අපේ ලංකාව කියන්නෙ අරුම පුදුම රටක් විත්තිය හැමෝම දන්නවනෙ. මම මේ කාලෙක ඉදන් දකින දෙයක් ගැන නිතරම හිතුනු නිසා ලියන්න හදන්නෙ. ඒ අපේ රටේ කියවිල්ල ගැන. කියවිල්ල කිව්වම ඔය එක එක ඒවා තියෙනවනෙ. එහෙව් කියවිලි ගැන නෙවෙයි මේ කියන්නෙ පොත් සහ ඒ වගේ දැනුම ගන්න පුලුවන් කියවිල්ල ගැන.
මම කෝච්චියෙ යන්න ආසයි. ඔයාලත් එහෙමනෙ. ඉතින් මම ඔහොම යද්දි දකින්නෙ අපෙ රටේ මිනිස්සු කරන වැඩ. ගොඩක් අය නිදි. සමහරු පත්තරෙ බලනවා. වඩේ කනවා. ඉතින් මම දකිනවා සුද්දො එහෙමත් නැත්නම් ෆොරිනර්ස්ලා ඔය කොච්චියෙම යනවා. එත් උන් හැමතිස්සෙම පොතක් කියවනවා. ඒව අනුන්ගෙ විස්තර තියෙන පත්තර නම් නෙවෙයි. ඒක තමයි වෙනස. උන් දැනුම සොයා ගැනීමට ඇති ආශාව.
ගොඩාක් වැඩ අස්සෙ පොඩි නිවාඩුවක් හම්බෙලා මම මීගමුවේ හොටෙල් එකකට ගියා දවසක් නවතින්න. ඒකෙ වැඩිපුරම හිටියෙ සුදු ඇත්තො තමයි. මම නම් ගියෙ හොදට කාලා බීල නටලා පීනල එන්න. එහෙම තමයි උනෙත්. හැබයි මම අර සුද්දො මොකද කරන්නෙ කියලත් බැලුවා. එතන හිටපු ගොඩාක් අය ඇවිත් කලේ නිවඩුවෙ ඉන්න ගමන් පොතක් කියවපු එක. පූල් එක ලගත් පොත් බලනව. ඒ අය දියුනු වෙන්න එක හෙතුවක් වෙන්නෙ ඔවුන්ගේ ඇති නව දැනුම සොයා යෑමේ ඇති අශාව කියල මට හිතුන.
මම නිවාඩු දවසට කොහොමහරි වෙලාවක් හොයගන්නෙ පොතක් බලන්න. ඒත් අනිත් අය කාලය කන විදිය දැක්කාම මට මාර දුකයි. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න මෙච්චර අමාරු ඇයි. හේතුව ඔවුන්ගේ දැනුම අලුත් නොවීම නොවේද. කියවීමට කාලය යොදවමු. හරවත් දේ ලියමු. නව සොයා ගැනීම් අත් හදා බලමු. වෙනස් වෙමු.
mata kiyanta thiyena de uba kiyala iwarai..thanks macho..honda lipiyak..
ReplyDelete