Sunday, June 20, 2010

..........අපේ සරසවි වලට අලුත් ඉන්ගිරිසි පාඨමාලාවක්.........

ඔන්න අපේ අලුත් උසස් අධ්‍යාපන මහත්තයා ආපු ගමන් අලුත්ම වැඩ කිඩ ටිකක් දාලා පෙන්නන්නයි වගේ යන්නේ. හොඳ නරක කියල 2ක් තිබුනට මොකද මම කියන්න යන්නෙ හොඳ ගැන. නරක ගැන ලියන්න කට්ටිය ගොඩක් ඉඳියි කියල මට හිතෙන්නෙ.

මට මේක ලියන්න හිතුනෙ කට්ටිය සෙට් වෙලා මේ දවස්වල දඩි බිඩියෙ පිකටින් කරනවනි ඉන්ගිරිසි එපා කියල. මම නිකමට අහන්න කැමතියි ඔය leaders ලාගෙන් බැරිවෙලාවත් කැම්පස් එකේ library එකට ගිහින් තියෙනවද කියලා.. එතකොට ඔය කබඩ් වල පුරවල තියෙන Physics, Chemistry, ...එහෙමත් නැත්නම් Human Resource Management, Financial Accounting, ..... Archeology පොතක් බලලා තියෙනවද. ඒවා ලියල තියෙන්නෙ කව්ද කියල බැලුවද. ඒවා ඔක්කොම වගේ ලියල තියෙන්නෙ English Medium නෙ...එහෙමත් නැත්නම් ඉන්දියාවෙන්. අපේ අයත් ලියපු පොත් තියෙනවා. ඒත් හරිම ටිකයිනේ.
government job හොයන්න අමාරුයිනේද. වැඩියෙන්ම තියෙන්නෙ private ඒවා. නිකමට හරි ඔය private company එකක training හරි හිටියා නම් දන්නවා sinhala medium එකෙන් වැඩ කරන්නෙම නැති තරම් කියලා. අපි ලියන්නෙ කන්නෙ පාවිච්චි කරන්නෙ බහුතරයක් පිට රටින් එන ඒවනි. වැඩිය ඕනෙ නැ දැන් මේ computer එක කොහෙන්ද.. රටින්නේ. windows xp කාගෙද.. අපි බොරුවට අපේකම කියල මහ ලොකු දෙයක් ඔලුවෙ දාගෙන, අනුන්ගෙ ඒවම පවිච්චි කරල අනුන්ටම බනිනවා. එතකොට ඔය සුදු මහත්තුරු සුදු නෝනලා එහෙම අදින ඇඳුම් කගෙද කව්ද මහන්නෙ.. අපේ රටේ අපේම මිනිස්සු.. උන් ඒව අදින් නැතුව ඉන්නවද?

ලෝකය දියුනු වෙද්දි අපිත් ඒ අනුව හැඩ ගැහෙන්න ඕනි. එහෙම නැතුව පැවැත්මක් නැ. 60 දශකයෙ පඬිවරුන් අපේ අධ්‍යාපන මාධ්‍යය සි0හල නොකරන්න අපි අද ලොකයේ දියුනුම ජාතීන්ගෙන් එකක් වෙලා කියලයි මට හිතෙන්නෙ. මම පර ජාතීන්ට කඩේ යනව නෙවෙයි. අපි රකින්න ඕනි අපේ ආගම, ජාතිය, ඒත් අපි සියල්ල සමබරව කරල දියුනු වෙන්නයි ඕනේ. එහෙම නැතුව බඩ ගින්නෙ මැරෙන්නෙ නැති වුනාට පැවත්මක් නැ.

දැන් තමයි හරියටම මතෘකාවට එන්නෙ. සරසවි සිසුන්ට ඉන්ගිරිසි එපා කියන්නෙ කවුද. එයාල වෙනුවෙන් පෙනී සිටින නායකයො තමයි කියන්නෙ. ලමයින්ගෙන් අහලද...????. මම පුන්චි කතාවක් කියන්න හොදට තේරුම්ගන්නකො. මම හිටපු බෝඩිමක හිටියා මාධ්‍යවේදී අයියා කෙනෙක්. ඒ අයියා මට කියනවා මල්ලි දන්නවද ඔය ඉස්සරහින්ම ඉන්න අයට සල්ලි කොහෙන්ද කියලා. ඒවට සල්ලි දෙන්නෙ NGO වලින් කියලා. ඇත්ත නැත්ත කෙසේ වෙතත්, සමහර විට ඒ  නායකයොත් දැනගෙන නෙවෙයි එහෙම කරන්නෙ. ඒ අය තවත් පිරිසක් විසින් නොදැනුවත්වම මෙහෙයවෙනවා වගෙයි. මට කියන්න ඕනේ ඔය කවුරුවත් ගැන නෙමෙයි. දුප්පත් මිනිහට හැමදාම වරදින්නෙ ඇයි කියල. ඉන්ගිරිසි බැරි කාටද.. පහසුකම් සපිරි ජනප්‍රිය පාසල් වල අයටද....ගමේ ඉස්කෝලෙ ගියපු අර අහින්සක අයට  තමයි බැරි. කාටද එත්කොට මේ අලුතින් දෙන English Course එක වැදගත් වෙන්නෙ. අර ගමෙන් එන අහින්සක සිසු සිසුවියන්ට නෙවෙයිද . එතකොට කව්ද ඔය එපා කියල පිකටින් කරන්නෙ. පහසුකම් වලින් සපිරි පාසල් වල අයද .. ..කොහොමටවත් නැ.. ... අර ගමෙන් ආපු අහින්සක  සිසු සිසුවියන් ටිකම තමයි දෙන දේත් එපා අපිට මෙහෙම හොඳයි  අපේ විදිය අපිට හොඳයි කියලා කැ ගහන්නෙ. ඇයි ඒ ..ඇත්ත දැනගෙනද නැත්නම් කවුරුහරි කියන නිසාද? ඇත්තටම හැඟීමකින් තමයි. ඒත් හරි දේ වටහාගෙනද කියන එක ගැටලුවක්.

ඇත්තටම ඒ අහින්සක එවුන් එහෙම කියනවද.. නැ..මේ කතාවෙ දුකම හිතෙන තැන එතන. ඇත්තටම සරසවි වලට එන ඕනම කෙනෙක් English ඉගෙන ගන්න ආසයි. අපේ රටේ කැම්පස් වල පහසුකම් වලින් සපිරුනු ELTU තිබුනට ඒකෙන් අර දන්නෙ නැති කෙනෙකුට වැඩක් ගන්න හරි අමාරුයි. ඇත්තම කිව්වොත් පුලුවන්කම හොදටම තිබිලත් එහෙම කිසිම සැලසුමක් නැ.

එතකොට කව්ද මේ එපා කියල කැ ගහන්නේ. ඒ තමයි අර අහින්සක මිනිස්සුන්ගෙ නියොජිතයො ටික. සාමාන්‍යයෙන් සල්ලි තියෙන මිනිස්සු, එහෙම නැති මිනිස්සු දියුණු වෙනවට කැමති නැ. දියුණු රටවල් දුප්පත් රටවල් දියුණු වෙනවට කැමති නැ. අර නියොජිතයො ටික රවට්ටගත්තාම මේ අහින්සක උන්ගෙ බලපොරොත්තු ඉවරෙටම ඉවරයි. උන් කරන්නෙ අර අහින්සක එවුන් ලව්වම හම්බෙන්න තියෙන දේත් නැති කරගන්න අර අද්දවන එක. මේක තමයි ඇත්ත. මට කියන්න තියෙන්නෙ ඔය stage වල ලේ කඳුලු ගැන සුන්දර කතන්දර කියන අයට රැවෙටෙන්නෙ නැතුව, ලින් මැඬියො වගෙ ඉන්නෙ නැතුව තමන්ගෙ ඇස් ඇරලා ලෝකය දිහා බලන්න කියන එක.
අන්තිමට මෙහෙම කියන්නම්. කැම්පස් එන ඕනම කෙනෙක් තමන්ගෙ  degree එක කොහොමත් ගොඩ දානවා බොහෝ විට ඒක මොන medium එකේ වුනත්. ඒ කියන්නෙ ඉන්ගිරිසි දන්නෙම නැතුව ආවත් degree එක English medium නම් අන්තිමට යද්දි language එක බොහෝ දුරට දැනගෙන යන්නෙ. ඒත් අවුල වෙන්නෙ ඒක කර ගන්න විඳින්න වෙන දුක. මහන්සි වෙන්න වෙන්නෙ subject එකට නෙවෙයි language එක ඉගෙනගන්න. එහෙම වුනාම අර ගමෙන් එන සිසුවාට සිසුවියට මුල් exam වලදි ලකුනු ගන්න වෙන්නෙ අඩුවෙන්. මුලදි ඕක මහ ලොකු දෙයක් නොවුනට අන්තිමට job එකක් ගන්න ගියාම degree එකට class තියෙනවද අහනවා. ඔහොම ඉල්ලන්නෙත් government ඒවටම තමයි. අන්තිමට දහ දුක් විඳලා degree එක ගොඩ දාගෙන job නැතුව වේලෙනවා. එහෙම නැත්නම් තුට්ටු දෙකේ වැටුපකට යනවා.

සමහරු ගේමක් නැතුව ලකුනුත් අරන් special එකකුත් කරල class එකකුත් එක්ක ලොකු වැටුපකට යනවා.



තමන් තමන්ටම වල කපාගන්න හැටි තේරුනාද මන්දා......

9 comments:

  1. පුලුවන් හැම දෙයක්ම හොඳට ඉගෙන ගනිල්ලා.මෙලෝ හසරක් ඉගෙන ගත්තෙ නැතුව මේ කන කට්ට දැන්නම් ඇති වෙලා.

    ReplyDelete
  2. හොද ලිපියක්... මෙක තමයි ඇත්ත කතාව. ඒත් කැම්පස් කාලෙ කෑගහන ගොඩක් උන්ට මෙක තෙරෙද්දී පෙරහැර ගිහින් ඉවරයි.. ඒත් එක මිනිහෙක් හරි තෙරුම් ගත්තොත් හොන්ඩයි මෙව කියවල. හැබැයි ලන්කාවෙ ගොඩක් උන් මහන්තත්වෙට තෙරුම් ගත්තත් නෑ වගේ ඉන්නව මහන්තත්වෙට එ වැරැද්දම කරනව එකයි දුක. ලිෆ්ටන් වටරවුමෙ අව්ව තපින්න කැමති අය තෙරුම් ගන්න එපා..

    ReplyDelete
  3. පාසල් දෙකක නම් පාවිච්චි කලේ මොන අරමුණකින්ද කියලා හිතාගන්න අමාරුයි.කොලඹ ජනප්‍රිය පාසල් කිව්වනං වඩාත් හොඳයි වගේ.මොකද පාසක් දෙකක විතරක් නෙවෙයිනේ ඔය තත්වේ තියෙන්නේ!

    මොනවා වුණත් කතාවට එකඟයි!

    ReplyDelete
  4. සහතික ඇත්ත මචන්.කට්ටියට තේරුම් කරලා දුන්නට මගෙන් මල්....

    ReplyDelete
  5. කෝ මම දාපු කමේන්ට් එක නෑනෙ? :D

    ReplyDelete
  6. මුලදි මම පාසල් දෙකක නම් පවිච්චි කලාට සමාව ඉල්ලනවා. කාටවත් බනින්න කිසිදු අවශ්‍යතාවක් මට නැත. අවශ්‍ය වෙන්නේ ඒ පාසල් වල සිසුන්ගේ නිවැරදි දැක්ම අනිත් අයටත් දැන ගන්නට සැලස්වීම පමනයි. නිවැරදිව හදුනා ගත් අය ඒ දේ කරයි නම් තවත් කෙනෙකු සාර්ථක වේවි. ගොඩාක් අය මේ දෙවල් කරන්නෙ නොදැනුවත්කම නිසා..මට තේරෙන විදියට...

    ReplyDelete
  7. ප්‍රරශ්නය දෙස මතුපිටින් බලා කරන ලද විග්‍රහයක්. කොහෙත්ම එකඟ වෙන්න බැහැ. මේ උන්නැහේ, මම කලිං දාපු ක‍මෙන්ට් එක ඇප්රූව් කලා නං... :D

    ReplyDelete
  8. @Anonymous-
    අර කලින් දාපු comment එක අයෙත් දාන්න පුලුවන්ද? ඒක පේන්න නැ. ඉතින් ගැඹුරින් ඔය ප්‍රශ්නය දිහා බලල විග්‍රහ කොරල අපිටත් කියල දෙනව හොදයි මොකක්ද මේකේ අපි නොදන්න ඟැඹුර කියල...
    හර බර සන්වාදයකට අපිත් ඉන්නවා...

    ReplyDelete
  9. එක එක කණ්ඩායම්වලට කඩේ ගිය අය තමන් අනුන්ට කඩේ ගියා මිසක් තමන්ට කරගත්ත දෙයක් නැහැ කියලා දැන ගනිද්දී තමන්ගේ ගිය නුවණ ඇතුන් ලව්වාවත් අද්දන්න බැහැ කියලා තේරෙනවා.

    ඒක නිසා කැම්පස් යන එවුන් කැම්පස් එකේ තියෙන හැම දේකින්ම උපරිම ප්‍රයෝජන අරන් එළියට ආවා නම් තමා ගොඩ.

    එක එක්කෙනා පෙන්නන ගෝනි බිල්ලන්ට බය වෙන්න හොඳ නැතිව තම තම නැණ පමණින් කරුණු කාරණා තේරුම් ගත්තා නම් තමා හොඳ :)

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....