ටික දවසකට පස්සෙ මට ඈතුලෙ ඉන්න science පොද්දො 2ක් 3ක් හම්බුනා. ඒ අය්යල මට කිව්වා මල්ලි ගියපු එක හොදයි ඈතුලෙ ඉද්දි අපිට යන්න කියන්න බැරුව හිටියෙ. හොදට පාඩම් වැඩ ටික කරගන්න කියල.
ඔන්න ඕක තමයි සැබැම තත්වය. මුල වැරදුනම එකේ වන්දිය ගෙවන්න වෙන්නෙ තමන්ගෙ degree එකෙන්. අසරණ වුනාම කවුරුවත් උදව් කරන්නේ නැහැ. science එකේ ඉදන් පොද්දෙක් වෙලා මේ සමාජ ක්‍රමය වැරදි කියල තර්ක කරන අයටත් තමන්ගෙ ජීවිතේ වරද්ද ගත්තා කියලා තේරෙන්න කාලයක් ගත වෙනවා. campus එකෙ බොහෝ දේවල් වල හරි ස්වරූපය තේරෙන්නෙ කාලයත් එක්ක ලබන අත්දැකීම් එක්ක. ඒ වෙද්දි බොහෝ දේවල් සිද්ද වෙලා තියෙන්න පුලුවන්. සමහර දෙවල් අපිට ආයෙ කවදවත් නිවැරදි කරන්න බැ.

ඒකට මම ගන්න සරලම උදාහරනය තමයි 2nd year එකෙදි අපේ හැසිරීම. ඒ කාලෙදි ගෙවල් වලින් හොයනවා අඩුයි. සල්ලිත් දෙනවා. ලස්සනට අදින්න හිතෙනවා. කෙල්ලෙක් ඕන කියල හිතෙනවා. තමන් හරි අනුන් වැරදි කියලමයි හිතන්නෙ. හැම වෙලවෙම බලන්නෙ කොහේ හරි පොරක් වෙන්න. ඒ වගේම තමයි අනිත් පැත්ත. අසාධාරණේ පේන්න බැ. හැම වෙලාවෙම බලන්නෙ 3rd years ලව අබිබවා යන්න. ඈත්තම කිව්වොත් science එක අපේ කියලමයි හිතන්නෙ. හැමෝටම බනිනවා. පුදුම batch fit එකක් තියෙන්නෙ. තව එකක් මේ හැමදේටම හේතුව වෙන්නෙ තමන් යටතෙ අලුත් පුන්චි එවුන් ඉන්නවා කියල මතක් වෙද්දි. ඒ කලෙදි හිතට එන එකම දේ තමයි අපිට වුනු අසධාරණ කම් first years ලට දෙන්නෙ නැහැ කියන එක. පුදුම ආදරයක් තියෙන්නෙ. ඉතින් හිතේ හැටියට තෙල ගහනව. පොඩි එවුන් අය්යල දිහා බලන් ඉදල අයියලා අතරින් dial අයියලා ටික අදුර ගන්නවා.
ඊට පස්සෙ අර dial වෙලා ඉන්න අය්යලා තමයි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නෙ. මමත් first year ඉද්දි එහෙම අය්යලා ගොඩක් සෙට් වුනා. මම එයාලගෙන් අහන්නෙම කොහොමද අය්යෙ lecture යන්නෙ නැතුව් exam ගොඩ දාන්නෙ කියලා. ඒ අය්යල කිව්වෙ උබලට තවම තෙරෙන්නෙ නැහැ අන්තිම සතියෙ කුප්පියක් දා ගත්තාම හරි කියලා. අපරාදේ කියන්න ඒ සමහර අය්යල තාමත් අපිත් එක්ක exam ලියනවා. දවසින් දවස ගෙවෙද්දි අර ලොකු අයියලා පොඩි එවුන් අතරින් කැපී පෙනෙන චරිත වෙන වෙනම අදුර ගන්නවා. ඊට පස්සෙ ඒ අයට තමන්ගෙ අතින් කන්න බොන්න එහෙමත් දීලා දරුණු තෙලක් ගහලා පොරක් බවට අබිශේක කරනවා. ඒ සදහා කලින් සැලසුම් කරගත් උත්සව අවස්ථා එහෙම යොදා ගන්නවා. ඉස්සර රජවරු තම රජකම දරුවන්ට දුන්නා වගේ ආදරෙන් තමයි මේ අයියලා අර පොඩි එවුන්ට faculty එක බාර දෙන්නෙ. ඈයි දන්නවද එහෙම අය හදන්නෙ එහෙම හැදුවෙ නැත්නම් හැමෝම පාඩුවෙ ඉගෙන ගන්නව. එහෙම වුනොත් අර dial පරපුර නැතිවෙනවා. ඒ අය කියන විදිහට නම් faculty එක බලා ගන්න කවුරුවත් නැති වෙනවලු.
මේ කියන ක්‍රම වේදය අල පොදු බෙදයකින් තොරව සිද්ධ වෙන දෙයක්. මේක් තමයි අප හදුනා ගත යුතු මූල බීජය වෙන්නෙ. campus එකෙ ඉන්න කෙනෙකුට නම් දැන් තේරෙනවා ඈති කවුද වලි දාගන්නෙ කියලා. මම තව ගොඩක් දේවල් කියන්නම්. මේ කිව්වෙත් ගොඩක් ඒවා අයින් කරලා. මොකද ඈත්ත් තිත්ත වෙන්න පුලුවන්නෙ.
මම මේ try කරන්නෙ අතරමන්වෙන්න පුලුවන් අසරණ සහොදරයන්ට මගේ අත්දැකීම් එක්ක හරි දේ සහ වැරදි දේ අඳුර ගන්න උදව්වක් කරන්න. පස්සෙ දුක් වෙනවට වඩා දැන් දැන්ම වැරදි හදුනා ගන්න එක හොඳයිනෙ.
මතු සම්බන්ධයි....