Showing posts with label Life talks. Show all posts
Showing posts with label Life talks. Show all posts

Saturday, July 14, 2012

ජීවිතේ හැමදාම ඉගෙන ගන්න...

අපි පොඩි දවස්වල හැමෝම ඉස්කෝලෙ යනවා. ගියෙ නැත්නම් අම්මල කොහොම හරි යවනවා. ගෙදර අයගෙ බලකිරීම නිසා යන අය අතරමගදි ඉගෙනීම නවත්තලා තමන්ගෙ හිත කැමති ආකාරයේ රස්සාවක් කරන්න යනවා. ඉගෙන ගෙන ඉහලට යන්න ආසාවක් තියෙන අය කොහොම හරි අමාරුවෙන් ඉස්කෝලෙ යනවා. එහෙම යද්දි exam තියෙනවා. ඒවගෙන් වැඩි ලකුනු ගන්න අය campus යනවා. අනිත් අය එතනින් වෙනත් විකල්පයක් හෝ රැකියාවක් හොයාගන්නවා.

අපිට පුලුවන් ඒ විදියට හරිම සරල විදියට කොටස් 3 කට බෙදා ගන්න. දැන් මේ එක් එක් සාමාජීය කොටස තුල අධ්‍යාපනය කියන දේ අවශ්‍ය වෙන්නෙ කොහොමද කියලා බලමු.

1. මූලික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනය  හැරයන පිරිස



මේ අය බොහෝ විට තමන්ගෙ කය වෙහෙසා වැඩ කිරීමෙන් තමයි අදායමක් ලබා ගන්නෙ. තවත් පිරිසක් හොරමකමින් හෝ සමාජයේ අසම්මත යැයි පිලිගන්නා ක්‍රියා කිරීමෙන් මුදල් සොයති. කෙසේ වෙතත් එතරම් සුව පහසු ජීවිත ගත නොකරන නිසාමත් පරිසරය තුල කුඩා කල සිටම දක්නට  ලැබෙන දෙමව්පියන්ගේ වැරදි ක්‍රියා නිසාවෙනුත්    එම පවුල්වල දරුවන්ද ඒ අකාරයටම පත්වෙයි. 

බොහෝ විට සමාජීය ප්‍රශ්න රැසකට මුල් වන්නේ මෙමෙ අඩු අධ්‍යාපනයෙන්  යුතු පිරිසයි. එසේ හෙයින් ඔවුනට අධ්‍යාපනය  දැඩි අවශ්‍යතාවයකි. 

2. උසස් පෙලින් පසු අධ්‍යාපනය  හැරයන පිරිස



මෙම පිරිස තුල කිසියම් විවිධත්වයක් දැකිය හැකි අකාරයේ කොටස් කීපයක් දැකිය හැක. මෙයින් සමහරු උසස්පෙල විභාගය සඳහා දැඩි ලෙස මහන්සි වුවත් විශ්ව විද්‍යාල සුදුසුකම් නොලත් විට රැකියාවක යොමු වූ අයයි. තවත් පිරිසක් රැකියාවක් පිනිසම උසස් පෙලින් පසු සමුගත් අයයි. තවත් පිරිසක් තමන්ගෙ උරුමයෙන් ලැබුනු ව්‍යාපාර කිරීමට යොමු වූ අයයි. 

මේ අය රැකියාවකට යොමු වූ විට රැකියාව ගැන හෝ ව්‍යාපාරයන් ගැන මූලික දැනුමක් නොමැතිවීම නිසා එම පරිසරය තුලින් ඉගෙන ගන්නට සිදු වෙනවා. ඒ කාර්යය මනාව සිදු කරන අය රැකියාවෙහි හොදින් නිරත වේ. නමුත් මෙම පිරිසට ඇති ප්‍රධාන ගැටළුව වන්නෙ නව නිපැයුම්, නව සංකල්පයන්, හෝ වෙනස් ක්‍රම වේදයන් වලට අනුකූල වීමට ඇති නොහැකියාව සහ බියයි. එකම දේ එකම ආකරයෙන් කරනු දැකීම ඔවුන්ගේ අභිප්‍රායයි. එය ඵලදායීතාවය කෙරේ දැඩිව බලපායි. මේ අයටත් අධ්‍යාපනය   අවශ්‍යය වේ

3. සරසවියෙන් පසු අධ්‍යාපනය  හැරයන පිරිස




සරසවියෙන් පසුව රැකියාවක නියුතු වීම හෝ ව්‍යාපාරයක නියුතු වීම අනිවාර්ය දෙයකි. මෙවැනි අය රැකියාවේදීත් පැරණි ක්‍රම වෙනුවට නව මං මාවත් සොයන අතර තමන්ගේම අනන්‍යතවයක් ගොඩ නගා ගන්නට උත්සහ ගනියි.  මෙහිදී කොටසක් පමනක් තව දුරටත්  අධ්‍යාපනයෙහි  නියැලෙමින් තම අනාගතය තවත් පොෂණය කර ගන්නා නමුත් අනෙක් අය සෑහීමකට පත් වෙයි. මේ අයටත් අධ්‍යාපනය   අවශ්‍යය වේ



Sunday, May 13, 2012

රට යන අත මට දැනෙන හැටි...

අයියෝ සල්ලි... උදේ යනවා හවසට එනවා. පාරට බැස්සම හැමදාම කඩියො වගෙ දුවන සෙට් එක දකිනවා. හවසට ඒ ටිකම ආපහු ගෙදර දුවනව දකිනවා. යන එන ගමන් කඩල අන්කල් ගෙන් කීයක් හරි දීලා මොනවා හරි කන ගමන් බෝඩිමට යන එක තමයි වෙන්නේ. වෙනදට වඩේ අරන් ඉතිරි දහයට කඩල ටිකක් ගන්නවා. ගිය සතියෙත් ගත්තා. ඒත් අද පුතා ඉතිරි දහයට දෙන්න දෙයක් නැ කිව්වනෙ. 

මම එහෙම කිව්වෙ රුපියලට ගිය කලට වඩා දහයට වෙලා තියෙන දේ කියන්න. කොහොම හරි දැන්නම් තත්වෙ එච්චර සුබ නෑ කියල කාට කාටත් තේරෙනවනෙ. මම මේවා කියන්නෙ ආණ්ඩු පෙරලන්නවත් එහෙම නැත්නම් විවේචනය කරලා පොරක් වෙන්නවත් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට අපි සාමාජීය ප්‍රශ්ණ ගැන පුලුල් කතිකාවක් ඇති කල යුතු වෙනවා. 

අපේ රටේ මිනිස්සු වෙන රටවල මිනිස්සුන්ට වඩා වෙනස් කියලා අර ඇඩ් එකෙත් කියන්නෙ. අපේ මිනිස්සු හිනා වෙලා සතුටින් සරලව ජීවත් වෙන්නයි කැමති. මට නම් දැන් පාරට බැස්සම දැනෙන්නෙ මිනිස්සු ලොකු පීඩනයකින් ජීවත් වෙන බව. පොඩි එකාව ඉස්කෝලෙට දානකම් ගින්දර. ඊට පස්සෙ වියදම සීමාවක් නෑ. 



කොහොම උනත් පාන් කන්න බැරිනම් කේක් කාපල්ල කියලා කියන දවස වැඩි ඈතක නෙමෙයි වගේ. උන්ටම ගියපු රට. එහෙම කිව්වෙ දේශ පාලුවන්ට. උන්ට ඉතින් ඔය අමාරුකම් තේරෙන එකක්යැ.

වෙලාවකට මෙහෙමත් හිතෙනවා. අපේ රජතුමාට ඇත්තටම රටවැසියට මේක සුරපුරක් කරලා දෙන්න ඕනකමක් ඇති. ඒක ඉතින් කරපු, කරන්න හදලා එරුනු, සහ කරන්න හදන මහා වැඩ වලින් පේනවනෙ. එත් රටවැසියට මෙච්චර කෙලවෙලා ඉන්නෙ ඇයි එහෙනම් කියලත් බලන්න වෙනවා.

 මට තේරෙන විදියට රාජ සභාවයි රාජ පුරුෂයො ටිකයි වැඩේ වැරදියටයි තේරුම් අරන් ඉන්නෙ. උන්ගෙ හිතේ රජතුමා රට වැසියට නෙවෙයි අපිට කරගන්නයි මේ වරම දුන්නෙ කියලා. 



මේක දැන් පිලිලයක් වෙන තරමට වැඩි වෙලානෙ. ඒක හන්ගන්න ඕනේ නෑ. මොකද පාරට බැස්සම දකින සහ අත් විදින දෙවල් අමුතුවෙන් කිවයුතු නෑ. මට හිතා ගන්න බැරි මෙච්චර පෙනි පෙනී රාජ සභාවයි රාජ පුරුෂයොයි පිස්සු කෙලිද්දි රජතුම මර නින්දෙ ඇයි කියලා. එහෙම බලද්දි නම් මම හිතුව විදිහ වැරදියි. ඉතින් රට වැසියන්ට මක්කෙයි හිතෙන්නෙ කිව්වනම්...