Monday, May 31, 2010

අලයෝ සහ පොද්දෝ.....2

මගේ අල කතාව පටන් ගන්නෙ කැම්පස් එක ලඟම ගමේ තිබුනු හොස්ටල් එකෙන්. ඊට පස්සෙ තව හොස්ටල් එකකටත් මම යනවා. ඒක තමයි ලොකු එක ටිකක් ඈත තිබුනෙ. ඈත්තටම මම මම ගැනම කිව්වොත් ඒ දවස් ව්ල මට කැපී පෙනීමේ ආශාවක් තදටම තියෙන්න ඈති. කොහොමහරි මම අල හොස්ටල් එකේ culture එකට ගොඩක් කැමති වුනේ ටිකක් නිදහසේ ඉන්න පුලුවන්කම තිබුනු නිසා. අනික තමයි ඉතින් brain wash එක. ඒක කොච්චර දරුනුද කියනවනම් මට ටික දවසකට පස්සෙ අර එකට කාපු බීපු පොද්දො ටික පේන්න බැරුව ගියා..

ටික දවසකට පස්සෙ මට ඈතුලෙ ඉන්න science පොද්දො 2ක් 3ක් හම්බුනා. ඒ අය්යල මට කිව්වා මල්ලි ගියපු එක හොදයි ඈතුලෙ ඉද්දි අපිට යන්න කියන්න බැරුව හිටියෙ. හොදට පාඩම් වැඩ ටික කරගන්න කියල.

ඔන්න ඕක තමයි සැබැම තත්වය. මුල වැරදුනම එකේ වන්දිය ගෙවන්න වෙන්නෙ තමන්ගෙ degree එකෙන්. අසරණ වුනාම කවුරුවත් උදව් කරන්නේ නැහැ. science එකේ ඉදන් පොද්දෙක් වෙලා මේ සමාජ ක්‍රමය වැරදි කියල තර්ක කරන අයටත් තමන්ගෙ ජීවිතේ වරද්ද ගත්තා කියලා තේරෙන්න කාලයක් ගත වෙනවා. campus එකෙ බොහෝ දේවල් වල හරි ස්වරූපය තේරෙන්නෙ කාලයත් එක්ක ලබන අත්දැකීම් එක්ක. ඒ වෙද්දි බොහෝ දේවල් සිද්ද වෙලා තියෙන්න පුලුවන්. සමහර දෙවල් අපිට ආයෙ කවදවත් නිවැරදි කරන්න බැ.



ඒකට මම ගන්න සරලම උදාහරනය තමයි 2nd year එකෙදි අපේ හැසිරීම. ඒ කාලෙදි ගෙවල් වලින් හොයනවා අඩුයි. සල්ලිත් දෙනවා. ලස්සනට අදින්න හිතෙනවා. කෙල්ලෙක් ඕන කියල හිතෙනවා. තමන් හරි අනුන් වැරදි කියලමයි හිතන්නෙ. හැම වෙලවෙම බලන්නෙ කොහේ හරි පොරක් වෙන්න. ඒ වගේම තමයි අනිත් පැත්ත. අසාධාරණේ පේන්න බැ. හැම වෙලාවෙම බලන්නෙ 3rd years ලව අබිබවා යන්න. ඈත්තම කිව්වොත් science එක අපේ කියලමයි හිතන්නෙ. හැමෝටම බනිනවා. පුදුම batch fit එකක් තියෙන්නෙ. තව එකක් මේ හැමදේටම හේතුව වෙන්නෙ තමන් යටතෙ අලුත් පුන්චි එවුන් ඉන්නවා කියල මතක් වෙද්දි. ඒ කලෙදි හිතට එන එකම දේ තමයි අපිට වුනු අසධාරණ කම් first years ලට දෙන්නෙ නැහැ කියන එක. පුදුම ආදරයක් තියෙන්නෙ. ඉතින් හිතේ හැටියට තෙල ගහනව. පොඩි එවුන් අය්යල දිහා බලන් ඉදල අයියලා අතරින් dial අයියලා ටික අදුර ගන්නවා.

ඊට පස්සෙ අර dial වෙලා ඉන්න අය්යලා තමයි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නෙ. මමත් first year ඉද්දි එහෙම අය්යලා ගොඩක් සෙට් වුනා. මම එයාලගෙන් අහන්නෙම කොහොමද අය්යෙ lecture යන්නෙ නැතුව් exam ගොඩ දාන්නෙ කියලා. ඒ අය්යල කිව්වෙ උබලට තවම තෙරෙන්නෙ නැහැ අන්තිම සතියෙ කුප්පියක් දා ගත්තාම හරි කියලා. අපරාදේ කියන්න ඒ සමහර අය්යල තාමත් අපිත් එක්ක exam ලියනවා. දවසින් දවස ගෙවෙද්දි අර ලොකු අයියලා පොඩි එවුන් අතරින් කැපී පෙනෙන චරිත වෙන වෙනම අදුර ගන්නවා. ඊට පස්සෙ ඒ අයට තමන්ගෙ අතින් කන්න බොන්න එහෙමත් දීලා දරුණු තෙලක් ගහලා පොරක් බවට අබිශේක කරනවා. ඒ සදහා කලින් සැලසුම් කරගත් උත්සව අවස්ථා එහෙම යොදා ගන්නවා. ඉස්සර රජවරු තම රජකම දරුවන්ට දුන්නා වගේ ආදරෙන් තමයි මේ අයියලා අර පොඩි එවුන්ට faculty එක බාර දෙන්නෙ. ඈයි දන්නවද එහෙම අය හදන්නෙ එහෙම හැදුවෙ නැත්නම් හැමෝම පාඩුවෙ ඉගෙන ගන්නව. එහෙම වුනොත් අර dial පරපුර නැතිවෙනවා. ඒ අය කියන විදිහට නම් faculty එක බලා ගන්න කවුරුවත් නැති වෙනවලු.

මේ කියන ක්‍රම වේදය අල පොදු බෙදයකින් තොරව සිද්ධ වෙන දෙයක්. මේක් තමයි අප හදුනා ගත යුතු මූල බීජය වෙන්නෙ. campus එකෙ ඉන්න කෙනෙකුට නම් දැන් තේරෙනවා ඈති කවුද වලි දාගන්නෙ කියලා. මම තව ගොඩක් දේවල් කියන්නම්. මේ කිව්වෙත් ගොඩක් ඒවා අයින් කරලා. මොකද ඈත්ත් තිත්ත වෙන්න පුලුවන්නෙ.

මම මේ try කරන්නෙ අතරමන්වෙන්න පුලුවන් අසරණ සහොදරයන්ට මගේ අත්දැකීම් එක්ක හරි දේ සහ වැරදි දේ අඳුර ගන්න උදව්වක් කරන්න. පස්සෙ දුක් වෙනවට වඩා දැන් දැන්ම වැරදි හදුනා ගන්න එක හොඳයිනෙ.

මතු සම්බන්ධයි....

අලයෝ සහ පොද්දෝ.....1


ඉතින් කාලෙකට පස්සෙ මට අයෙත් ලියන්න හිතුනා. නිකම්ම නිකම් කාලය ගත කරන එකේ ලියන එක හොදයිනෙ.
අද මගෙ මාතෘකාව වෙන්නෙ අලයෝ සහ පොද්දෝ කියන එක. මට ඔය දෙකම ගැන කතා කරන්න පැහැදිලි අයිතියක් තියෙන්නෙ ඔය දෙකටම මම සම්බන්ඬ් වෙලා හිටපු නිසයි. එහෙම නැති අයටත් අද්හස් දැක්වීමේ පූර්ණ අයිතිය තියෙනවා.

කතාව පටන් ගන්නෙ ලගදිම සිදුවුනු වලියත් සිහි කරමින්. ඒකෙදි මොකද වුනේ. ස්කෝලෙදි ගලක් ගහන්න තියා වැටකට උඩින් පැනගන්න බැරුව බොතල් අඩි කන්නාඩි දාගෙන සර්ලා මිස්ලා පස්සෙ ගාට ගාට හිටපු මල්ලිලා campus ඈවිත් පොරවල් වගේ ඉන්න full try එකක් දෙන හැටි අපි දැක්කා. වැරැදි ඒ අහින්සක පොඩි වුන් නෙවෙයි මහ එවුන්. මහ වුන්ගේ වැරැදි කාරයො වෙන්නෙ ඊට උඩින් හිටපු මහ එවුන්.

Brain wash කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. අහින්සකව, අන්ගුලි මාල කෙනෙක් කලෙත් Brain wash කරලා. එතකොට කවුද මේක කරන්නේ ඈයි එහෙම කරන්නේ...ගොඩක් අය දැනගෙන නෙමෙයි ඒත් සමහරු හොදට දැනගෙන කරන්නෙ අත්දැකීම් එක්ක. පොඩි උන් කැම්පස් එන්නෙ මොනවත් දන්නෙ නැතුව. මම ඒක
මගෙ අත්දැකීම් එක්ක විස්තර කරන්නම් මේ විදියට.

මම මුලින්ම ගියෙ ඈතුලෙ හොස්ටල් එකට. එහෙදි අයියලා ඈවිත් පිස්සු හැදෙන talks ටිකක් දීලා මාව හොදට moral කලා. ඊට පස්සෙ මම එලම පොද්දෙක් වගෙ ටික කාලයක් අලයන්ට හොරෙන් ඈතුලෙ හිටියා. ඈත්තම කිව්වොත් පොද්දො හරිම බොලදයි. උන්ගෙ අදහස් මේ සමාජෙට කොහොමටවත් හරියන්නෙ නෑ. උන්ගෙ රෑග් එක පට්ටම චාටර්.. ඒවා ගොඩාක් පරන විදිහෙ නිසා මට ෆන් එකක් තිබුනෙ නෑ. මම ඒ දවස්වල කොල්ලො සෙට්
එකක් එක්ක ඉන්න ආසයි. ඉතින් අලයො කොච්චර තග දැම්මත් මම ඈතුලෙම හිටියා. ටික දවසකින් තේරුනා මුලු science faculty එකම අල වෙද්දි අපි තුන් හතර දෙනෙක් විතරක් පොද්දො එක්ක ඉන්නව කියලා. පස්සෙ බලපුවාම කලින් අවුරුද්දේ එහෙම හිටපු අය්යලා lecture යන්නෙ නෑ. ගුටි කන්න වෙන නිසා.

මම තව යාලුවෙක් එක්ක ඈතුලෙ හොස්ටල් එකෙන් පනින්න තීරණය කළා. ඒත් ඒ වෙද්දි පොද්දො අපිට සද්දෙ දානව පැනලා අහුවුනොත් ගහනවා කියලා. ඔහොම ඉද්දි අපි දෙන්නා අල අයියලාට හොදටම මාට්ටු වුනා. ඊට පස්සෙ අපිට එලියෙ හොස්ටල් ආවෙ නැත්තම් lecture එන්න එපා කිව්වා. අපි දෙන්නා ශේප් එකෙ phone number එකක් ඉල්ල ගත්තා. පස්සෙ දවසෙ පානදර 4ට අපි අර num එකට call කරලා හොස්ටල් එකෙන් පැන්නා...එදා ඒ num එක දුන්නු අල අය්යා පාන්දර 4ට අපිව අරන් යන්න ආවා..

මොනා වුනත් මම එලියට ආවෙ හිතකින් නෙවේයි. Campus life එකේ හොදටම ෆන් ගන්න පුලුවන් තැන තමයි ඈතුලෙ හොස්ටල් එක. ඉගෙන ගන්නත් ලේසිම තැන එතන. සමාජ වාදී මෝඩයො ටික නැති වෙලා සිරාවට ඔලුව තියෙන සමාජ අවබෝධය තියෙන pissu නැති කොල්ලො සෙට් එකක් හිටියා නම් කැළණි කැම්පස් එකත් අද හොඳ තැනක..

මම ඈතුලෙ කතන්දරේ මෙතනින් නවත්වනවා. ඊලඟ එකෙදි වැඩි විස්තර......