Monday, February 14, 2011

බලා ගෙන උන්නාම....

ගාලු කොටුවෙ බැම්මට වෙලා
ඇත ක්ෂිතිජයෙ රත්තරන් පාටින්
ඉර මුහුදෙ ගිලෙන හැටි
බලා ගෙන උන්නාම....

ඉර අවරට ගිහින්
ටිකෙන් ටික කළුවර වැටෙද්දි
ඇතින් එක පේලියට
ගොඩබිමට ඇදෙන ඔරු දිහාවෙ
බලා ගෙන උන්නාම....

රැල්ලෙන් රැල්ල එකතු වෙලා
වේගයෙන් ගලාගෙන ඇවිත්
ගල් බැම්මෙ හැපිලා
වතුර බින්දු විසිරිලා යන හැටි
බලා ගෙන උන්නාම....



මට මතක් වෙන්නෙ
බොඳවුණු අහින්සක ඇස් දෙකින්
මං එනතුරු
මග බලාගෙන ඉන්න
ඔයාව....

1 comment:

  1. එහෙනම් ඉක්මනය යන එක හොදයි..
    ලස්සන සරල පද .... :)

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....