දැන් අපේ රටේ හැමෝම වගේ කතා කරන්නෙ අලුත් ආශ්චර්යක් ගැන, ඒ කියන්නේ හැමෝටම ඔනේ ඉක්මනට මේක සි0ගප්පූරුවක් කරන්න. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ අපේ දේශපාලුවො ටික එක්කහු වෙලා මොන වගෙ ආශ්චර්යක් කරයිද කියන එක.මොනාවුනත් දැන් අවශ්‍යතාව වෙන්නෙ ආශ්චර්යක්නෙ. උසස් අධ්‍යාපන, අධ්‍යාපන, ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා ලේකම්ලා කොච්චර නම් ඉන්නවද?? ඔය එකෙක් නිකමට campus එකකට ඇවිත්, මෙලො රහක් නැතුව හාල් වෙවී ඉන්න කොල්ලෙක්ගෙන් අහනවද ඇයි හාල් වෙන්නෙ කියලා. බෝඩ් කරේ තියාගෙන කම්බි වැටවල් කඩා ගෙන, පොලු මුගුරු අරන් උන්ගෙ සීතල කාමර තියෙන අධිආරක්ෂක කලාප වලට ගිහිල්ලා මතක් කරලා දෙනකල් උන්ට මතක නැ තමන්ගෙ job එක මොකක්ද කියලා. අපේ රටෙ campus තියෙනවා කියලා මතක් වෙන්නෙ එවා දින නියමයක් නැතුව වැහුවා කියල news වලට කියද්දි.
සරසවි වල ගැටුම් වලට තවත් ප්‍රධානම හේතුවක් වෙන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන වැරද්ද කියල මට හිතෙන්නෙ. lecturer ඇවිත් තඩි පොතක් පෙරලගෙන එහෙමත් නැත්නම් power-point presentation එකක් දාගෙන theory කන්දක් උගන්වල යනවා. කිසිදු ප්‍රායෝගික බවකින් තොර වුනු මේ ක්‍රමය තුල කොතරම් දක්ෂ සිසුවෙකුට වුවද සැබැ ලෝකයේදී අලුත් දෙයක් කරන්නට හැකියාවක් තිබේද?. සරසවිවලින් බිහිවන සිසුන් අලුත් සොයා ගැනීම් නොකරයි නම් වෙන කවුරු ඒවැන්නක් කරන්නද?. රටේ සන්වර්ධනයට විශ්ව විද්‍යාලය එකතු නොවන්නේ නම් ඒ රටේ ආශ්චර්යක් සිදු විය හැකිද?
මම දැකපු ගැටුම් වලදී සැබැ ලෙස තම පිරිස මෙහෙයවන්නටද, අති දරුනු අවස්ථා වලදී පවා තම සහෝදර සිසුන් වෙනුවෙන් සටනට එන්නටද පසු බට නොවන සිසුන් සැබැම වීරයෝ වෙති. දක්ෂයෝ ද වෙති. නමුත් ඔවුන් තම හැකියාවන් යොදා ගන්නේ ඵලදායී දෙයකට නොවන වග තේරුම් ගන්නට තරම් අවබෝධයක් ඔවුනට නැත. එසේ නම් ඒ නිවැරදි දැක්ම දිය යුත්තේ කවුරුන්ද? සිසුන්ට කරන්නට වැඩ ඇත්නම් ද අලුත් දැනුම එකතු කරගන්නට ප්‍රයෝගික ක්‍රම ඇතිනම් ද නිකරුනේ ගත කරන කාලයෙන් නව නිපැයුම් බිහිවෙනු ඇති. ඒත් ගැටලුව වන්නේ අපේ සරසවි තුල ඇති සම්පත් වලින් නියම පල ප්‍රයෝජන ලබන්නට සිසුන්ට ඉඩදී තිබේද යන්නයි. නිදසුනක් සපයනවානම් අපේ රටේ campus වල ඇතිවෙන්නට IT centers තිබුනත් එලියට යන බොහෝ සිසු සිසුවියන් facebook account ගැනවත් email එකක් ගැනවත් අව්බෝධයක් නැතිවෙන්නට තරම් පත්ව ඇති තත්වයයි. මේ ගැන නම් මගේ හිතට දැනෙන්නේ තරහකි. මේ තත්වය බොහෝවිට අප දකින්නේ කලා විෂය හදාරන අය අතුරෙනි. මෙවන් පිරිස් විරැකියාවෙන් පෙලීම සාධාරනය. නමුත් ඔවුන් අසරණ උපාධිධරයෝ වෙති. මේ තරම් කිසිදු මග පෙන්වීමක් නොමැති මේ සරසවි අධ්‍යාපනය ගොඩ නගන්නෙ නැතිව අප ආශ්චර්යක් සිදු වෙන තුරු බලාසිටිය යුතුද?
අලයෝ වේවා පොද්දෝ වේවා යමක් කරන්නට ඔවුන් උත්සහ කරයි. කල යුත්තේ campus වසා දමා සිසුන්ගේ අනාගතය බිල්ලට දීම නොව නිවැරදි දැක්මක් තුලින් අනාගතය සරු කර ගන්නට මග පෙන්වීමය. අපේ රටේ ආශ්චර්යක් දකින්නට නම් මේ සරසවි අධ්‍යාපනය ප්‍රතිසන්විධානය කිරීම අත්‍යවශ්‍ය වන අතර private university වලට උඩගෙඩි දෙන අපේ රටේ කොමිස් කාක්කන් මේ අධ්‍යාපනය කන්නට කලින් එය සිදු කල යුතුය. private university හැදුවාට කම් නැත නමුත් රජයේ university එක හරියට නැතුව ඔය දෙවල් කරන්නට බැරිය. හේතුව දෙන්නන් වාලේ degree දුන්නා කියා මේ රට තවත් වල පල්ලට වැටෙනවා මිස නැගිටීමක් බලා පොරොත්තු විය නොහැකිවීමයි.
මේ සරසවි ගැටුම් වලට විසදුම් සොයන්නට පරිපාලනය වේවා, මහචාර්ය වරු වේවා...SWOT analysis කල යුතු නැත. සරලම දේ වැරැද්දට නියම වැරදි කරු සොයා දඬුවම් කිරීමයි.
එය ඉවරයක්ම කල හැකි බව මගේ හැඟීමයි. ත්‍රස්තවාදයට විසදුම දඩුවම බව 30 වසරක යුද්ධය නිමා වූ අයුරින් අපි දුටුවෙමු. එසේ නම් මේවා සුලු වැඩය. අවශ්‍ය වන්නේ රජය මීට වඩා සැලකිල්ලකින් උසස් අධ්‍යාපනය දෙස බැලීම නොවේද?
ඔන්න මම මගේ අලයෝ සහ පොද්දෝ..... කියල ලියපු ලිපි පෙල මෙතනින් නවත්වනව. කියවපු හැමෝටම ස්තුතියි එත් වැදගත් වෙන්නෙ මේකෙන් දෙයක් ගත්තද කියන එක. එහෙනම් මෙතනින් එහාට යමක් කිරීම ඔබට බාරයි. ආයුබෝ වේවා!!!!
එළ මචන් මේක සිරා... බලමු මේවා කැම්පස් පටන් ගත්තම අපේ අයගේ හිතේ තියෙයිද කියලා....
ReplyDeleteමචන්, මගේ යුතුකම මට පුලුවන් විදිහට මම න0ගිල මල්ලිලා වෙනුවෙන් කලා. තේරුම් ගැනීම හා ක්‍රියාවට නැ0වීම එයාලටම අයිති වැඩක්.
ReplyDeleteEla ela..macho..awesom..!!!
ReplyDeleteහ්ම්ම්ම් යමක් කිරීම ඔබට බාරයි
ReplyDeleteඉදිරි කාලය දිහා සුභවාදීව බලන් සිටීම සහ සුභවාදී අනාගතයක් උදෙසා කැපවීම තමයි අපිට කරන්න තියෙන්නේ :)
ReplyDeleteනාමල් අයියේ සිරා වැඩේ. පට්ට. ඔයා මේක ඉවර කලේ අලුත් කතාවකට මුල පුරලයි. private and public විශ්ව විද්‍යාල. :)
ReplyDeleteමචන් සිරාවටම ලියල තියෙනවා...දිගටම ලියපන්..
ReplyDelete