Sunday, May 13, 2012

රට යන අත මට දැනෙන හැටි...

අයියෝ සල්ලි... උදේ යනවා හවසට එනවා. පාරට බැස්සම හැමදාම කඩියො වගෙ දුවන සෙට් එක දකිනවා. හවසට ඒ ටිකම ආපහු ගෙදර දුවනව දකිනවා. යන එන ගමන් කඩල අන්කල් ගෙන් කීයක් හරි දීලා මොනවා හරි කන ගමන් බෝඩිමට යන එක තමයි වෙන්නේ. වෙනදට වඩේ අරන් ඉතිරි දහයට කඩල ටිකක් ගන්නවා. ගිය සතියෙත් ගත්තා. ඒත් අද පුතා ඉතිරි දහයට දෙන්න දෙයක් නැ කිව්වනෙ. 

මම එහෙම කිව්වෙ රුපියලට ගිය කලට වඩා දහයට වෙලා තියෙන දේ කියන්න. කොහොම හරි දැන්නම් තත්වෙ එච්චර සුබ නෑ කියල කාට කාටත් තේරෙනවනෙ. මම මේවා කියන්නෙ ආණ්ඩු පෙරලන්නවත් එහෙම නැත්නම් විවේචනය කරලා පොරක් වෙන්නවත් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට අපි සාමාජීය ප්‍රශ්ණ ගැන පුලුල් කතිකාවක් ඇති කල යුතු වෙනවා. 

අපේ රටේ මිනිස්සු වෙන රටවල මිනිස්සුන්ට වඩා වෙනස් කියලා අර ඇඩ් එකෙත් කියන්නෙ. අපේ මිනිස්සු හිනා වෙලා සතුටින් සරලව ජීවත් වෙන්නයි කැමති. මට නම් දැන් පාරට බැස්සම දැනෙන්නෙ මිනිස්සු ලොකු පීඩනයකින් ජීවත් වෙන බව. පොඩි එකාව ඉස්කෝලෙට දානකම් ගින්දර. ඊට පස්සෙ වියදම සීමාවක් නෑ. 



කොහොම උනත් පාන් කන්න බැරිනම් කේක් කාපල්ල කියලා කියන දවස වැඩි ඈතක නෙමෙයි වගේ. උන්ටම ගියපු රට. එහෙම කිව්වෙ දේශ පාලුවන්ට. උන්ට ඉතින් ඔය අමාරුකම් තේරෙන එකක්යැ.

වෙලාවකට මෙහෙමත් හිතෙනවා. අපේ රජතුමාට ඇත්තටම රටවැසියට මේක සුරපුරක් කරලා දෙන්න ඕනකමක් ඇති. ඒක ඉතින් කරපු, කරන්න හදලා එරුනු, සහ කරන්න හදන මහා වැඩ වලින් පේනවනෙ. එත් රටවැසියට මෙච්චර කෙලවෙලා ඉන්නෙ ඇයි එහෙනම් කියලත් බලන්න වෙනවා.

 මට තේරෙන විදියට රාජ සභාවයි රාජ පුරුෂයො ටිකයි වැඩේ වැරදියටයි තේරුම් අරන් ඉන්නෙ. උන්ගෙ හිතේ රජතුමා රට වැසියට නෙවෙයි අපිට කරගන්නයි මේ වරම දුන්නෙ කියලා. 



මේක දැන් පිලිලයක් වෙන තරමට වැඩි වෙලානෙ. ඒක හන්ගන්න ඕනේ නෑ. මොකද පාරට බැස්සම දකින සහ අත් විදින දෙවල් අමුතුවෙන් කිවයුතු නෑ. මට හිතා ගන්න බැරි මෙච්චර පෙනි පෙනී රාජ සභාවයි රාජ පුරුෂයොයි පිස්සු කෙලිද්දි රජතුම මර නින්දෙ ඇයි කියලා. එහෙම බලද්දි නම් මම හිතුව විදිහ වැරදියි. ඉතින් රට වැසියන්ට මක්කෙයි හිතෙන්නෙ කිව්වනම්...