Saturday, March 6, 2010

බිදුණු පෙම

සිහින් නෙතු පිය අතර
දියවෙලා ඇද හැලෙන
කදුලු බිදු වල රැදෙන
උණුසුමයි මේ දැනෙන

සිහින ලෝකයෙ තනිවෙලා
අතීතයෙ විදි ප්‍රේම විජිතය
මතක් වෙන හැම මොහොතකම මට
දැනෙයි උනුසුම රැදුණු නුඹ ලඟ

සරසවි බිමේ ... අපි පෙම් කලා...
අත් වැල් බැඳන් ඇවිදන් ගියා..
කම්මුල් දිගේ කදුළැල් ගලා...
ඒ සුවඳ නුඹ අරගෙන ගියා...

හිත පුරා ආදරෙ අරන්..
දෝත පුරා ඒ සුවඳ අරන්..
ඔබ අයෙත් එන්න ..
අත්වැල් බැඳන් අපි අවිදිමු..
යලි හිනැහෙමු...
අපේ ලෝකයේ......

No comments:

Post a Comment

හිතෙන දෙයක් කොටල යන්න ....