මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට. මම එහෙම කිව්වෙ ඇයි කියල මේ වගේ නිදසුනකින් පැහැදිලි කරන්නම්.
මීට කාලෙකට ඉස්සර වන්නි මෙහෙයුම් පටන් ගන්න කලින් රජය ත්‍රිවිධ හමුදා වලට අලුතෙන් ගොඩාක් සෙබළු බඳව ගත්තා. මාත් එක්ක එකට ස්කෝලෙ ගියපු යාලුවො ගොඩාක් ඒ කාලෙදි යුධ හමුදාවට බැදුනා. කීප දෙනෙක්ගෙ applications පිරෙව්වෙත් මම. ටික කාලෙකට පස්සෙ එහෙම ගියපු එක යාලුවෙක් නිවාඩු ඇවිත් ඉද්දි මාත් ගෙදර හිටියෙ. හරියටම ඒ කාලෙදි තමයි කිලිනොච්චි බැම්ම අල්ලන කාලේ. ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් දෙන්නගෙ team දෙක දරුනු විදියට සටනෙ හිටපු යුගය. අපිත් campus එකේ නිතරම කතා කරපු topic එක වෙලා තිබුනෙ යුද්ධය. මම ඉන්දිකගෙන් ඇහුවා කොහොමද ජීවිතේ කියලා. ලැබුනු උත්තරේ තමයි මේ යුද්දෙ ඉවර වෙලා තමයි ජීවිතේ ගැන හිතන්නෙ කියන එක. ඔහු ඒ තරමට තම රැකියාවත් එක්ක බැඳිලා. මගේ ඊලග ප්‍රශ්නෙ වුනේ මචන් මැරෙනවා කියලා දැන දැනත්, බය නැද්ද ඉස්සරහට යද්දි කියන එක. ඉන්දිකත් ඒ වෙද්දි හිටියෙ කිලිනොච්චි මෙහෙයුම් ආසන්නම තැනක. මචන් weapon එක අතට ගත්තට පස්සෙ ගෙවල් මතක නැ. ඇහෙන්නේ කොල්ලො කැ ගහන සද්දෙ විතරයි. එකට යන කොල්ලෙක්ට වෙඩි වැදුනම මරා ගෙන මැරෙන්න තරම් තරහක් හිතට එනවා. ඒ වෙලාවට අපි ගැන ගානක්වත් නැ.
සිව්වැනි ඊලාම් යුද්ධෙදි මරු කපොලු අතරෙ එකා පිට එකා මැරිල වැටෙද්දිත් ඔන්න ඔය වගේ රත්තරන් කොල්ලො තමන්ගෙ ජීවිත මේ රටේ මිනිස්සු වෙනුවෙන් පූජා කරපු නිසයි අද අපි ආඩම්බරෙන් කතා කරන මේ රට අපිට ඉතුරු වුනේ.
ඒ තමයි මේ රට වෙනුවෙන් හදපු මිනිස් යුධ යන්ත්‍ර. ඒ අයට පෞද්ගලික අරමුනු වලට වඩා වැදගත් වෙන්නෙ රටේ ආරක්ෂාව. තමන්ගේ රාජකාරිය. ඔවුන් ඔවුන්ගේ duty එක හරියටම කරපු නිසාවෙන් විශාල ජයග්‍රහණයක කොටස් කරුවන් වෙන්න අවස්ථාව ලැබුනා.
මට හිතෙන්නෙ සරසවි සිසුවා කියන්නෙත් මේ රටේ අනාගත සංවර්ධන කාර්යය ජයගන්න තනපු යන්ත්‍රය හැටියට. සරසවියට එන ඕනම කෙනෙකු වෙනුවෙන් මේ රටේ මහ ජනතාවගේ මුදලින් අති විශාල ගනනක් වියදම කරලා එක් එක් විෂයයන් උදෙසාම විශේෂී වූ පිරිසක් බිහි කරනවා. වෙද්‍ය, ඉන්ජිනේරු, ආර්ථික විද්‍යා.. ඕනැම ක්ෂෙත්‍රයක් වේවා ඔවුන් ඒ අදාල කාර්යයේ අති දක්ෂයින්. ක්‍රියාශීලි පිරිසක්. සැබවින්ම ඔවුන් තමන්ගේ යුතුකම නිසිලෙස ඉටුකලේ නම් මේ රටේ අනාගතය මීට වඩා යහපත් වනවාට සැකයක් නැ.
සරසවියෙන් පිට වෙලා යන සරසවි සිසුවා තම යුතුකම රටට ඉටුකරනවද එහෙමත් නැත්නම් පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කරගන්නවද.....
අපි ඊලඟ එකෙන් කතා කරමු..
very true machan..sira
ReplyDeleteela machan...ela..anith ekakth balamu...
ReplyDelete//
ReplyDeleteසරසවියෙන් පිට වෙලා යන සරසවි සිසුවා තම යුතුකම රටට ඉටුකරනවද එහෙමත් නැත්නම් පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කරගන්නවද.....
//
කතා කල යුතුම මාතෘකාවක්....
මසුරන් කතාව.
ReplyDeleteඅපි අහල දැකල තියන සමහර දොස්තර වරු සහ අනිත් ප්‍රොෆෙෂන්ස් වල
ඉන්න, තමන් ගැන පමණක් ම සිතන අයට සිතන්නට දෙයක්.....
විශේෂයෙන් මෙහෙ කැම්පස් ගිය අයට.......