Tuesday, June 1, 2010

අලයෝ සහ පොද්දෝ.....3

කවුරු කොහොම කිව්වත් ලන්කාවෙ university එකක මොකක් හරි degree එකක් කරන්න ලැබෙන එක සෙල්ලම් නෑ. මෙකේ තියෙන ෆන් එක Oxford ගියත් හම්බෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ. අවුරුදු ගානක් දුක් විඳලා විඳලා AL exam එක ලියද්දි ඕනම කෙනෙකුට තියෙන එකම හීනය කොහොම හරි campus එන එක.



මට නම් ඔය කියන සරසවි සිහිනය මට 1,2 යි 3යි කියල තේරෙන කාලෙ ඉඳලම තිබුන කිව්වොත් හරි. ඒකට වැඩියෙන්ම හේතු වුනේ තාත්තා. මටත් වැඩිය මාව campus ‍‍‍යවන්න ඕන වුනේ තාත්තට. උදේ හවස ඒක ගැනමයි කියවන්නෙ. මාත් ඉතින් කොහොමහරි ගොඩ දැම්මා. තාත්තා දන්නෙ නෑ AL වලට මොනවද කරන්නෙ ඒ විදියට තමයි campus එකෙ degree තියෙන්නෙ කියල. එයාලට් කෝකත් එකයි. දන්නෙ පුතා campus යනව කියල විතරයි.

මම කියන්න හැදුවෙ මගෙ AL කදන්දරයක් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන අහින්සක දෙමව්පියො තමන්ගෙ දරුවො ගැන තියෙන බලාපොරොතුව ගැන. campus එන ගොඩාක් අයගෙ පසුබිම තමයි මේක. මේ පවුල් පසුබිම වෙනස් වුනාම ඒකෙ බලපැම මොන විදිහටද සරසවි ශිෂ්‍යකුට බලපාන්නෙ කියන එක විස්තර කරන්න අමාරුයි. සරලම උදාහරණයක් කියනවනම් first year එකෙදි කොළඹ ලමයෙකුයි පිටිසර ගමක ලමයෙකුයි අතර දකින්න පුලුවන් වෙනස. මේ වෙනස මොන වගේද කියල තේරුම් ගන්න සමාජය පිළිබඳව ලොකු අවබෝදයක් තියෙන්න. ඒ ඒ පවුල් පසුබිම් තුල ජීවත් වෙලා අත්දැකීම් තියෙන්න ඕන.

මම ඒක තව ටිකක් කියන්නම්. මොකද ඒක ගොඩාක් වැදගත්. මම මුලින්ම ආපු දවස් වල මට මෙලෝ දෙයක් තේරුනෙ නැහැ. lecture ගියාම එලියට එන්නෙ අඬාගෙන. තේරෙන්නෙ නැති නිසා. මම ඒකට උදව්වක් ගන්න පුලුවන් අය විදිහට දැක්කෙ අපේම පැත්තෙන් මෙහෙ ආපු අයියලාගෙන්. ඒ අය විතරයි අදුරන අය වෙන්නෙ. මම මාත් එක්කම class ගියපු මට කලින් මෙහෙ ආපු අයට කිව්වා මට මුකුත් තේරෙන්නෙ නැහැ. මොකද කරන්නෙ කියලා. ඒ අයියල කිව්වා උඹ ඕවා හිතන්න එපා. අපිටත් තවම තෙරෙන්නෙ නැතුව උඹලට තේරෙන්නෙ කොහොමද , ඕවා එච්චර අමාරු නැහැ. මුලු semester එකටම hand out 5ක් 6ක් දෙනවා. ඒවා පාඩම් කරන්න අන්තිමට සති 2ක් දෙනවා, දැන් ෆන් එකෙ ඉඳපන් කියලා. මට මාර fit එකක් අවේ. මට එහෙම කියපු අයියලා අලයෙක් වත් පොද්දෙක් වත් නෙමේ. මොකකටවත් නැතුව හිටපු නිසා මාත් ඒක විශ්වාස කලා. exam ලන් වෙද්දි පපුව පිච්චෙනවා බයටම මොකද වැඩ කරලම තිබුනෙ නැහැනි. කොහොම හරි මම අමාරුවෙන් යාලුවොන්ට වැඳලා වැඳලා කුප්පි ටිකක් දගෙන exam එක ලිව්වා. ඒ exam එක ලියන්න අර කලින් මට talk දීපු අයියත් ඇවිල්ලා හිටියා. මම ඇහුවා ඇයි කියලා repeat එකක්ලු. lectures ලා එයාලත් එක්ක තරහයිලු, ඒක නිසා හොදට ලිව්වට result දෙන්නෙ නැහැලු. ඔන්න ඔය වගේ කතා තමයි අපේ පැත්තෙ අය්යල අලුතෙන් එන මල්ලිලට කියල දෙන්නෙ. ඒකෙ වැරැද්ද එයාලගෙ නෙමෙයි. ඒ වෙද්දි එයාලත් දන්නෙ එච්චරයි.

මේක තමයි මුල්ම semester එකේදි අලුතෙන් එන කවුරුත් අත්විඳින දේ. ඒක තමයි පසුබිම බලපානවා කියන්නෙ. හොදට හොයල බැලුවොත් ඔයාලට පේනවා ඇති ගහ ගන්න ගොඩක් දඟලන අය ටිකක් දුර බැහැර පැති වලින් ආපු අය බව. ඇත්තටම එයාල එහෙම කරන්නෙ එයාලගෙ ලගින්ම ඉන්න අය අනුමත කරන දේ. කොළඹ එහෙමත් නැතිනම් ටිකක් දියුණු පවුල් පසුබිමකින් ආපු අය කරන දේ බලන්න. ඒ අය ගහ ගන්න ටිකක් බයයි, ඇත්තටම බය නෙමෙයි උන්ට තේරෙනව මේක ගොන් වැඩක් කියල. අනික ගලක් ගහපුවම තව එකෙක්ට වැදිල තුවාල වෙනව කියල තේරෙනව. අනික දේපල හානිය. ඔය හැමදෙටම වැඩිය එයාලට යන්න class තියෙනවා. උන් කරන්නෙ ගහ ගන්න දවස් වලට professional qualification හදා ගන්න එක.

මට 1st semester එක ඉවරවෙද්දි යන්තමට වගේ තේරුනා ඉගෙන ගන්න එක තම්යි වටින්නෙ. මුල වරද්ද ගත්තු අය හිත ඇතුලෙන් දුක් වෙනව පිටට පෙන්නන්නෙ බොරුවක් කියලා. පස්සෙ මම හොදට result දාලා පාඩුවෙ ඉන්න අයියලා කීප දෙනෙක් හම්බෙලා ටිකක් උපදෙස් ගත්තා මොකක්ද හරි දේ කියල තේරුම් ගන්න. ඒ අය්යල බැලුවෙ ලඟ නෙවෙයි ගොඩාක් දුර. මට කිව්වෙ මල්ලි පාඩම් කරන්න පුලුවන් පරිසරයකට යන්න, library ගිහින් පොත් කියවන්න, CIMA, CIM, Java, MCTP වගේ ඒවා කරන්න. ගහ ගන්නෙ මෝඩ කමට, එකම campus එකේ ඉන්න අපි මොකටද ගහ ගන්නෙ , අපි යද්දි මේව අරගෙන යන්නෙ නැ. අන්තිමට තනි වෙනවා. එදාට කවුරුත් නැ කියලා. ඇත්තටම මට 1st year එකෙ 2nd sem එක වෙද්දි ගොඩක් දේවල් තේරුනා. ඇත්තම කිව්වොත් මුල් කාලේ අනිත් අය මුලු දවසම පාඩම් කරද්දි මට හිතුනෙ උන් ගෙවල් ඇතුලෙම හැදිල දන්න එකම දේ පාඩම විතරයි කියලා. පස්සෙ තමයි මට තේරුනා මේ ලෝකය අපි දකින විදිහට නෙවෙයි තව්ත් අය දකින්නෙ කියල. අපි හැසිරෙන්නෙ අපේ සිතුවිලි වලට අනුව. සිතුවිලි වලට බලපාන්නෙ පරිසරය හා පසුබිම.

දැන් කියන්න හදන්නෙ මම දැකපු තවත් විශේෂ පිරිසක් ගැන. එයාලත් ගැටුම් වලදි පෙරමුණේම ඉන්න අය. එයාලට ගෙවල් වලින් ප්‍රශ්ණ නෑ. හැමදාම හවසට අම්මියි , තාත්තියි office එකේ ඉදන් call කරල දුක සැප අහනවා. campus එකෙන් කනවා හරිම අඩුයි. අලුත් ඇදුම් පැලදුම්, බැග්, සපත්තු සමහර විට laptop එහෙමත් තියෙනවා. ඒ අයට ගෙවල් වලින් අබමල් රේණුවකත් ප්‍රශ්ණ නෑ. එයලට එකේක courses කරන්න ඇති වෙන්න සල්ලි තිබුනත් එහෙම ආශාවක්වත් උවමනාවක්වත් නෑ. subject ගොඩ දාන එකත් එච්චර අමාරු නෑ. හේතුව english medium එකත් එක්ක වැඩ කරන එක එයාලට පුරුදුයි.


එහෙම අයට තියෙන ලොකුම අවුල තමයි ගොඩක් වෙලාවට AL කරන කාලේ හරි OL කරන කාලේ හරි ස්කොලෙදි පිස්සු කෙලින්න බැරිවුනු එක. ඒ වුනාට ඒ වගේ අය කරන දෙවල් දැකල අව්ස්ථාවක් ලැබෙනකල් බලා ඉන්නෙ අත්හදා බලන්න. ඒකට හම්බෙන හොදම අවස්ථාව තමයි campus එකේ වලිය. බලන්න ගහගත්තාම කාටවත් ප්‍රශ්න නැ. කාගෙන්වත් අහන්නෙ නැ. කාටවත් නඩු නැ. වීදුරු, දේපල කැඩුනට ගෙවන්න ඕනෙත් නෑ. අනික ඉතින් ගල්නෙ ගහ ගන්නෙ පොඩි කාලේ වගේ මූණට මූණ ගහගන්නෙත් නෑනි. හිත බය වුනාට අවුලකුත් නැ. අනික කට්ටියක් බලගෙන ඉන්නවා එහෙම වුනාම ඉතින් එකෙක් තව එකෙක් පරයා යන තරමට perform කරන්න තමයි හදන්නෙ. විශේෂයෙන් එහෙම අයට ලොකු පාත්ති එහෙම තියෙනවා ඒ අයත් මෙයලව හොදට moral කරනවා.

මම මේ ලිව්වෙ මට තේරෙන මම දැකපු සරල ඇත්ත. මේ කියපු සරල දෙවල් ටික බොහෝ දෙනෙකුට තේරෙන්නෙ ගොඩක් පරක්කු වෙලා. කියවලා හිතන්න තමන් මොන වගෙද කියල. තවත් රසවත් කොටස් කීපයක් තියෙනවා. කියවල comment එකක් දාන්න. එහෙම වුනාම තමයි මේකෙ නියම හරය ලැබෙන්නෙ. මොකද මම ආසයි මට තාමත් දකින්න බැරිවුනු ලෝකය ඔබ තුලින් දකින්න.

17 comments:

  1. මචන් කතාව ඇත්තමයි. ITN නැත්තම් ස්වාධීන රූපවාහිනිය ඊයේ "ව්මසුම" කියන එකට අපේ කැම්පස් එක ගැන කිව්ව. කිව්වේ ඒක මොන්ටිසෝරියක් කියලා. මේකේ ඉන්නේ මිනීමරු ජෙප්පොලු.. ඇඟේ මාලු නටනවා උන් කියන කතා අහලා... රජයට JVP එකට බනින්න ඔනි නම් කෙලින්ම බනින්නයි තියෙන්නේ. නිකන් බොරුවට කැම්පස් එකට දෙහි කපන්නේ නැතුව...

    ReplyDelete
  2. මට තේරෙන හා අත්දැකපු විදියට දේශපාලනයට වඩා බලපාන්නෙ ළමයින්ගේ හැසිරීම..මුලින්ම ගැටුම ඇති කර ගන්නවා. පස්සෙ ඒක දැකල දේශපාලුවො සම්බන්ධ වෙනවා. I'll describe it @ another story. We should have a knowledge about these things.

    ReplyDelete
  3. ඔයාගේ කතාවට එකඟයි අයියා.

    එක එක්කෙනාට කඩේ යන එක නැවත්තුව දාට කැම්පස්වල මීට වඩා හොඳ පරිසරයක් තියෙයි මම විශ්වාස කරන විදිහට.

    අයියේ ඔයා කැලණි කැම්පස් එකේද ?

    ReplyDelete
  4. හොද ලිපියක්. අලුතෙන් කැම්පස් යන වගේම ඉගෙන ගන්න ඕනිම කෙනෙක්ට වටින කතාවක් උබ කියල තියෙන්නේ....

    ඇත්තටම අපේ කැම්පස් යන කෙල්ලො කොල්ලොන්ගෙන් ඔය කොලඹ පැත්තෙ හොද ස්කෝල වල උන් ගහ ගන්නේ විරොදතා දන්නේ නැහ. උන් උන්ගෙ වැඩේ කරන් ගොඩ යනවා. දුප්පත් අහින්සකයො රැල්ලට අහුවෙලා විනාශ වෙනවා.

    ReplyDelete
  5. ආර්ට්, කොමර්ස්, සයන්ස් මේ හැමෝම අපේ යාළුවෝ. අපි රණ්ඩු වෙනවා කියන්නෙ, ඒක අපි අපිටම වල කපා ගැනීමක්. අයිය කියපු දේවල් වලින් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා....

    අර විභාග ගොඩදාන විදි ගැන කියනවනම්, මම 1st semester exam ගොඩදැම්මෙ තනිකරම exam එකට දවස් 2,3 කට කලින් e-books බලලා. මොකද මට මාසයකටත් වඩා කැම්පස් යන්න බැරිවුනා අසනීප වෙලා.

    ReplyDelete
  6. මමත් කොලඹ ඉස්කොලෙ ගිය එකෙක්, ඒත් මගෙ අම්මයි තාත්තයි දුප්පත්, මම කවද හරි out වෙලා බැංකුවෙ උගස් තියල තියන අපේ ගේ බේරගෙන මම හම්බ කරන පඩියකින් එයාලට කන්න දෙයි එයාලව බලාගනී කියල එයාල බලාගෙන් ඉන්නව, ඔය රන්ඩු කරන අයට ඔය වගේ ගැටලු නෑ, අපේ අසරණකම එයාල දන්නෙත් නෑ, ඔය ගහගෙන මරාගෙන එයාල විනාශ කරන්නෙ දේපොල විතරක් නෙවෙයි, අපේ ජීවිත, අපේ අම්මල තත්තලගෙ බලාපොරොත්තු.... ඔය මිනිස්සුන්ට අපි වගෙ අසරණයොන්ව මේ වගෙ ගිනි ගොඩකට ඇදල දානවට ශාප වෙන්න ඕන...

    ReplyDelete
  7. සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්. හුඟක් අයට ඔය ඇත්ත තේරෙන්නෙ ඇණ වෙලා ඔක්කොම ඇන ගත්තට පස්සෙ.

    ReplyDelete
  8. Campus එකෙ subject එකකට C එකක් ගන්න එක රැයක් පාඩම් කලාම ඇති. ඒත් ගැටලුව අපි කරන්න ඕන C එකක් ගන්න එකද නැත්නම් අපි මහන්සි වෙලා හරියටම subject එක ඉගෙන ගන්න එකද කියන එක. මොකද ඕක තේරෙන්නෙ industry එකේ වැඩ කරද්දි, නැත්නම් interview යද්දි.... :D :D :D :D

    ReplyDelete
  9. macho katawa etha . interview 1kakata giyahama kikan pacha wenawa , un danne nane campus 1ke atha situation 1ka mokadda kiyala , nama kelaniya kiwahama unge mood 1ka upset yanawa. tikak hari molayak tiyana 1k interview panel 1ke hitiyoth hodai netham sorry tamai

    ReplyDelete
  10. හපොයි නෑ... එක රැයින් A+ ගන්න පුළුවන් කියලත් මම පෙන්නල තියෙනවා. :P

    ReplyDelete
  11. @තර්ඩ් මෑන්: ඒ හැකියාව subject එක අනුව වෙනස් වෙනවා

    ReplyDelete
  12. machan meke word verification ain karapanko.

    ReplyDelete
  13. @ තර්ඩ් මැන්: එක රැයින් A+ දානවා නම් ඒ degree එකෙ standard එක එහෙමත් නැත්නම් quality එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද සමහර degree holders ලගෙ management trainee salary එක 10000 යි. එහෙම වෙන්නෙ ඔය වගෙ වැඩ නිසයි. ඒක ලොකු ගැටලුවක්....

    ReplyDelete
  14. ඔය එක රැයින් A+/A දාන කතාවට උත්තරේ මම දෙන්නම්. මොකද අපි සමහරු ඉන්නව සමහර subject කලින් කරන තියෙනව හෝ ඒක ගැන පට්ට අවබෝදයක් තියේ. එහෙම කෙනෙක්ට ඕක පුළුවන්. ඒත් ඒක හැමෝටම නෙවේ.

    තව සමහර ඒව study leave එකේ ගොඩ දාතෑකි. A+ නැතත් A,B+ වගේ ගතහැකි. ඒත් ඊට පස්සේ ඒ subject එක ගැන මෙලෝ මතකයක් නෑ.

    මට ඔය 2ටම experience තියේ. :)

    ReplyDelete
  15. නාමල් අය්යා වලි කාලෙ professional qualification ගොඩ දානව කිව්වම මතක් වුනේ.

    මම ගිය පාර Google Summer of Code (GSoC) එක කරද්දී වලියක් ගිහින් නිවාඩු හම්බවුනා. ඒක හින්ද තමා GSoC එක ගොඩ දාගන්න පුළුවන් උනේ.මේ පාරත් ඒක් ඒ විදියටම වුනා.

    මම ගැන විතරක් හිතුවොත් වලිය හින්දා මම ගොඩ.
    ඒත් හැමෝගෙම, කැළණියේ නම ගැන හිතුවොත් මේක මාර චාටර්.
    ඒත් මොනා කරන්නද, මම නෙවේනෙ වලියට හේතුව.

    මේව තේරුන් අරගෙන එකා එකා අඳුරෙන් එළියට එන්න තමා තියෙන්නෙ.

    ReplyDelete
  16. Matika kelin kiyanna puluwan wacha eka loku dayak

    ReplyDelete
  17. ඔක්කොම පැත්තකින් තියලා මාත් ගියා සෝමාවතිය පැත්තෙ බලලා එන්න. අපි බලා ඉන්නෙ නිවාඩුවක් ලැබුනු ගමන් කොහෙහරි යන්න. මේ නිවාඩුවට ඔන්න අපි සෙට් එක පොලොන්නරු රාජධානිය බලා කියා ගත්තා. අනිත් campus වල යාලුවො out වෙලා ජොබ් වලට යනවා. අපි තාම කොහෙද ....

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....