා. මගේ ඊලග ප්‍රශ්නෙ වුනේ මචන් මැරෙනවා කියලා දැන දැනත්,  බය නැද්ද ඉස්සරහට යද්දි කියන එක. ඉන්දිකත් ඒ වෙද්දි හිටියෙ කිලිනොච්චි  මෙහෙයුම් ආසන්නම තැනක. මචන් weapon එක අතට ගත්තට පස්සෙ ගෙවල් මතක නැ. ඇහෙන්නේ කොල්ලො කැ ගහන සද්දෙ විතරයි. එකට යන කොල්ලෙක්ට වෙඩි වැදුනම මරා ගෙන මැරෙන්න තරම් තරහක් හිතට එනවා. ඒ වෙලාවට අපි ගැන ගානක්වත් නැ.


සිව්වැනි ඊලාම් යුද්ධෙදි මරු කපොලු අතරෙ එකා පිට එකා මැරිල වැටෙද්දිත් ඔන්න ඔය වගේ රත්තරන් කොල්ලො තමන්ගෙ ජීවිත මේ රටේ මිනිස්සු වෙනුවෙන් පූජා කරපු නිසයි අද අපි ආඩම්බරෙන් කතා කරන මේ රට අපිට ඉතුරු වුනේ.

ඒ තමයි මේ රට වෙනුවෙන් හදපු මිනිස් යුධ යන්ත්‍ර. ඒ අයට පෞද්ගලික අරමුනු වලට වඩා වැදගත් වෙන්නෙ රටේ ආරක්ෂාව. තමන්ගේ රාජකාරිය. ඔවුන් ඔවුන්ගේ duty එක හරියටම කරපු නිසාවෙන් විශාල ජයග්‍රහණයක කොටස් කරුවන් වෙන්න අවස්ථාව ලැබුනා.

මට හිතෙන්නෙ සරසවි සිසුවා කියන්නෙත් මේ රටේ අනාගත සංවර්ධන කාර්යය ජයගන්න තනපු යන්ත්‍රය හැටියට. සරසවියට එන ඕනම කෙනෙකු වෙනුවෙන් මේ රටේ මහ ජනතාවගේ මුදලින් අති විශාල ගනනක් වියදම කරලා එක් එක් විෂයයන් උදෙසාම විශේෂී වූ පිරිසක් බිහි කරනවා. වෙද්‍ය, ඉන්ජිනේරු, ආර්ථික විද්‍යා.. ඕනැම ක්ෂෙත්‍රයක් වේවා ඔවුන් ඒ අදාල කාර්යයේ අති දක්ෂයින්. ක්‍රියාශීලි පිරිසක්. සැබවින්ම ඔවුන් තමන්ගේ යුතුකම නිසිලෙස ඉටුකලේ නම් මේ රටේ අනාගතය මීට වඩා යහපත් වනවාට සැකයක් නැ.

සරසවියෙන් පිට වෙලා යන සරසවි සිසුවා තම යුතුකම රටට ඉටුකරනවද එහෙමත් නැත්නම් පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කරගන්නවද.....


අපි ඊලඟ එකෙන් කතා කරමු..

Thursday, September 16, 2010

සරසවියට සමුදෙන්නට.........1

කාලය අපිටත් හොරෙන් ඉගිල්ලෙනවා. ජීවිතේ දැකපු ලොකුම හීනය සැබැ වෙලා , බයෙන් බයෙන් කැලණි කන්ද නැගලා ආපු ඒ පලවෙනි දවස අද වගේ මතකයි. දාහක් සිතුවිලි මැද්දේ වුනත් මහා කරුණාවෙන් වැඩ සිටින බුදු පිලිමය දකිද්දි අදටත් හිත මොහොතකට හරි නතර වෙනවා.

මේ අවුරුදු කීපය ඇතුලෙ මොන තරම් නම් දේවල් සිද්ද වුනාද...ස්කෝලෙන් ගත්තු අත්දැකීම් වලින් පස්සෙ සරසවි එන්නෙ පුදුම ආසාවකින්නෙ. ඒ ආසාවටම තමයි අර තාරුණ ජවයත් එක්ක අසීමිත දැනුමකට හිමිකම් කියන බුද්ධිමතුන් බිහිවෙන්නේ. ඒ වගෙම ගැටුම් ඇතිකරගන්නෙ. මොනාවුනත් කවුරුහරි මගෙන් ඇහුවොත් උඹ campus ගිහින් මොනවද ඉගෙන ගත්තෙ කියලා මගේ උත්තරේ තමයි "ජීවිතේ" කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ මම ජීවිතය තුල දුක,සැප,සතුට සහ එහි ඇති සැබැ ස්වරූපය දැක්කෙ, අත්වින්දෙ campus ආවට පස්සෙ කියන එක. ඒක අපිට හොදටම තේරෙන්නෙ අපිත් එක්ක ඉඳලා අද වෙද්දි වෙන රැකියාවක් හෝ ඉගෙන ගන්න කෙනෙක් එක්ක හෝ කතා කරද්දි හරි හැසිරීම් හරි දකිද්දි.

සරසවිය තුලදි ඕනම අයෙක්,
1st year එකේදි අත්දැකීම් එකතු කරනවා, අත්දැකීම් ලබා ගන්නවා.
2nd year එකේදි ලබපු අත්දැකීම් විශ්ලේෂණය කරලා බලනවා..
3rd year එකේදි අත්දැකීම් වලින් ලබපු පන්නරයත් එක්ක ජීවිතය දකින්න සහ දිනන්න උත්සහ කරනවා.




මම අර කලින් කිව්වෙ මම ජීවිතය දකින්න ඉගෙනගත්ත කියල. ඒ ඉගෙන ගත්තෙ පොත් කියවලා, lectures වලින්ම නෙවේ, ප්‍රධානම සාධකය වුනේ අවට පරිසරය වටා හිටපු මිනිස්සු. මිනිස්සු කිව්වෙ undergraduates ලට. ඒක වචන වලින් කියන්න බැරි තරම් වුනු ආශ්වාදයක් වෙන්නේ බුද්ධිමතුන් සිටින තැනකදි දැනෙන සැබැ වෙනස නිසයි. අපි ගෙම්බො වගෙ නේද කලින් හිතුවෙ කියල තේරෙන්නේ කාලයත් එක්ක ලබන අත්දැකීම් වලින් පස්සෙ. තීරණ ගනිද්දි අපි කොයිතරම් සිතිය යුතුද කියන කාරණය විතරක් නෙවෙයි, ඒ එක තීරණයක් තුල රැදිලා තියෙන්නේ සමහරවිට මුලු මහත් රටක මිනිස්සුන්ගෙ අනාගතයට බලපාන දෙයක් කියල තේරුම් ගත්තෙ campus ඇවිල්ල.

මගේ  තර්කය හා මගේ අත්දැකීම අනුව කොල්ලෙක් හැදෙන්න නම් ලන්කාවෙ government university එකකට එන්නම ඕනි. මේ university life එක කියන්නේ ජීවිතේ ගැන දැන ගන්න ඕන හැමදේම දකින්න පුලුවන් තැනක්. මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට. 

තව ගොඩක් දෙවල් කියන්න තියෙනවා. අන්තිම exam එකත් කරන ගමන් මේක ලිව්වෙ යන්න කලින් අත්දැකීම් ටික සටහන් තබන්න ඕන නිසයි.
ඉතිරිය ඊලඟ එකෙන් ....

Thursday, June 24, 2010

..................අයුක්තියට එරෙහි පන්හිඳ නිහඬ කරමි.........

මම ලිව්වා... මට දැනුනු තේරුනු ඇත්ත. මම කතා කලා ඒවා ගැන. සමහරු බොහෝ දේ තේරුම් ගත්තා. තවත් අය වාද කලා. තවත් පිරිසක් හිනාවුනා. සියල්ල එසේ සිද්ධ වෙද්දි මට හැමදාම හිතුනු දේ තමයි මොකක්ද මේ ජීවිතයෙ සැබැ තේරුම කියන ඒක. අවස්ථාව ලැබුනු හැටියට මම යමක් කලා. කරන්න තිබුනු සමහර දේ මග හැරියා. පන්හිඳට පන පොවල යමක් කරන්න පුලුවන්. එත් එක්ක එන තාරුණ්‍යයේ ජවයත් එක්ක ලොකු දෙයක් කරන්න පුලුවන්. ඒ මොනා වුනත් ඒ කිසිම දේකින් සැබැ ජයක් ලබන්න අමාරුයි. ජීවිතයේ සැබැ අරුත සොයන්න අමාරුයි.

මම ආයෙත් ඒ වැඩේ නොකර ඉන්න තීරණය කලා. කාලයත් එක්ක මතු දවසක මීට වඩා හරවත් වූ දෙයක් කරන්න ඉඩක් ලැබුනොත් මම ආයෙත් ඒ දෙය කරයි. ඒක මම කාලයටම බාරදුන්නා.


සරසවියෙන් ගත්තු දේ අරගෙන මම සාමාන්‍ය මනුස්සයෙක් විදියට සමාජගත වෙන්න ලගයි. ඒකත් එක්ක  ලොකු අත්දැකීම් මට ලැබෙයි. වෙනස් විදියකට හිතයි,දකියි...

මීට පස්සෙ මම වෙනස් විදිහෙ ලිපි ලිව්වත් අයුක්තියේ පන්හිඳට නම් තීන්ත දාන්නෙ නැ. එහෙනම් ඔන්න මම තිත තිව්වා. කැමති කෙනෙක් කලින් ලිපි බලලා යමක් තෙරුම් ගන්න. තමන්ට පුලුවන් දේ කරන්න. තමන්ගෙ ජීවිතය හදාගෙන රටට යමක් දෙන්න.

 මට දැන් ඔනේ අලුත් අත්දැකීම්. අලුත් ජීවිතයක්. පරන දෙවල් එක්ක හැමදාම ජීවත් වෙන්න බැ. අලුත් චින්තනයක් එක්ක අලුත් හැඟීම්.........
 "Every new beginning comes from some other beginning's end"

Sunday, June 20, 2010

..........අපේ සරසවි වලට අලුත් ඉන්ගිරිසි පාඨමාලාවක්.........

ඔන්න අපේ අලුත් උසස් අධ්‍යාපන මහත්තයා ආපු ගමන් අලුත්ම වැඩ කිඩ ටිකක් දාලා පෙන්නන්නයි වගේ යන්නේ. හොඳ නරක කියල 2ක් තිබුනට මොකද මම කියන්න යන්නෙ හොඳ ගැන. නරක ගැන ලියන්න කට්ටිය ගොඩක් ඉඳියි කියල මට හිතෙන්නෙ.

මට මේක ලියන්න හිතුනෙ කට්ටිය සෙට් වෙලා මේ දවස්වල දඩි බිඩියෙ පිකටින් කරනවනි ඉන්ගිරිසි එපා කියල. මම නිකමට අහන්න කැමතියි ඔය leaders ලාගෙන් බැරිවෙලාවත් කැම්පස් එකේ library එකට ගිහින් තියෙනවද කියලා.. එතකොට ඔය කබඩ් වල පුරවල තියෙන Physics, Chemistry, ...එහෙමත් නැත්නම් Human Resource Management, Financial Accounting, ..... Archeology පොතක් බලලා තියෙනවද. ඒවා ලියල තියෙන්නෙ කව්ද කියල බැලුවද. ඒවා ඔක්කොම වගේ ලියල තියෙන්නෙ English Medium නෙ...එහෙමත් නැත්නම් ඉන්දියාවෙන්. අපේ අයත් ලියපු පොත් තියෙනවා. ඒත් හරිම ටිකයිනේ.
government job හොයන්න අමාරුයිනේද. වැඩියෙන්ම තියෙන්නෙ private ඒවා. නිකමට හරි ඔය private company එකක training හරි හිටියා නම් දන්නවා sinhala medium එකෙන් වැඩ කරන්නෙම නැති තරම් කියලා. අපි ලියන්නෙ කන්නෙ පාවිච්චි කරන්නෙ බහුතරයක් පිට රටින් එන ඒවනි. වැඩිය ඕනෙ නැ දැන් මේ computer එක කොහෙන්ද.. රටින්නේ. windows xp කාගෙද.. අපි බොරුවට අපේකම කියල මහ ලොකු දෙයක් ඔලුවෙ දාගෙන, අනුන්ගෙ ඒවම පවිච්චි කරල අනුන්ටම බනිනවා. එතකොට ඔය සුදු මහත්තුරු සුදු නෝනලා එහෙම අදින ඇඳුම් කගෙද කව්ද මහන්නෙ.. අපේ රටේ අපේම මිනිස්සු.. උන් ඒව අදින් නැතුව ඉන්නවද?

ලෝකය දියුනු වෙද්දි අපිත් ඒ අනුව හැඩ ගැහෙන්න ඕනි. එහෙම නැතුව පැවැත්මක් නැ. 60 දශකයෙ පඬිවරුන් අපේ අධ්‍යාපන මාධ්‍යය සි0හල නොකරන්න අපි අද ලොකයේ දියුනුම ජාතීන්ගෙන් එකක් වෙලා කියලයි මට හිතෙන්නෙ. මම පර ජාතීන්ට කඩේ යනව නෙවෙයි. අපි රකින්න ඕනි අපේ ආගම, ජාතිය, ඒත් අපි සියල්ල සමබරව කරල දියුනු වෙන්නයි ඕනේ. එහෙම නැතුව බඩ ගින්නෙ මැරෙන්නෙ නැති වුනාට පැවත්මක් නැ.

දැන් තමයි හරියටම මතෘකාවට එන්නෙ. සරසවි සිසුන්ට ඉන්ගිරිසි එපා කියන්නෙ කවුද. එයාල වෙනුවෙන් පෙනී සිටින නායකයො තමයි කියන්නෙ. ලමයින්ගෙන් අහලද...????. මම පුන්චි කතාවක් කියන්න හොදට තේරුම්ගන්නකො. මම හිටපු බෝඩිමක හිටියා මාධ්‍යවේදී අයියා කෙනෙක්. ඒ අයියා මට කියනවා මල්ලි දන්නවද ඔය ඉස්සරහින්ම ඉන්න අයට සල්ලි කොහෙන්ද කියලා. ඒවට සල්ලි දෙන්නෙ NGO වලින් කියලා. ඇත්ත නැත්ත කෙසේ වෙතත්, සමහර විට ඒ  නායකයොත් දැනගෙන නෙවෙයි එහෙම කරන්නෙ. ඒ අය තවත් පිරිසක් විසින් නොදැනුවත්වම මෙහෙයවෙනවා වගෙයි. මට කියන්න ඕනේ ඔය කවුරුවත් ගැන නෙමෙයි. දුප්පත් මිනිහට හැමදාම වරදින්නෙ ඇයි කියල. ඉන්ගිරිසි බැරි කාටද.. පහසුකම් සපිරි ජනප්‍රිය පාසල් වල අයටද....ගමේ ඉස්කෝලෙ ගියපු අර අහින්සක අයට  තමයි බැරි. කාටද එත්කොට මේ අලුතින් දෙන English Course එක වැදගත් වෙන්නෙ. අර ගමෙන් එන අහින්සක සිසු සිසුවියන්ට නෙවෙයිද . එතකොට කව්ද ඔය එපා කියල පිකටින් කරන්නෙ. පහසුකම් වලින් සපිරි පාසල් වල අයද .. ..කොහොමටවත් නැ.. ... අර ගමෙන් ආපු අහින්සක  සිසු සිසුවියන් ටිකම තමයි දෙන දේත් එපා අපිට මෙහෙම හොඳයි  අපේ විදිය අපිට හොඳයි කියලා කැ ගහන්නෙ. ඇයි ඒ ..ඇත්ත දැනගෙනද නැත්නම් කවුරුහරි කියන නිසාද? ඇත්තටම හැඟීමකින් තමයි. ඒත් හරි දේ වටහාගෙනද කියන එක ගැටලුවක්.

ඇත්තටම ඒ අහින්සක එවුන් එහෙම කියනවද.. නැ..මේ කතාවෙ දුකම හිතෙන තැන එතන. ඇත්තටම සරසවි වලට එන ඕනම කෙනෙක් English ඉගෙන ගන්න ආසයි. අපේ රටේ කැම්පස් වල පහසුකම් වලින් සපිරුනු ELTU තිබුනට ඒකෙන් අර දන්නෙ නැති කෙනෙකුට වැඩක් ගන්න හරි අමාරුයි. ඇත්තම කිව්වොත් පුලුවන්කම හොදටම තිබිලත් එහෙම කිසිම සැලසුමක් නැ.

එතකොට කව්ද මේ එපා කියල කැ ගහන්නේ. ඒ තමයි අර අහින්සක මිනිස්සුන්ගෙ නියොජිතයො ටික. සාමාන්‍යයෙන් සල්ලි තියෙන මිනිස්සු, එහෙම නැති මිනිස්සු දියුණු වෙනවට කැමති නැ. දියුණු රටවල් දුප්පත් රටවල් දියුණු වෙනවට කැමති නැ. අර නියොජිතයො ටික රවට්ටගත්තාම මේ අහින්සක උන්ගෙ බලපොරොත්තු ඉවරෙටම ඉවරයි. උන් කරන්නෙ අර අහින්සක එවුන් ලව්වම හම්බෙන්න තියෙන දේත් නැති කරගන්න අර අද්දවන එක. මේක තමයි ඇත්ත. මට කියන්න තියෙන්නෙ ඔය stage වල ලේ කඳුලු ගැන සුන්දර කතන්දර කියන අයට රැවෙටෙන්නෙ නැතුව, ලින් මැඬියො වගෙ ඉන්නෙ නැතුව තමන්ගෙ ඇස් ඇරලා ලෝකය දිහා බලන්න කියන එක.
අන්තිමට මෙහෙම කියන්නම්. කැම්පස් එන ඕනම කෙනෙක් තමන්ගෙ  degree එක කොහොමත් ගොඩ දානවා බොහෝ විට ඒක මොන medium එකේ වුනත්. ඒ කියන්නෙ ඉන්ගිරිසි දන්නෙම නැතුව ආවත් degree එක English medium නම් අන්තිමට යද්දි language එක බොහෝ දුරට දැනගෙන යන්නෙ. ඒත් අවුල වෙන්නෙ ඒක කර ගන්න විඳින්න වෙන දුක. මහන්සි වෙන්න වෙන්නෙ subject එකට නෙවෙයි language එක ඉගෙනගන්න. එහෙම වුනාම අර ගමෙන් එන සිසුවාට සිසුවියට මුල් exam වලදි ලකුනු ගන්න වෙන්නෙ අඩුවෙන්. මුලදි ඕක මහ ලොකු දෙයක් නොවුනට අන්තිමට job එකක් ගන්න ගියාම degree එකට class තියෙනවද අහනවා. ඔහොම ඉල්ලන්නෙත් government ඒවටම තමයි. අන්තිමට දහ දුක් විඳලා degree එක ගොඩ දාගෙන job නැතුව වේලෙනවා. එහෙම නැත්නම් තුට්ටු දෙකේ වැටුපකට යනවා.

සමහරු ගේමක් නැතුව ලකුනුත් අරන් special එකකුත් කරල class එකකුත් එක්ක ලොකු වැටුපකට යනවා.



තමන් තමන්ටම වල කපාගන්න හැටි තේරුනාද මන්දා......

Sunday, June 6, 2010

අලයෝ සහ පොද්දෝ.....4

දැන් අපේ රටේ හැමෝම වගේ කතා කරන්නෙ අලුත් ආශ්චර්යක් ගැන, ඒ කියන්නේ හැමෝටම ඔනේ ඉක්මනට මේක සි0ගප්පූරුවක් කරන්න. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ අපේ දේශපාලුවො ටික එක්කහු වෙලා මොන වගෙ ආශ්චර්යක් කරයිද කියන එක.මොනාවුනත් දැන් අවශ්‍යතාව වෙන්නෙ ආශ්චර්යක්නෙ. උසස් අධ්‍යාපන, අධ්‍යාපන, ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා ලේකම්ලා කොච්චර නම් ඉන්නවද?? ඔය එකෙක් නිකමට campus එකකට ඇවිත්, මෙලො රහක් නැතුව හාල් වෙවී ඉන්න කොල්ලෙක්ගෙන් අහනවද ඇයි හාල් වෙන්නෙ කියලා. බෝඩ් කරේ තියාගෙන කම්බි වැටවල් කඩා ගෙන, පොලු මුගුරු අරන් උන්ගෙ සීතල කාමර තියෙන අධිආරක්ෂක කලාප වලට ගිහිල්ලා මතක් කරලා දෙනකල් උන්ට මතක නැ තමන්ගෙ job එක මොකක්ද කියලා. අපේ රටෙ campus තියෙනවා කියලා මතක් වෙන්නෙ එවා දින නියමයක් නැතුව වැහුවා කියල news වලට කියද්දි.


සරසවි වල ගැටුම් වලට තවත් ප්‍රධානම හේතුවක් වෙන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන වැරද්ද කියල මට හිතෙන්නෙ. lecturer ඇවිත් තඩි පොතක් පෙරලගෙන එහෙමත් නැත්නම් power-point presentation එකක් දාගෙන theory කන්දක් උගන්වල යනවා. කිසිදු ප්‍රායෝගික බවකින් තොර වුනු මේ ක්‍රමය තුල කොතරම් දක්ෂ සිසුවෙකුට වුවද සැබැ ලෝකයේදී අලුත් දෙයක් කරන්නට හැකියාවක් තිබේද?. සරසවිවලින් බිහිවන සිසුන් අලුත් සොයා ගැනීම් නොකරයි නම් වෙන කවුරු ඒවැන්නක් කරන්නද?. රටේ සන්වර්ධනයට විශ්ව විද්‍යාලය එකතු නොවන්නේ නම් ඒ රටේ ආශ්චර්යක් සිදු විය හැකිද?

මම දැකපු ගැටුම් වලදී සැබැ ලෙස තම පිරිස මෙහෙයවන්නටද, අති දරුනු අවස්ථා වලදී පවා තම සහෝදර සිසුන් වෙනුවෙන් සටනට එන්නටද පසු බට නොවන සිසුන් සැබැම වීරයෝ වෙති. දක්ෂයෝ ද වෙති. නමුත් ඔවුන් තම හැකියාවන් යොදා ගන්නේ ඵලදායී දෙයකට නොවන වග තේරුම් ගන්නට තරම් අවබෝධයක් ඔවුනට නැත. එසේ නම් ඒ නිවැරදි දැක්ම දිය යුත්තේ කවුරුන්ද? සිසුන්ට කරන්නට වැඩ ඇත්නම් ද අලුත් දැනුම එකතු කරගන්නට ප්‍රයෝගික ක්‍රම ඇතිනම් ද නිකරුනේ ගත කරන කාලයෙන් නව නිපැයුම් බිහිවෙනු ඇති. ඒත් ගැටලුව වන්නේ අපේ සරසවි තුල ඇති සම්පත් වලින් නියම පල ප්‍රයෝජන ලබන්නට සිසුන්ට ඉඩදී තිබේද යන්නයි. නිදසුනක් සපයනවානම් අපේ රටේ campus වල ඇතිවෙන්නට IT centers තිබුනත් එලියට යන බොහෝ සිසු සිසුවියන් facebook account ගැනවත් email එකක් ගැනවත් අව්බෝධයක් නැතිවෙන්නට තරම් පත්ව ඇති තත්වයයි. මේ ගැන නම් මගේ හිතට දැනෙන්නේ තරහකි. මේ තත්වය බොහෝවිට අප දකින්නේ කලා විෂය හදාරන අය අතුරෙනි. මෙවන් පිරිස් විරැකියාවෙන් පෙලීම සාධාරනය. නමුත් ඔවුන් අසරණ උපාධිධරයෝ වෙති. මේ තරම් කිසිදු මග පෙන්වීමක් නොමැති මේ සරසවි අධ්‍යාපනය ගොඩ නගන්නෙ නැතිව අප ආශ්චර්යක් සිදු වෙන තුරු බලාසිටිය යුතුද?

අලයෝ වේවා පොද්දෝ වේවා යමක් කරන්නට ඔවුන් උත්සහ කරයි. කල යුත්තේ campus වසා දමා සිසුන්ගේ අනාගතය බිල්ලට දීම නොව නිවැරදි දැක්මක් තුලින් අනාගතය සරු කර ගන්නට මග පෙන්වීමය. අපේ රටේ ආශ්චර්යක් දකින්නට නම් මේ සරසවි අධ්‍යාපනය ප්‍රතිසන්විධානය කිරීම අත්‍යවශ්‍ය වන අතර private university වලට උඩගෙඩි දෙන අපේ රටේ කොමිස් කාක්කන් මේ අධ්‍යාපනය කන්නට කලින් එය සිදු කල යුතුය. private university හැදුවාට කම් නැත නමුත් රජයේ university එක හරියට නැතුව ඔය දෙවල් කරන්නට බැරිය. හේතුව දෙන්නන් වාලේ degree දුන්නා කියා මේ රට තවත් වල පල්ලට වැටෙනවා මිස නැගිටීමක් බලා පොරොත්තු විය නොහැකිවීමයි.

මේ සරසවි ගැටුම් වලට විසදුම් සොයන්නට පරිපාලනය වේවා, මහචාර්ය වරු වේවා...SWOT analysis කල යුතු නැත. සරලම දේ වැරැද්දට නියම වැරදි කරු සොයා දඬුවම් කිරීමයි.


එය ඉවරයක්ම කල හැකි බව මගේ හැඟීමයි. ත්‍රස්තවාදයට විසදුම දඩුවම බව 30 වසරක යුද්ධය නිමා වූ අයුරින් අපි දුටුවෙමු. එසේ නම් මේවා සුලු වැඩය. අවශ්‍ය වන්නේ රජය මීට වඩා සැලකිල්ලකින් උසස් අධ්‍යාපනය දෙස බැලීම නොවේද?


ඔන්න මම මගේ අලයෝ සහ පොද්දෝ..... කියල ලියපු ලිපි පෙල මෙතනින් නවත්වනව. කියවපු හැමෝටම ස්තුතියි එත් වැදගත් වෙන්නෙ මේකෙන් දෙයක් ගත්තද කියන එක. එහෙනම් මෙතනින් එහාට යමක් කිරීම ඔබට බාරයි. ආයුබෝ වේවා!!!!

Tuesday, June 1, 2010

අලයෝ සහ පොද්දෝ.....3

කවුරු කොහොම කිව්වත් ලන්කාවෙ university එකක මොකක් හරි degree එකක් කරන්න ලැබෙන එක සෙල්ලම් නෑ. මෙකේ තියෙන ෆන් එක Oxford ගියත් හම්බෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ. අවුරුදු ගානක් දුක් විඳලා විඳලා AL exam එක ලියද්දි ඕනම කෙනෙකුට තියෙන එකම හීනය කොහොම හරි campus එන එක.



මට නම් ඔය කියන සරසවි සිහිනය මට 1,2 යි 3යි කියල තේරෙන කාලෙ ඉඳලම තිබුන කිව්වොත් හරි. ඒකට වැඩියෙන්ම හේතු වුනේ තාත්තා. මටත් වැඩිය මාව campus ‍‍‍යවන්න ඕන වුනේ තාත්තට. උදේ හවස ඒක ගැනමයි කියවන්නෙ. මාත් ඉතින් කොහොමහරි ගොඩ දැම්මා. තාත්තා දන්නෙ නෑ AL වලට මොනවද කරන්නෙ ඒ විදියට තමයි campus එකෙ degree තියෙන්නෙ කියල. එයාලට් කෝකත් එකයි. දන්නෙ පුතා campus යනව කියල විතරයි.

මම කියන්න හැදුවෙ මගෙ AL කදන්දරයක් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන අහින්සක දෙමව්පියො තමන්ගෙ දරුවො ගැන තියෙන බලාපොරොතුව ගැන. campus එන ගොඩාක් අයගෙ පසුබිම තමයි මේක. මේ පවුල් පසුබිම වෙනස් වුනාම ඒකෙ බලපැම මොන විදිහටද සරසවි ශිෂ්‍යකුට බලපාන්නෙ කියන එක විස්තර කරන්න අමාරුයි. සරලම උදාහරණයක් කියනවනම් first year එකෙදි කොළඹ ලමයෙකුයි පිටිසර ගමක ලමයෙකුයි අතර දකින්න පුලුවන් වෙනස. මේ වෙනස මොන වගේද කියල තේරුම් ගන්න සමාජය පිළිබඳව ලොකු අවබෝදයක් තියෙන්න. ඒ ඒ පවුල් පසුබිම් තුල ජීවත් වෙලා අත්දැකීම් තියෙන්න ඕන.

මම ඒක තව ටිකක් කියන්නම්. මොකද ඒක ගොඩාක් වැදගත්. මම මුලින්ම ආපු දවස් වල මට මෙලෝ දෙයක් තේරුනෙ නැහැ. lecture ගියාම එලියට එන්නෙ අඬාගෙන. තේරෙන්නෙ නැති නිසා. මම ඒකට උදව්වක් ගන්න පුලුවන් අය විදිහට දැක්කෙ අපේම පැත්තෙන් මෙහෙ ආපු අයියලාගෙන්. ඒ අය විතරයි අදුරන අය වෙන්නෙ. මම මාත් එක්කම class ගියපු මට කලින් මෙහෙ ආපු අයට කිව්වා මට මුකුත් තේරෙන්නෙ නැහැ. මොකද කරන්නෙ කියලා. ඒ අයියල කිව්වා උඹ ඕවා හිතන්න එපා. අපිටත් තවම තෙරෙන්නෙ නැතුව උඹලට තේරෙන්නෙ කොහොමද , ඕවා එච්චර අමාරු නැහැ. මුලු semester එකටම hand out 5ක් 6ක් දෙනවා. ඒවා පාඩම් කරන්න අන්තිමට සති 2ක් දෙනවා, දැන් ෆන් එකෙ ඉඳපන් කියලා. මට මාර fit එකක් අවේ. මට එහෙම කියපු අයියලා අලයෙක් වත් පොද්දෙක් වත් නෙමේ. මොකකටවත් නැතුව හිටපු නිසා මාත් ඒක විශ්වාස කලා. exam ලන් වෙද්දි පපුව පිච්චෙනවා බයටම මොකද වැඩ කරලම තිබුනෙ නැහැනි. කොහොම හරි මම අමාරුවෙන් යාලුවොන්ට වැඳලා වැඳලා කුප්පි ටිකක් දගෙන exam එක ලිව්වා. ඒ exam එක ලියන්න අර කලින් මට talk දීපු අයියත් ඇවිල්ලා හිටියා. මම ඇහුවා ඇයි කියලා repeat එකක්ලු. lectures ලා එයාලත් එක්ක තරහයිලු, ඒක නිසා හොදට ලිව්වට result දෙන්නෙ නැහැලු. ඔන්න ඔය වගේ කතා තමයි අපේ පැත්තෙ අය්යල අලුතෙන් එන මල්ලිලට කියල දෙන්නෙ. ඒකෙ වැරැද්ද එයාලගෙ නෙමෙයි. ඒ වෙද්දි එයාලත් දන්නෙ එච්චරයි.

මේක තමයි මුල්ම semester එකේදි අලුතෙන් එන කවුරුත් අත්විඳින දේ. ඒක තමයි පසුබිම බලපානවා කියන්නෙ. හොදට හොයල බැලුවොත් ඔයාලට පේනවා ඇති ගහ ගන්න ගොඩක් දඟලන අය ටිකක් දුර බැහැර පැති වලින් ආපු අය බව. ඇත්තටම එයාල එහෙම කරන්නෙ එයාලගෙ ලගින්ම ඉන්න අය අනුමත කරන දේ. කොළඹ එහෙමත් නැතිනම් ටිකක් දියුණු පවුල් පසුබිමකින් ආපු අය කරන දේ බලන්න. ඒ අය ගහ ගන්න ටිකක් බයයි, ඇත්තටම බය නෙමෙයි උන්ට තේරෙනව මේක ගොන් වැඩක් කියල. අනික ගලක් ගහපුවම තව එකෙක්ට වැදිල තුවාල වෙනව කියල තේරෙනව. අනික දේපල හානිය. ඔය හැමදෙටම වැඩිය එයාලට යන්න class තියෙනවා. උන් කරන්නෙ ගහ ගන්න දවස් වලට professional qualification හදා ගන්න එක.

මට 1st semester එක ඉවරවෙද්දි යන්තමට වගේ තේරුනා ඉගෙන ගන්න එක තම්යි වටින්නෙ. මුල වරද්ද ගත්තු අය හිත ඇතුලෙන් දුක් වෙනව පිටට පෙන්නන්නෙ බොරුවක් කියලා. පස්සෙ මම හොදට result දාලා පාඩුවෙ ඉන්න අයියලා කීප දෙනෙක් හම්බෙලා ටිකක් උපදෙස් ගත්තා මොකක්ද හරි දේ කියල තේරුම් ගන්න. ඒ අය්යල බැලුවෙ ලඟ නෙවෙයි ගොඩාක් දුර. මට කිව්වෙ මල්ලි පාඩම් කරන්න පුලුවන් පරිසරයකට යන්න, library ගිහින් පොත් කියවන්න, CIMA, CIM, Java, MCTP වගේ ඒවා කරන්න. ගහ ගන්නෙ මෝඩ කමට, එකම campus එකේ ඉන්න අපි මොකටද ගහ ගන්නෙ , අපි යද්දි මේව අරගෙන යන්නෙ නැ. අන්තිමට තනි වෙනවා. එදාට කවුරුත් නැ කියලා. ඇත්තටම මට 1st year එකෙ 2nd sem එක වෙද්දි ගොඩක් දේවල් තේරුනා. ඇත්තම කිව්වොත් මුල් කාලේ අනිත් අය මුලු දවසම පාඩම් කරද්දි මට හිතුනෙ උන් ගෙවල් ඇතුලෙම හැදිල දන්න එකම දේ පාඩම විතරයි කියලා. පස්සෙ තමයි මට තේරුනා මේ ලෝකය අපි දකින විදිහට නෙවෙයි තව්ත් අය දකින්නෙ කියල. අපි හැසිරෙන්නෙ අපේ සිතුවිලි වලට අනුව. සිතුවිලි වලට බලපාන්නෙ පරිසරය හා පසුබිම.

දැන් කියන්න හදන්නෙ මම දැකපු තවත් විශේෂ පිරිසක් ගැන. එයාලත් ගැටුම් වලදි පෙරමුණේම ඉන්න අය. එයාලට ගෙවල් වලින් ප්‍රශ්ණ නෑ. හැමදාම හවසට අම්මියි , තාත්තියි office එකේ ඉදන් call කරල දුක සැප අහනවා. campus එකෙන් කනවා හරිම අඩුයි. අලුත් ඇදුම් පැලදුම්, බැග්, සපත්තු සමහර විට laptop එහෙමත් තියෙනවා. ඒ අයට ගෙවල් වලින් අබමල් රේණුවකත් ප්‍රශ්ණ නෑ. එයලට එකේක courses කරන්න ඇති වෙන්න සල්ලි තිබුනත් එහෙම ආශාවක්වත් උවමනාවක්වත් නෑ. subject ගොඩ දාන එකත් එච්චර අමාරු නෑ. හේතුව english medium එකත් එක්ක වැඩ කරන එක එයාලට පුරුදුයි.


එහෙම අයට තියෙන ලොකුම අවුල තමයි ගොඩක් වෙලාවට AL කරන කාලේ හරි OL කරන කාලේ හරි ස්කොලෙදි පිස්සු කෙලින්න බැරිවුනු එක. ඒ වුනාට ඒ වගේ අය කරන දෙවල් දැකල අව්ස්ථාවක් ලැබෙනකල් බලා ඉන්නෙ අත්හදා බලන්න. ඒකට හම්බෙන හොදම අවස්ථාව තමයි campus එකේ වලිය. බලන්න ගහගත්තාම කාටවත් ප්‍රශ්න නැ. කාගෙන්වත් අහන්නෙ නැ. කාටවත් නඩු නැ. වීදුරු, දේපල කැඩුනට ගෙවන්න ඕනෙත් නෑ. අනික ඉතින් ගල්නෙ ගහ ගන්නෙ පොඩි කාලේ වගේ මූණට මූණ ගහගන්නෙත් නෑනි. හිත බය වුනාට අවුලකුත් නැ. අනික කට්ටියක් බලගෙන ඉන්නවා එහෙම වුනාම ඉතින් එකෙක් තව එකෙක් පරයා යන තරමට perform කරන්න තමයි හදන්නෙ. විශේෂයෙන් එහෙම අයට ලොකු පාත්ති එහෙම තියෙනවා ඒ අයත් මෙයලව හොදට moral කරනවා.

මම මේ ලිව්වෙ මට තේරෙන මම දැකපු සරල ඇත්ත. මේ කියපු සරල දෙවල් ටික බොහෝ දෙනෙකුට තේරෙන්නෙ ගොඩක් පරක්කු වෙලා. කියවලා හිතන්න තමන් මොන වගෙද කියල. තවත් රසවත් කොටස් කීපයක් තියෙනවා. කියවල comment එකක් දාන්න. එහෙම වුනාම තමයි මේකෙ නියම හරය ලැබෙන්නෙ. මොකද මම ආසයි මට තාමත් දකින්න බැරිවුනු ලෝකය ඔබ තුලින් දකින්න.

Monday, May 31, 2010

අලයෝ සහ පොද්දෝ.....2

මගේ අල කතාව පටන් ගන්නෙ කැම්පස් එක ලඟම ගමේ තිබුනු හොස්ටල් එකෙන්. ඊට පස්සෙ තව හොස්ටල් එකකටත් මම යනවා. ඒක තමයි ලොකු එක ටිකක් ඈත තිබුනෙ. ඈත්තටම මම මම ගැනම කිව්වොත් ඒ දවස් ව්ල මට කැපී පෙනීමේ ආශාවක් තදටම තියෙන්න ඈති. කොහොමහරි මම අල හොස්ටල් එකේ culture එකට ගොඩක් කැමති වුනේ ටිකක් නිදහසේ ඉන්න පුලුවන්කම තිබුනු නිසා. අනික තමයි ඉතින් brain wash එක. ඒක කොච්චර දරුනුද කියනවනම් මට ටික දවසකට පස්සෙ අර එකට කාපු බීපු පොද්දො ටික පේන්න බැරුව ගියා..

ටික දවසකට පස්සෙ මට ඈතුලෙ ඉන්න science පොද්දො 2ක් 3ක් හම්බුනා. ඒ අය්යල මට කිව්වා මල්ලි ගියපු එක හොදයි ඈතුලෙ ඉද්දි අපිට යන්න කියන්න බැරුව හිටියෙ. හොදට පාඩම් වැඩ ටික කරගන්න කියල.

ඔන්න ඕක තමයි සැබැම තත්වය. මුල වැරදුනම එකේ වන්දිය ගෙවන්න වෙන්නෙ තමන්ගෙ degree එකෙන්. අසරණ වුනාම කවුරුවත් උදව් කරන්නේ නැහැ. science එකේ ඉදන් පොද්දෙක් වෙලා මේ සමාජ ක්‍රමය වැරදි කියල තර්ක කරන අයටත් තමන්ගෙ ජීවිතේ වරද්ද ගත්තා කියලා තේරෙන්න කාලයක් ගත වෙනවා. campus එකෙ බොහෝ දේවල් වල හරි ස්වරූපය තේරෙන්නෙ කාලයත් එක්ක ලබන අත්දැකීම් එක්ක. ඒ වෙද්දි බොහෝ දේවල් සිද්ද වෙලා තියෙන්න පුලුවන්. සමහර දෙවල් අපිට ආයෙ කවදවත් නිවැරදි කරන්න බැ.



ඒකට මම ගන්න සරලම උදාහරනය තමයි 2nd year එකෙදි අපේ හැසිරීම. ඒ කාලෙදි ගෙවල් වලින් හොයනවා අඩුයි. සල්ලිත් දෙනවා. ලස්සනට අදින්න හිතෙනවා. කෙල්ලෙක් ඕන කියල හිතෙනවා. තමන් හරි අනුන් වැරදි කියලමයි හිතන්නෙ. හැම වෙලවෙම බලන්නෙ කොහේ හරි පොරක් වෙන්න. ඒ වගේම තමයි අනිත් පැත්ත. අසාධාරණේ පේන්න බැ. හැම වෙලාවෙම බලන්නෙ 3rd years ලව අබිබවා යන්න. ඈත්තම කිව්වොත් science එක අපේ කියලමයි හිතන්නෙ. හැමෝටම බනිනවා. පුදුම batch fit එකක් තියෙන්නෙ. තව එකක් මේ හැමදේටම හේතුව වෙන්නෙ තමන් යටතෙ අලුත් පුන්චි එවුන් ඉන්නවා කියල මතක් වෙද්දි. ඒ කලෙදි හිතට එන එකම දේ තමයි අපිට වුනු අසධාරණ කම් first years ලට දෙන්නෙ නැහැ කියන එක. පුදුම ආදරයක් තියෙන්නෙ. ඉතින් හිතේ හැටියට තෙල ගහනව. පොඩි එවුන් අය්යල දිහා බලන් ඉදල අයියලා අතරින් dial අයියලා ටික අදුර ගන්නවා.

ඊට පස්සෙ අර dial වෙලා ඉන්න අය්යලා තමයි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නෙ. මමත් first year ඉද්දි එහෙම අය්යලා ගොඩක් සෙට් වුනා. මම එයාලගෙන් අහන්නෙම කොහොමද අය්යෙ lecture යන්නෙ නැතුව් exam ගොඩ දාන්නෙ කියලා. ඒ අය්යල කිව්වෙ උබලට තවම තෙරෙන්නෙ නැහැ අන්තිම සතියෙ කුප්පියක් දා ගත්තාම හරි කියලා. අපරාදේ කියන්න ඒ සමහර අය්යල තාමත් අපිත් එක්ක exam ලියනවා. දවසින් දවස ගෙවෙද්දි අර ලොකු අයියලා පොඩි එවුන් අතරින් කැපී පෙනෙන චරිත වෙන වෙනම අදුර ගන්නවා. ඊට පස්සෙ ඒ අයට තමන්ගෙ අතින් කන්න බොන්න එහෙමත් දීලා දරුණු තෙලක් ගහලා පොරක් බවට අබිශේක කරනවා. ඒ සදහා කලින් සැලසුම් කරගත් උත්සව අවස්ථා එහෙම යොදා ගන්නවා. ඉස්සර රජවරු තම රජකම දරුවන්ට දුන්නා වගේ ආදරෙන් තමයි මේ අයියලා අර පොඩි එවුන්ට faculty එක බාර දෙන්නෙ. ඈයි දන්නවද එහෙම අය හදන්නෙ එහෙම හැදුවෙ නැත්නම් හැමෝම පාඩුවෙ ඉගෙන ගන්නව. එහෙම වුනොත් අර dial පරපුර නැතිවෙනවා. ඒ අය කියන විදිහට නම් faculty එක බලා ගන්න කවුරුවත් නැති වෙනවලු.

මේ කියන ක්‍රම වේදය අල පොදු බෙදයකින් තොරව සිද්ධ වෙන දෙයක්. මේක් තමයි අප හදුනා ගත යුතු මූල බීජය වෙන්නෙ. campus එකෙ ඉන්න කෙනෙකුට නම් දැන් තේරෙනවා ඈති කවුද වලි දාගන්නෙ කියලා. මම තව ගොඩක් දේවල් කියන්නම්. මේ කිව්වෙත් ගොඩක් ඒවා අයින් කරලා. මොකද ඈත්ත් තිත්ත වෙන්න පුලුවන්නෙ.

මම මේ try කරන්නෙ අතරමන්වෙන්න පුලුවන් අසරණ සහොදරයන්ට මගේ අත්දැකීම් එක්ක හරි දේ සහ වැරදි දේ අඳුර ගන්න උදව්වක් කරන්න. පස්සෙ දුක් වෙනවට වඩා දැන් දැන්ම වැරදි හදුනා ගන්න එක හොඳයිනෙ.

මතු සම්බන්ධයි....

අලයෝ සහ පොද්දෝ.....1


ඉතින් කාලෙකට පස්සෙ මට අයෙත් ලියන්න හිතුනා. නිකම්ම නිකම් කාලය ගත කරන එකේ ලියන එක හොදයිනෙ.
අද මගෙ මාතෘකාව වෙන්නෙ අලයෝ සහ පොද්දෝ කියන එක. මට ඔය දෙකම ගැන කතා කරන්න පැහැදිලි අයිතියක් තියෙන්නෙ ඔය දෙකටම මම සම්බන්ඬ් වෙලා හිටපු නිසයි. එහෙම නැති අයටත් අද්හස් දැක්වීමේ පූර්ණ අයිතිය තියෙනවා.

කතාව පටන් ගන්නෙ ලගදිම සිදුවුනු වලියත් සිහි කරමින්. ඒකෙදි මොකද වුනේ. ස්කෝලෙදි ගලක් ගහන්න තියා වැටකට උඩින් පැනගන්න බැරුව බොතල් අඩි කන්නාඩි දාගෙන සර්ලා මිස්ලා පස්සෙ ගාට ගාට හිටපු මල්ලිලා campus ඈවිත් පොරවල් වගේ ඉන්න full try එකක් දෙන හැටි අපි දැක්කා. වැරැදි ඒ අහින්සක පොඩි වුන් නෙවෙයි මහ එවුන්. මහ වුන්ගේ වැරැදි කාරයො වෙන්නෙ ඊට උඩින් හිටපු මහ එවුන්.

Brain wash කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. අහින්සකව, අන්ගුලි මාල කෙනෙක් කලෙත් Brain wash කරලා. එතකොට කවුද මේක කරන්නේ ඈයි එහෙම කරන්නේ...ගොඩක් අය දැනගෙන නෙමෙයි ඒත් සමහරු හොදට දැනගෙන කරන්නෙ අත්දැකීම් එක්ක. පොඩි උන් කැම්පස් එන්නෙ මොනවත් දන්නෙ නැතුව. මම ඒක
මගෙ අත්දැකීම් එක්ක විස්තර කරන්නම් මේ විදියට.

මම මුලින්ම ගියෙ ඈතුලෙ හොස්ටල් එකට. එහෙදි අයියලා ඈවිත් පිස්සු හැදෙන talks ටිකක් දීලා මාව හොදට moral කලා. ඊට පස්සෙ මම එලම පොද්දෙක් වගෙ ටික කාලයක් අලයන්ට හොරෙන් ඈතුලෙ හිටියා. ඈත්තම කිව්වොත් පොද්දො හරිම බොලදයි. උන්ගෙ අදහස් මේ සමාජෙට කොහොමටවත් හරියන්නෙ නෑ. උන්ගෙ රෑග් එක පට්ටම චාටර්.. ඒවා ගොඩාක් පරන විදිහෙ නිසා මට ෆන් එකක් තිබුනෙ නෑ. මම ඒ දවස්වල කොල්ලො සෙට්
එකක් එක්ක ඉන්න ආසයි. ඉතින් අලයො කොච්චර තග දැම්මත් මම ඈතුලෙම හිටියා. ටික දවසකින් තේරුනා මුලු science faculty එකම අල වෙද්දි අපි තුන් හතර දෙනෙක් විතරක් පොද්දො එක්ක ඉන්නව කියලා. පස්සෙ බලපුවාම කලින් අවුරුද්දේ එහෙම හිටපු අය්යලා lecture යන්නෙ නෑ. ගුටි කන්න වෙන නිසා.

මම තව යාලුවෙක් එක්ක ඈතුලෙ හොස්ටල් එකෙන් පනින්න තීරණය කළා. ඒත් ඒ වෙද්දි පොද්දො අපිට සද්දෙ දානව පැනලා අහුවුනොත් ගහනවා කියලා. ඔහොම ඉද්දි අපි දෙන්නා අල අයියලාට හොදටම මාට්ටු වුනා. ඊට පස්සෙ අපිට එලියෙ හොස්ටල් ආවෙ නැත්තම් lecture එන්න එපා කිව්වා. අපි දෙන්නා ශේප් එකෙ phone number එකක් ඉල්ල ගත්තා. පස්සෙ දවසෙ පානදර 4ට අපි අර num එකට call කරලා හොස්ටල් එකෙන් පැන්නා...එදා ඒ num එක දුන්නු අල අය්යා පාන්දර 4ට අපිව අරන් යන්න ආවා..

මොනා වුනත් මම එලියට ආවෙ හිතකින් නෙවේයි. Campus life එකේ හොදටම ෆන් ගන්න පුලුවන් තැන තමයි ඈතුලෙ හොස්ටල් එක. ඉගෙන ගන්නත් ලේසිම තැන එතන. සමාජ වාදී මෝඩයො ටික නැති වෙලා සිරාවට ඔලුව තියෙන සමාජ අවබෝධය තියෙන pissu නැති කොල්ලො සෙට් එකක් හිටියා නම් කැළණි කැම්පස් එකත් අද හොඳ තැනක..

මම ඈතුලෙ කතන්දරේ මෙතනින් නවත්වනවා. ඊලඟ එකෙදි වැඩි විස්තර......