Saturday, July 14, 2012

ජීවිතේ හැමදාම ඉගෙන ගන්න...

අපි පොඩි දවස්වල හැමෝම ඉස්කෝලෙ යනවා. ගියෙ නැත්නම් අම්මල කොහොම හරි යවනවා. ගෙදර අයගෙ බලකිරීම නිසා යන අය අතරමගදි ඉගෙනීම නවත්තලා තමන්ගෙ හිත කැමති ආකාරයේ රස්සාවක් කරන්න යනවා. ඉගෙන ගෙන ඉහලට යන්න ආසාවක් තියෙන අය කොහොම හරි අමාරුවෙන් ඉස්කෝලෙ යනවා. එහෙම යද්දි exam තියෙනවා. ඒවගෙන් වැඩි ලකුනු ගන්න අය campus යනවා. අනිත් අය එතනින් වෙනත් විකල්පයක් හෝ රැකියාවක් හොයාගන්නවා.

අපිට පුලුවන් ඒ විදියට හරිම සරල විදියට කොටස් 3 කට බෙදා ගන්න. දැන් මේ එක් එක් සාමාජීය කොටස තුල අධ්‍යාපනය කියන දේ අවශ්‍ය වෙන්නෙ කොහොමද කියලා බලමු.

1. මූලික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනය  හැරයන පිරිස



මේ අය බොහෝ විට තමන්ගෙ කය වෙහෙසා වැඩ කිරීමෙන් තමයි අදායමක් ලබා ගන්නෙ. තවත් පිරිසක් හොරමකමින් හෝ සමාජයේ අසම්මත යැයි පිලිගන්නා ක්‍රියා කිරීමෙන් මුදල් සොයති. කෙසේ වෙතත් එතරම් සුව පහසු ජීවිත ගත නොකරන නිසාමත් පරිසරය තුල කුඩා කල සිටම දක්නට  ලැබෙන දෙමව්පියන්ගේ වැරදි ක්‍රියා නිසාවෙනුත්    එම පවුල්වල දරුවන්ද ඒ අකාරයටම පත්වෙයි. 

බොහෝ විට සමාජීය ප්‍රශ්න රැසකට මුල් වන්නේ මෙමෙ අඩු අධ්‍යාපනයෙන්  යුතු පිරිසයි. එසේ හෙයින් ඔවුනට අධ්‍යාපනය  දැඩි අවශ්‍යතාවයකි. 

2. උසස් පෙලින් පසු අධ්‍යාපනය  හැරයන පිරිස



මෙම පිරිස තුල කිසියම් විවිධත්වයක් දැකිය හැකි අකාරයේ කොටස් කීපයක් දැකිය හැක. මෙයින් සමහරු උසස්පෙල විභාගය සඳහා දැඩි ලෙස මහන්සි වුවත් විශ්ව විද්‍යාල සුදුසුකම් නොලත් විට රැකියාවක යොමු වූ අයයි. තවත් පිරිසක් රැකියාවක් පිනිසම උසස් පෙලින් පසු සමුගත් අයයි. තවත් පිරිසක් තමන්ගෙ උරුමයෙන් ලැබුනු ව්‍යාපාර කිරීමට යොමු වූ අයයි. 

මේ අය රැකියාවකට යොමු වූ විට රැකියාව ගැන හෝ ව්‍යාපාරයන් ගැන මූලික දැනුමක් නොමැතිවීම නිසා එම පරිසරය තුලින් ඉගෙන ගන්නට සිදු වෙනවා. ඒ කාර්යය මනාව සිදු කරන අය රැකියාවෙහි හොදින් නිරත වේ. නමුත් මෙම පිරිසට ඇති ප්‍රධාන ගැටළුව වන්නෙ නව නිපැයුම්, නව සංකල්පයන්, හෝ වෙනස් ක්‍රම වේදයන් වලට අනුකූල වීමට ඇති නොහැකියාව සහ බියයි. එකම දේ එකම ආකරයෙන් කරනු දැකීම ඔවුන්ගේ අභිප්‍රායයි. එය ඵලදායීතාවය කෙරේ දැඩිව බලපායි. මේ අයටත් අධ්‍යාපනය   අවශ්‍යය වේ

3. සරසවියෙන් පසු අධ්‍යාපනය  හැරයන පිරිස




සරසවියෙන් පසුව රැකියාවක නියුතු වීම හෝ ව්‍යාපාරයක නියුතු වීම අනිවාර්ය දෙයකි. මෙවැනි අය රැකියාවේදීත් පැරණි ක්‍රම වෙනුවට නව මං මාවත් සොයන අතර තමන්ගේම අනන්‍යතවයක් ගොඩ නගා ගන්නට උත්සහ ගනියි.  මෙහිදී කොටසක් පමනක් තව දුරටත්  අධ්‍යාපනයෙහි  නියැලෙමින් තම අනාගතය තවත් පොෂණය කර ගන්නා නමුත් අනෙක් අය සෑහීමකට පත් වෙයි. මේ අයටත් අධ්‍යාපනය   අවශ්‍යය වේ



No comments:

Post a Comment

හිතෙන දෙයක් කොටල යන්න ....