Monday, February 14, 2011

බලා ගෙන උන්නාම....

ගාලු කොටුවෙ බැම්මට වෙලා
ඇත ක්ෂිතිජයෙ රත්තරන් පාටින්
ඉර මුහුදෙ ගිලෙන හැටි
බලා ගෙන උන්නාම....

ඉර අවරට ගිහින්
ටිකෙන් ටික කළුවර වැටෙද්දි
ඇතින් එක පේලියට
ගොඩබිමට ඇදෙන ඔරු දිහාවෙ
බලා ගෙන උන්නාම....

රැල්ලෙන් රැල්ල එකතු වෙලා
වේගයෙන් ගලාගෙන ඇවිත්
ගල් බැම්මෙ හැපිලා
වතුර බින්දු විසිරිලා යන හැටි
බලා ගෙන උන්නාම....



මට මතක් වෙන්නෙ
බොඳවුණු අහින්සක ඇස් දෙකින්
මං එනතුරු
මග බලාගෙන ඉන්න
ඔයාව....

Thursday, February 3, 2011

ඔබ ගියා මා හැර දමා...

ජීවිතේ ළඟ දැනෙනවා...දැනෙනවා...
ඒ සිනා හඬ ඇහෙනවා...ඇහෙනවා...
ඔබේ ළමැදේ... දැනුණු පහසේ...
සිහින් නෙතඟේ.. රැඳුනු බැල්මේ...
මගේ සිත අද අතරමන් වෙලා...
ජීවිතේ මගෙ සොයනවා...සොයනවා...

සැරිසරා ම්0 මාවත් දිගේ....
වින්ඳා අපමණ දුක් ගිනී..
දැනුනෙ නැ මට කිසිදිනේ..
ජීවිතේ මගෙ ඔබ නැතී..


ගැන්නා අහසේ තරු පවා..
හිනැ හුනා සඳ රැය පුරා..
සැලුනා කඳු ලැලි නෙතු සලා..
ඔබ ගියා මා හැර දමා...

(පද වැල් නා ..මලෙන්)

Tuesday, February 1, 2011

සරසවියෙන් රැකියාවට....2

කාලෙකට පස්සෙ ලියන්න සෙට් වුනේ. වෙලාවක් නැතුවත් නෙවෙයි කැම්පස් එකෙන් ආවට පස්සෙ නිදහසේ ලියන්න හිත හදා ගන්න ටිකක් අමාරුයි. ලියන්න දේවල් නම් ගොඩයි. පලවෙනි කොටසෙ ලිව්වෙ අපි කොහොමද සරසවියට සමු දුන්නෙ කියලනෙ. අද ලියන්න හදන්නෙ රැකියාවක් ලැබීම සහ ඒ වටා ගොඩ නැගෙන අලුත් ජීවිතේ ගැන.

කැම්පස් එකෙන් out වෙද්දිම job එකක් සෙට් උනොත් හොඳයි. නැත්නම් ඉතින් පට්ට කට්ටක් කන්න වෙනවා. ඒක ඉතින් කාලම බලන්න ඕන කට්ටක්. කැම්පස් ඉද්දි ගෙදරින් ලැජ්ජාවක් නැතුව කීයක් හරි ඉල්ල ගන්න පුලුවන්, අනික ඉතින් කොහොමහරි හාල් වෙවී කාලය ගත කරගන්නත් පුලුවන්නේ. මට නම් තිබුනු ලොකුම අවුල නිකම් මාසයක් ඉන්න වුනු එක. මගෙ ජීවිතේ වැඩිම කාලකන්නිකමක් දැනුනු කාලය ඒ මාසෙ කිව්වොත් හරි. හැබයී තිත්ත වෙනකල් interviews ගියා. ඔහොම ඉද්දි ඔන්න මට පොඩි garment factory එකකින් කතා කලා. මාත් ගියා ඉතින්. ගියපු පලවෙනි දවසම මට නම් හොදටම අවුල්. මොනවා කරන්නද certificates ටිකත් HR එකෙන් ඉල්ලගත්තා. මට අල්ලන්නෙම නැ. දෙවෙනි දවසෙත් ගියා. හොඳ වෙලාවට මට සෙට් උනු Boss සිරාම ඩයල් එකක්. මම ටිකෙන් ටික මගේ objective එක කිව්වා. හරි මල්ලි උඹට අවුල් නම් වෙන තැනකට ගියාට අවුලක් නැ. certificates දෙන්න කියල මම කියන්නම්. අම්මෝ දෙවෙනි දවසෙ මම ආවා. මොනා උනත් එතන මනුස්සකම උතුරපු මිනිස්සු ටිකක් නම් හිටියා.


මොනා උනත් ආයෙත් ජොබ් එකක් නැතුව මට ඉන්න උනා. අයෙම interviews, මට දැන් තිත්ත වෙලා මේ ජීවීතේ. මොකද ගොඩක් අය කරන්නෙ හම්බෙන්නෙ මොකක්ද ඒකම බදා ගෙන කරන එකනි. මට එහෙම හරියන්නෙ නැ. කොහොමහරි ආයෙත් කරුමක්කාර දවස් ගානක් ගෙවන්න උනා. යාළුවො job වලට යද්දි බෝඩිමට වෙලා අහස දිහා බලන් ඉද්දි මට හිතුනු දේවල් ඊළඟ එකෙන් :)