Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

Monday, March 22, 2010

චූටි කතාවක්

අපි නිතර යන එන කැම්පස් එක මට හොදට පුරුදුයි.
මම ඕකට වැඩියෙන්ම යන්නෙ පිස්සෙක් වගේ තමයි ...ඉතින් අවුරුදු 2ක්ම මෙහෙම ආවා.
දවසක් මම ground එක ලඟ ඉදන් ඈත බල බල ඉද්දි මගෙ ඇස් දිහා කව්දෝ බලන් ඉන්නවා
වගේ දැක්කා.කව්දෝ න0ගියෙක් මම බලද්දිම බිම බලාගත්තා.
මගෙ ඇස් දෙකත් එතන නතර වුනා වගේ තේරුනා. ඇත්තමයි එයා
හරිම ලස්සනයි.බලන් ඉන්න ආසයි. ඊට පස්සෙ දවස් ගානක් මම එය දිහා බලන් හිටියා.


එයා දිහා බලන් ඉද්දි හිතට දැනෙන්නෙ හරි පුදුම ලෙන්ගතු කමක් ඒක මට වචන
වලින් කියන්න තේරෙන්නෙ නැහැ.

දවස්...සති.. මාස ගෙවිලා ගියා.

දවසක් මම කැම්පස් එක මැද්දෙන් එද්දි එයා  ඇත ඉඳගෙන ඉන්නවා මම දැක්කා.
එක පාරටම මාව දැකලා අහින්සක දෙතොල් වලින් බිම බලාගෙන යන්තමින් හිනා වුනා.


මගේ හිතේ මල් පිපුනෙ හග්ගල මල් වත්තෙ වගේ...ටිකක් ඇතින් හිටපු තවත් කෙනෙක් එයාට කතාකලා...මම පරක්කු වැඩියි.
මම අසරණ වුනා. පපුව කඩාගෙන බිමට වැටුනා. මම පාඩුවෙ බෝඩිමට ගියා..